• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව දාලා ගිය සුනිල් පෙරේරාගේ පුතා ගයාන් යළි කරළියට ඇවිත්!

February 10, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ලංකාව දාලා ගිය සුනිල් පෙරේරාගේ පුතා ගයාන් යළි කරළියට ඇවිත්!
Share on WhatsAppShare on Facebook

අපේ රටේ කණ්ඩායම් සංගීතය උඩු යටිකුරු කරපු දක්ෂයෙක් විදියට සුනිල් පෙරේරා කියන නම අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. ඔහු ගායනා කළ ගීතවලින් බොහෝ විට අහන්න ලැබුණේ සමාජයේ යම් යම් දුර්වල තැන් ගැන සිදුකරන උපහාසාත්මක විවේචනයන්. ඒ වගේම ඕනෑම තැනක නොබියව අදහස් පළකරන එකත් සුනිල් පෙර්රා තුළින් දක්නට ලැබුණා. මීට මාස කිහිපයකට කලින් ඔහු අපෙන් සමුගත්තේ ලංකාවේ කණ්ඩායම් සංගීතයට, ගායන ක්ෂේත්‍රයට පමණක් නෙවෙයි වෙළෙඳ දැන්වීම් කලාවටත් නැවත පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කරමින්. ඒ සුවිශේෂ මිනිසාගේ සෙවණේ හැදී වැඩෙමින් ගීත ගායනයට, සංගීත අධ්‍යක්ෂණයට පිවිසුණු ගයාන් පෙරේරා කියන්නේ සුනිල් පෙරේරාගේ බාල පුත්‍රයා. වසර ගණනාවක් ඇමෙරිකාවේ සංගීතය හදාරමින් සිටි ඔහු මීට දින කිහිපයකට කලින් ලංකාවට පැමිණෙනවා. තාත්තා වගේම කෙළින් කතා කරන, නිහතමානී චරිතයක් වුණු ගයානුත් වෙනස්ම සංගීත රටාවක් නියෝජනය කරන දක්ෂ සංගීත ශිල්පියෙක් බව ඔහු මෙතෙක් නිර්මාණය කළ ගීත දෙස බැලීමේදී පැහැදිලි වෙනවා. ඉතින් මේ කතාබහ ගයාන් පෙරේරා එක්ක. Ashen Senarathna යූටියුබ් නාලිකාවෙන් උපුටාගත්තු මේ සාකච්ඡාවෙදි ගයාන් තම ඉදිරි සංගීත කටයුතු ගැන අපූරු තොරතුරු රැසක් හෙළිකරනවා. කියවා බලන්න, මේ ඔහුගේ කතාව.

කාලයක් පේන්න හිටපු නැති, නමුත් අපේ රටේ මිනිස්සු ගොඩක් ආදරය කරන වයසට ගියත් ඒ වගේම පෙනුම තියෙන ඒ වගේම සතුටෙන් ජීවත් වෙන පුද්ගලයෙක් තමයි ගයාන්. මොකක්ද ඔබ නැවත ලංකාවට එන්න හේතුව?
තාත්තා නැතිවුණා පහුගිය සැත්තැම්බර් මාසෙ. මම යූ.එස්.වල හිටියෙ එතකොට. ඒ වෙද්දි මගේ තිබුණේ වෙන ප්ලෑන් එකක්. මං ලංකාවට ඇවිත් මළ ගෙදර වැඩ කටයුතු කළා. මම හිතුවා ඒ වෙලාවෙ ගෙදර කට්ටියත් එක්ක ඉන්න එක ඇත්තටම සෑහෙන වටිනවා කියලා. මොකද අම්මගෙ මානසික මට්ටම ගැනත් කල්පනා කරලා. ඊට පස්සේ මම එක පාරම තීරණයකට ආවා ඇමෙරිකාව දාලා ලංකාවට එනවා කියලා. එහෙ මගෙ සිටිසන් ෂිප් එකේ වැඩ වගයක් තිබුණා. ඒ ටිකත් කරගෙන මගේ එහෙ ස්ටුඩියෝ එකේ තිබුණු බඩුත් අරගෙන ලංකාවට ආවා. දැන් දිගටම ලංකාවෙ තමයි.

ඔබ ලංකාවෙදි ‘ඩැඩී’ බෑන්ඩ් එකත් එක්ක හිටියේ. ඒකෙන් අයින් වෙලා රට ගියේ කලකිරීමක් නිසාද?
නෑ. මට කම්මැලි හිතුණා. බෑන්ඩ් එක දිගින් දිගටම සින්දු කරනවා, සින්දු රිලීස් කරනවා, ඊට පස්සේ මොකක් හරි ඉවෙන්ට් එකක ප්ලේ කරනවා. ඒක ඒකාකාරීයි. ඒත් එක්කම ඒ දවස්වල බෑන්ඩ් එකෙත් තිබුණා පොඩි ඝට්ටනයක්.

‘ඩැඩී’ බෑන්ඩ් එකේ අයිතිකාරයා ඔයාද?
නෑ. අයිතිකාරයෙක් කියලා කෙනෙක් හිටියෙ නෑ. අපි ඔක්කොම එකතු වෙලා ඒක පටන් ගත්තේ. මම තමයි මූලිකත්වය අරගෙන වැඩේ කළේ. මට වැරැදුණු තැන් දෙක තුනක් තිබුණා. අපි පටන්ගනිද්දි අපට වයස අවුරුදු 17ක් 18ක් විතර ඇති. ඒ කාලෙ කිසි වේට් එකක් නෑ, අපිට බිල් ගෙවන්න නෑ, පීඩනයක් නෑ. නමුත් ටිකක් කල් යද්දි කට්ටිය කසාද බැඳලා එහෙම ප්‍රෙෂර් එක දැනෙන්න ගත්තා. එතකොට බෑන්ඩ් එකේ කට්ටිය කියන්න ගත්තා අපට ස්ථිර ආදායමක් තියෙන්න ඕනෙ කියලා. ඒ කතාව ඇත්ත. නමුත් මට ඒක ඒ වෙලාවෙ තේරුණේ නෑ. මොකද මම හැදිලා තියෙන පරිසරය අනුව. මොකද මම බැඳලා නෑ, මට ආර්ථික ප්‍රශ්න නෑ, මම සැපට හැදිච්ච කොල්ලෙක් නෙ. ඒ හින්දා ඇත්ත ලෝකෙ දේවල් මට තේරුණේ නෑ. මට ගෙදරින් කන්න බොන්න හැම දේම ලැබුණා. නමුත් බෑන්ඩ් එකේ අය කිව්වේ අපි ෂෝස් ටිකක් ගහමු, වෙඩින්වල ප්ලේ කරමු කියලා. නමුත් මම ඒකට කැමැති වුණේ නැහැ. වෙඩින්වල ප්ලේ කරන්න මම කැමැති නැහැ. මට ඕනෙ වුණේ අපේ ඔරිජිනල් සින්දු කරලා කොන්සර්ට් ප්ලේ කරන්න. ඉතින් මගේ අදහස් සහ බෑන්ඩ් එකේ අයගෙ අදහස් සෙට් වුණේ නෑ. මම කල්පනා කළා ලංකාවෙන් පිට ගිහින් බලන්න ඕනෙ කියලා. මම තාත්තට කිව්වා මට රට යන්න ඕනෙ කියලා. තාත්තා ඒකට අවශ්‍ය දේවල් හදලා දුන්නා.

ඔබ එහෙම ගියාට පස්සේ මිනිසුන්ගෙ තිබුණු ආදරය, සැලකිල්ල ගැන දැනුණෙ නැද්ද?
නෑ, මට එහෙම එකක් තිබුණෙ නෑ. හම්බවෙන හැමෝම මට කිව්වා ආයෙත් ලංකාවට ගිහින් බෑන්ඩ් එක කරන්න කියලා. නමුත් මට ඕනෙ වුණේ කොහොම හරි ග්ලෝබල් මියුසික් ඉන්ඩස්ටි්‍ර එකට සම්බන්ධ වෙන්න. කොහොමද අපි ඇමෙරිකාවෙ සින්දුවක් නිර්මාණය කරන්නෙ, අපි මොන වගේ මට්ටමක ඉන්න ඕනෙද කියන එක දැනගන්න මට ඕනෙ වුණා. ඒක සෑහෙන්න අමාරු වැඩක් ඇත්තටම.

ඔබට අවුරුදු කීයක් ගතවුණාද ඇමෙරිකාවෙ ජීවිතේට 100%ක් හුරුවෙන්න?
අවුරුදු 4ක් විතර ගියා. මම එහෙදි සෝෂල් මීඩියාවලින් අයින් වෙලා, තනියම උයාගෙන කාලා, රෙදි හෝදගෙන, රෙන්ට් එක ගෙවාගෙන, බිල් ගෙවාගෙන තනියම ජීවත් වෙන්න පටන්ගත්තා. එතකොට තමයි මට තේරුණේ ලංකාවෙ බෑන්ඩ් එකේ කට්ටිය කියපු කතාව හරි කියලා. ස්ථිර ආදායමක් තියෙන්න ඕනෙ කියන එක ගැන. මට තේරුණා ඒ දවස්වල මගේ අතින් බෑන්ඩ් එකේ මැනේජ්මන්ට් අවුලක් වෙලා තියෙනව කියලා.

ඒක තේරෙද්දි හිතුණෙ නැද්ද ඔබ දැන් පරක්කු වැඩියි කියලා?
මම එහෙම හිතුවෙ නෑ. 2016දි විතර මම බෑන්ඩ් එකේ අයට කතා කළා. කතා කරලා කිව්වා ‘මචං සමාවෙන්න මගේ අතින් ඒ දවස්වල මොකක් හරි වරදක් වුණා නම්’ කියලා. මට ඕනෙ වුණේ තනි පුද්ගලයෙක් විදියට ඉස්සරහට යන්න. මම ඇමෙරිකාවට ගිය එකෙන් ඒක ගොඩක් හදාගත්තා.

ඔබ ඩැඩී බෑන්ඩ් එකත් එක්ක තරහ වෙලා නෙවෙයිනෙ ගියේ?
නෑ. ඒ අයත් එක්ක මම තවමත් හිතවත්. ඉස්සරහට අපි ආයෙත් මොනව හරි වැඩ ටිකක් කරයි. බොරු කියන්න ඕනෙ නෑ අපි අතර තිබුණා පොඩි ඝට්ටනයක්. ඒ දවස්වල අපට තේරුමක් තිබුණෙ නෑ. නමුත් දැන් තේරෙනවා. අපි පහුගිය දවසක ඩිනර් එකකදි මුණ ගැහුණා. එතැනදි කතාබහ කරලා තිබුණු පොඩි හිත් අමනාපකම් ඔක්කොම නිරාකරණය කරගත්තා.

තාත්තා අහිමි වීම ඔබට කොහොමද බලපෑවෙ?
ගායකයෙක් විදියට නෙවෙයි, මනුස්සයෙක් විදියටයි මට ඔහුව දැනෙන්නේ. හරිම හොඳ පුද්ගලයෙක් මගේ තාත්තා. හොඳ වැඩි නිසා තමයි තාත්තට වැරැදිලා තියෙන්නේ. ඔහු වැඩකරපු ක්‍රමයක් තිබුණා. තාත්තගෙ ප්‍රතිපත්තිවලින් පිට යන්නෙම නෑ. සින්දුවලට කර්තෘභාගය ගෙවන එක මැරෙනකල්ම කළා.

අවුරුදු ගානකින් පස්සේ ඔබ ලංකාවට එද්දි තාත්තා මේ ලෝකෙ නෑ. ඒක කොහොමද දැනෙන්නේ?
ජීවිතය හා මරණය කියන තැනදි මම කොහොමත් ඔළුව හදාගෙන ඉන්නේ. තාත්තා කියලා වෙනසක් නෑ. මොකද අපි ඕනෙ කෙනකුට ඕනෙ වෙලාවක මරණය කියන දේට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. තාත්තා හොඳටම ජීවත් වුණා. කාටවත් ණයත් නෑ බයත් නෑ. අපට හොඳටම සැලකුවා. අන්තිම තත්පරේ දක්වාම හොඳට සතුටින් හිටියා. හැබැයි තාත්තට එකම කනගාටුවක් තිබුණා. ඒ තමයි නංගි විවාහ වෙන වෙලාවෙ ඇයව අතින් අල්ලගෙන යන්න බැරි වෙච්ච එක.

සුනිල් පෙරේරාගෙ හිඩැස පුරවන්න ගයාන් පෙරේරාට දවසක හැකි වේවි කියලා විශ්වාසයක් තියෙනවද?
නෑ. කොහෙත්ම හිතන්නෙ නෑ. මට තාත්තගෙ අඩුව පුරවන්න බෑ.

ඔබ මොනවද ඔබේ රසිකයන්ට ඉදිරියෙදි දෙන්නේ?
බයවෙන්න එපා, සින්දු සෙට් එකක්ම ඉස්සරහට එන්න තියෙනවා. චරිත අතලගේ එක්ක කරපු සින්දුවක් තව දවස් කිහිපයකින් එළියට එනවා. ඔහුත් එක්ක කරපු තවත් සින්දු එන්න තියෙනවා.

මේ ලෝකෙ වැඩිපුරම ඔබ ආදරය කරන චරිතය කවුද?
අම්මා. අම්මා මට ගොඩක් කිට්ටුයි.

සංගීත ක්ෂේත්‍රය අතහැරලා ඊට වඩා කෝටි ගානක් හම්බ කරන්න පුළුවන් වෙනත් ක්ෂේත්‍රයකට යන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ යනවද?
නෑ, සල්ලියි, මියුසික් අතර නම් ඔබ කියන තීරණය ගන්න තියෙන්නේ කවදාවත් මියුසික් දාලා යන්නෙ නෑ.

ලෝකෙ ඉන්න දැවැන්තම සුපිරි නිළියක් විවාහ කරගන්න ලැබුණොත් මොකද කරන්නේ?
අනිවාර්යයෙන්ම විවාහ වෙනවා.

සටහන චානක ලියනගේ

SendShareShare
Previous Post

පාකිස්තාන සමාජ ක්‍රියාකාරිකයකු ඝාතනය කරයි!

Next Post

ජන්දයක් තියන්න එපා කියලා ඇයි මේ චම්පික කියන්නේ..! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.