එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල (UNHCR) 51 වන නිත්‍ය සැසිවාරය අද (12) ජිනීවා හි දී ආරම්භ වීමට නියමිත යි.
දැනට වැඩබලන මහ කොමසාරිස් ලෙස සේවය කරන මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල්-නෂීෆ් (Nada Al-Nashif), එරට වේලාවෙන් අද උදෑසන මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
වසර 4ක කාලයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය ලෙස මිෂෙල් බැෂෙලේ කටයුතු කළ අතර අගෝ. 31 වන දා ඇය තම නිල කාලය අවසන් කළා.
මෙවර සැසියේදී ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳව සභාව වෙන ම අන්තර්ක්‍රියාකාරී සංවාද පැවැත් වීමට නියමිත බවයි කියන්නේ.
ආරම්භක අද දිනයේදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇති 46/1 යෝජනාවට අදාළ ප්‍රගතිය ඇතුළුව මෙරට මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කිරීම, වාර්තා කිරීම, ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳ පුළුල් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.
සැප්තැම්බර් 13 සහ 14 යන දිනවල පැවැත්වෙන පොදු විවාදයේ දී මහ කොමසාරිස්වරයාගේ යාවත්කාලීන කිරීම් සහ ඉදිරිපත් කරන ලද අනෙකුත් වාර්තාවලට ප්‍රතිචාර දැක්වීමට ඒ ඒ රටවල්වලට අවස්ථාව ලැබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල (UNHCR) 51 වන නිත්‍ය සැසිවාරය අද (12) ජිනීවා හි දී ආරම්භ වීමට නියමිත යි. සැසිවාරය අද සිට ඔක්තෝබර් 7 වන දා දක්වා පැවැත්වෙනවා.