• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගණේමුල්ල සංජීවට ගේම දීලා තියෙන්නේ කෝටි එකහමාරක කොන්ත්‍රාත්තුවකට! මාස්ටර් ප්ලෑන් එක ගහලා තියෙන්නේ කෙහෙල්බද්දර පද්මේ-කමාන්ඩෝ සලින්ද-බටු­වත්තේ චාමර-ජාඇල ජූඩ්-කෙසෙ­ල්වත්තේ දිනුක! I Sri Lanka Latest News

February 20, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
උසාවිය ඇතුළේ නීතීඥවරයෙක් වගේ ඇවිත් ගණේමුල්ලේ සංජීවට වෙඩි තිබ්බ සැකකරු හඳුනාගනී! අධිආරක්ෂක කලාපයක් ඇතුළේ වෙඩි තියලා කිසි ප්‍රශ්නයක් නැතිව බේරිලා ගියේ කොහොමද? කෝ ආරක්ෂාව? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ අංක 05 අධි­ක­රණ ශාලාව තුළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා නඩු විභාග කට­යු­තු­වල නිර­තව සිටි­යදී විත්ති කූඩුවේ සිටි මත්කුඩු ජාවා­රමේ නිරත පාතා­ලයේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වකු වන සංජීව කුමාර සම­ර­රත්න නොහොත්  මාකි­ලං­ග­මුවේ සංජී­වට (ගණේ­මුල්ලේ සංජීව) වෙඩි තබා ඝාත­නය කර පලා යමින් සිටි නීතිඥ වෙස් ගත් වෙඩි­ක්කරු වෙඩි ප්‍රහා­රය සිදුව පැය 08ක් වැනි කාල­යක් තුළ අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලිස් විශේෂ කාර්ය බළ­කාය සමත්ව ඇත.Sri Lanka Latest News

කල්පි­ටි­යෙන් බෝට්ටු­වක වෙඩි­ක්කරු නැඟී රටින් පලා යෑමේ සූදා­න­මින් ගමන් කර­මින් සිටින බවට පොලී­සි­යට ලද තොර­තුරු මත සිදු කළ විශේෂ සෝදි­සි­ය­කදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළ­කා­යට හසු වී තිබේ.

මොහො­මඩ් අස්මාන් සෙරි­ෆ්ඩීන් නමැති 34 හැවි­රිදි වියේ පසු­වන මෙම වෙඩි­ක්කරු වෑන් රථ­යක නැඟී ගමන් කර­මින් සිටි­යදී පොලිස් විශේෂ කාර්ය බළ­කා­යට හසු වී ඇත්තේ පුත්ත­ලම පාල­විය ප්‍රදේ­ශ­යේ­දීය. මෙම සැක­කරු කුලී ඝාත­ක­යකු බව­ටත් යුද හමු­දාවේ  සෙබ­ළකු බව­ටත් තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ. බුද්ධි අංශ­ව­ලට සම්බ­න්ධ­වත් ඔහු කට­යුතු කර ඇති බවට තොර­තුරු ද විම­ර්ශන නිල­ධා­රීන්ට ලැබී ඇත. ඒ සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් විම­ර්ශන පැවැ­ත්වෙන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

අධි­ක­ර­ණය තුළ සිදුවූ මෙම ඝාත­නය ඔහු විසින් කර ඇත්තේ රුපි­යල් ලක්ෂ 150ක කොන්ත්‍රා­ත්තු­ව­කට බව හෙළි වී ඇත. එම කොන්ත්‍රාත් මුද­ලින් ඔහුට ලැබී ඇත්තේ රුපි­යල් ලක්ෂ 02ක පමණ මුද­ලක් බව ද අනා­ව­ර­ණය වේ.

මෙම ඝාතන කොන්ත්‍රා­ත්තුව ඔහුට ලැබී ඇත්තේ ඩුබා­යිහි රැඳී සිටින ප්‍රබල පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වකු වන කෙහෙ­ල්බ­ද්දර පද්මේ නමැ­ත්තාගේ සමී­ප­ත­ම­යකු මඟින් බවට ද තොර­තුරු විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. දැඩිව අයිස් මත්ද්‍රව්‍ය භාවි­ත­යට ඇබ්බැහි වී සිටි­න්නකු වන සැක­කරු ඒ සඳහා මුදල් සොයා ගැනී­මට කොන්ත්‍රාත් මිනිස් ඝාත­න­ව­ලද නිරත වී ඇති බව ද සඳ­හන්ය.

ගල්කිස්ස වට­ර­ප්පල පාරේදී පසු­ගිය ජන­වාරි 07 වැනිදා පුද්ග­ල­යකු ඝාත­නය කර­මින් තවත් අය­කුට තුවාල ගෙන­දුන් අබි­ර­හස් ඝාත­කයා ඔහු බවට තොර­තුරු ද අනා­ව­ර­ණය වී ඇත. එම ඝාත­නය ඇතුළු ඝාතන 05කට ඔහු සම්බන්ධ බවට ද කරුණු හෙළි වී තිබේ.  සීදූව ලිය­න­ගේ­මු­ල්ලේදී පසු­ගිය වසරේ දෙසැ­ම්බර් 28 වැනිදා ව්‍යාපා­රික පවු­ලක පියාත් දරු­වන් දෙදෙ­නාත් වෙඩි තබා ව්‍යාපා­රික  පියාත් ව්‍යාපා­රික පුතාත් ඝාත­නය කිරී­මට මෙම සැක­ක­රුගේ සම්බ­න්ධ­යක් ඇතැයි ද පොලී­සිය විශ්වාස කරයි. ඒ සම්බ­න්ධ­යෙන් ද ඊයේ රාත්‍රියේ ඔහු­ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර­මින් සිටි­යේය.

අධි­ක­ර­ණයේ සිදුවූ වෙඩි තැබී­මෙන් පසු පුත්ත­ලම පාල­වියේ පිහිටි පොලිස් විශේෂ කාර්ය බළ­කායේ ක්ෂණික මාර්ග බාධක පොලිස් මුර­පො­ළ­කදී වෑන් රථය පරී­ක්ෂා­වට ලක් කරන විට සැක­කරු නීති­ඥ­ව­ර­යකු බව පව­ස­මින් නීතිඥ හැඳු­නු­ම්ප­තක් ද පෙන්වා විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන්ගේ පරී­ක්ෂා­ව­ලින් මඟ­හැර යෑමට උත්සා­හ­යක ද නිරත වී ඇත.

එහිදී ඔහුගේ හැසි­රීම ගැන සැක සිතී විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන් තමන්ගේ ජංගම දුර­ක­තන වෙත ලැබී තිබුණු අධි­ක­ර­ණයේ වෙඩි තැබූ සැක­ක­රුගේ ඡායා­රූ­පය හා වෑන් රථයේ සිටි නීත­ඥ­ව­ර­යකු බව කී පුද්ග­ල­යාගේ රූපය පරී­ක්ෂා­වට ලක්කර තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ එම රූපය සමඟ වෑන් රථයේ සිටින නීති­ඥ­ව­ර­යකු ලෙස හඳුන්වා දුන් පුද්ග­ල­යාගේ රුව ගැළ­පෙන බවය. අන­තු­රුව තවත් පරීක්ෂා කිරීම් කිහි­ප­ය­කින් පසු ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කර ඇත්තේ වෑන් රථයේ රියැ­දුරු ද සම­ඟිනි.

අලු­ත්කඩේ අධි­ක­ර­ණය තුළ සිදුවූ ඝාත­න­යට කාන්තා­වක ද ඔහුට හවුල් වී ඇත. එම කාන්තාව නීති­ඥ­ව­රි­යක ලෙස අධි­ක­රණ සංකී­ර්ණ­යට සුදු සහ කළු පැහැති සාරි­ය­කින් සැරසී පැමිණ ඇත. ගිනි අවිය අධි­ක­රණ භූමි­යට රැගෙ­න­විත් ඇත්තේ එම කාන්තාව විසිනි. ඇය මීග­මුව කටු­වැ­ල්ලේ­ගම පාරේ පදිං­චි­කා­රි­යක වන පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැ­ත්තිය බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇතැයි පොලී­සිය කියයි. ඇය මත්කුඩු ජාවා­ර­මට සම්බන්ධ තැනැ­ත්ති­යක බව අනා­ව­ර­ණය වී තිබේ. ඇය අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඊයේ රාත්‍රියේ විශේෂ මෙහෙ­යු­මක් ද පොලී­සිය දියත් කර තිබිණි. සීදූවේ වෙඩි තැබී­මට කාන්තා­වක ද වෙඩි­ක්ක­රු­වන් සමඟ පැමිණි බවට තොර­තුරු කියැ­වෙ­න්නට වූ බැවින් එම කාන්තාව මෙම කාන්තා­ව­දැයි සැක­යක් පව­තින බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මෙම කාන්තාව නීති­ඥ­ව­රි­යක ලෙස හැඟී යන ආකා­ර­යට අධි­ක­රණ භූමි­යට පැමිණ ඇත්තේ වෙඩි තැබූ රිවෝ­ල්ව­රය දණ්ඩ නීති සංග්‍ර­මයේ පිට­ප­තක සඟ­වා­ගෙ­නය. එම පොතේ පිටු ගිනි අවිය සැඟ­වී­මට හැකි ආකා­ර­යට කපා එය ඒ තුළ සඟ­වා­ගෙන අධි­ක­රණ පරි­ශ්‍ර­යට පැමිණ ඇති බව ද අනා­ව­ර­ණය වී තිබේ. ඇය එම පොතට අම­ත­රව ලිපි­ගොනු රැසක් ද අතේ රඳ­වා­ගෙන පැමිණ ඇති ආකා­රය ආර­ක්ෂක කැම­රා­ව­ලද සට­හන්ව තිබී ඇත. ගිනි අවිය රැඳවූ එම පොත නීති­ඥ­ව­රුන් රැඳී සිටින කාම­රයේ තිබී නීති­ඥ­ව­රුන් පිරි­ස­කට හමුවී තිබිණි. එම පොත පොලී­සි­යට එම නීති­ඥ­ව­රුන් විසින් භාර­දී­මට කට­යුතු කර තිබිණි. ආර­ක්ෂක කැමරා නිරී­ක්ෂ­ණ­යේදී පෙනී ගොස් ඇත්තේ ගිනි අවිය වෙඩි­ක්කරු අතට පත්ව තිබෙන්නේ අධි­ක­රණ පරි­ශ්‍රයේ වැසි­කි­ළිය අස­ලදී බව ද පෙනී­ගොස් ඇත.

මත්කුඩු ජාවා­රමේ නිරත ගම්පහ පාතා­ලයේ ප්‍රබ­ල­යකු වන කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් පිරි­සක් එක්ව කළ සැල­සු­ම­කට අනුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් ඊට කමාන්ඩෝ සලින්ද, බටු­වත්තේ චාමර, ජා-ඇල ජූඩ්, කෙසෙ­ල්වත්තේ දිනුක සිටින බවට සැක­ක­රන තොර­තුරු ද බුද්ධි අංශ වෙත ලැබී තිබේ. ඒ සම්බ­න්ධ­න්ධ­යෙන් විම­ර්ශන මේ වන විටත් සිදු­වෙ­මින් ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­ගෙන් කරනු ලබන ප්‍රශ්න කිරී­ම්ව­ලදී ද ඒ සම්බ­න්ධ­යෙන් වැද­ගත් තොර­තුරු රැසක් අනා­ව­ර­ණය වන බව පොලිස් ආරංචි මාර්ග අනා­ව­ර­ණය කළේය.

අධි­ක­රණ ශාලාව තුළ නීති­ඥ­ව­රුන් අසුන් ගන්නා ස්ථානයේ අසු­න්ගෙන සිටි වෙඩි­ක්කරු සංජී­වගේ නඩුව විභා­ග­යට ගනි­මින් තිබි­යදී ඔහු රැඳී සිටි ස්ථාන­යෙන් නැඟිට විත්ති කූඩුව අස­ලට ප්‍රශ්න ඇසී­මට නීති­ඥ­වරු යන ආකා­ර­යට ගොස් එක­ව­රම වෙඩි තබා ඇති බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. වෙඩි පහක් සංජීව වෙත එල්ල­කර ඇති බවත්  වෙඩි වැදී ඇත්තේ පපු ප්‍රදේ­ශ­යට බවත් සඳ­හන්ය.

අධි­ක­රණ පරි­ශ්‍ර­යට මුලින්ම පැමිණ ඇත්තේ නීතිඥ වෙස් ගත් කාන්තාව බව ආර­ක්ෂක කැමරා නිරී­ක්ෂ­ණ­යේදී පෙනී ගොස් ඇත.

නීතිඥ වෙස් ගත් වෙඩි­ක්කරු අධි­ක­රණ පරි­ශ්‍ර­යට පැමිණ ඇත්තේ ලිපි­ක­ව­ර­යක් පම­ණක් අතින් ගෙන බව ද විම­ර්ශ­න­යේදී පෙනී ගොස් තිබේ. නීතිඥ වෙස් ගත් කාන්තාව අධි­ක­රණ පරි­ශ්‍රය තුළට නිරු­ප­ද්‍රි­තව ඇතුළු වීමෙන් පසු වෙඩි­ක්කරු ඇතුළු වී ඇති බව ද විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.

ගිනි අවිය වෙඩි­ක්ක­රුට දීමෙන් අන­තු­රුව වෙඩි ප්‍රහා­රය එල්ල කිරී­මට පෙර නීතිඥ වෙස් ගත් කාන්තාව අධි­ක­රණ පරි­ශ්‍ර­යෙන් පිට­ව­ගොස් ඇති බවට සැක­ක­රන තොර­තුරු ද ලැබී ඇත. වෙඩි තැබී­මෙන් අන­තු­රුව වෙඩි තැබී­මට යොදා­ගත් 0.38 වර්ගයේ  රිවෝ­ල්ව­රය විත්ති කූඩුව අස­ලට වීසි කර දමා විත්ති කූඩුව ආස­න්නයේ ඇති දොර­කින් වෙඩි­ක්කරු පලා ගොස් තිබේ. ඔහු පලා ගොස් ඇත්තේ ද අධි­ක­ර­ණයේ පඩි­පෙළේ සිටි පිරිස් ද පෙර­ළා­ගෙන “අන්න ගණේ­මුල්ල සංජීව පැන්නා. වෙඩි තිය­නවා. වෙඩි තිය­නවා.” යනු­වෙන් පව­ස­මිනි. එහිදී අධි­ක­රණ පරි­ශ්‍රයේ රැඳී සිටි පිරිස්ද කල­බල කරවා එම පිරිස් අත­රින් රිංගා පලා­ගොස් ඇති බව  විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ. සැක­ක­රු­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී ඔහු පවසා ඇත්තේ තමා අධි­ක­ර­ණයේ ප්‍රධාන දොර­ටු­වෙන් පිටව ගිය බවය. ඒ සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් විම­ර්ශන පැවැ­ත්වෙන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මෙම ඝාතන සැල­සුම දීර්ඝ ලෙස අධ්‍ය­ය­න­යක නිර­තව සිදු කර ඇති බවත් වෙඩි­ක්කරු අවස්ථා කිහි­ප­ය­ක­දීම අධි­ක­රණ පරි­ශ්‍ර­යට පැමිණ කරුණු අධ්‍ය­ය­නය කර ඇතැයි පෙනී යන බවත් එම නිල­ධා­රියා කීය.

මෙම ඝාතන විම­ර්ශන සඳහා කණ්ඩා­යම් 05ක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී නීති­වේදී බුද්ධික මන­තුංග මහතා සඳ­හන් කළේය. කොළඹ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ඉන්දික ලොකු­හෙට්ටි මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ප්‍රධාන විම­ර්ශ­නය සිදු­වන බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. ඉදි­රි­යේදී විම­ර්ශන කට­යුතු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර­දී­මට වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­ර­යාගේ අව­ධා­නය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා පැව­සීය.

සැක­කාර කාන්තා­වට ද රටින් පලා යෑමට නොහැකි වන ලෙස අවශ්‍ය ආර­ක්ෂක පිය­වර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නීති­වේදී බුද්ධික මන­තුංග මහතා සඳ­හන් කළේය.

පාතාල කල්ලි අතර ඇති ගැටුම් හේතු­වෙන් ජීවිත තර්ජ­න­ය­කට ලක්ව සිටි සංජීව බන්ධ­නා­ග­රයේ සිට අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට රැගෙන එන්නේ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ ආර­ක්ෂා­වක් සහි­ත­වය. බොහෝ අව­ස්ථා­ව­ලදී නඩු විභා­ග­යක් පැවැ­ත්වෙන විට ඔහු බන්ධ­නා­ගා­රයේ සිට ස්කයිප් තාක්ෂ­ණය ඔස්සේ ඉදි­රි­පත් කර තිබිණි. අත්‍ය­වශ්‍ය විශේෂ කාර­ණා­ව­කදී හැරු­ණු­කොට ඔහුව බූස්සේ සිට අධි­ක­ර­ණය වෙත රැගෙන ඒමට කට­යුතු කළත් ඊයේ දින­යේදී ද ස්කයිප් ඔස්සේ නඩු විභා­ගය අධි­ක­රණ ශාලා 05 පැවැ­ත්වී­මට නිය­මි­තව තිබී ඇත. එහෙත් අංක 09 අධි­ක­රණ ශාලාවේ විභාග වන නඩු­වක් සඳහා ඔහුව ඊයේ අධි­ක­ර­ණ­යට ගෙන ඒමට සිදුව තිබී ඇත. ඒ අනුව ඊයේ සන්නද්ධ ආර­ක්ෂ­ක­යන් 12 දෙන­කුගේ ආර­ක්ෂා­වක් සහි­තව අලු­ත්කඩේ අධි­ක­ර­ණය වෙත රැගෙන ඒමට බන්ධ­නා­ගාර බල­ධා­රීන් කට­යුතු කර තිබිණි. එහෙත් ඊයේ දින 09 අධි­ක­ර­ණයේ මහේ­ස්ත්‍රා­ත්ව­රයා නොසිටි බැවින් 05 අධි­ක­ර­ණයේ නඩු­වට ද ඔහුව යොමු කර තිබේ. ඔහුට ඊයේ දිනයේ අංක 05 අධි­ක­ර­ණය තුළ නඩු 03ක් විභාග වීමට තිබී ඇත.

ඊයේ පෙර­වරු 9.45ට පමණ අති­රේක මහේ­ස්ත්‍රාත් පවිත්‍රා සංජී­වනී පති­රණ මහ­ත්මිය අධි­ක­රණ කට­යුතු ආරම්භ කිරී­මෙන් අන­තු­රුව සැක­කාර ගණේ­මුල්ලේ සංජීව නමැ­ත්තාගේ නඩු පළ­මුව කැඳ­වී­මට කට­යුතු කළාය.

ඔහුට එරෙ­හිව අධි­ක­ර­ණය හමුවේ නඩු තුනක් විභා­ග­යට ගැනී­මට නිය­මි­තව තිබූ අතර සැක­කාර සංජීව නමැ­ත්තාගේ නඩු පළ­මුව විභා­ග­යට ගනු ලැබූ අතර සැක­කාර ගණේ­මුල්ලේ සංජීව නමැත්තා විත්ති කූඩුවේ සිට නඩු සඳහා පෙනී සිටි බව පොලී­සිය අධි­ක­ර­ණ­යට දැන්වීය. සංජී­වට එරෙ­හිව පැවැති නඩු තුනෙන් පළමු නඩුව කැඳ­වී­මෙන් අන­තු­රුව දෙවැනි නඩුව කැඳ­වී­මට සූදා­නම් වූ අව­ස්ථාවේ නීතිඥ වෙස් ගත් වෙඩි­ක්කරු සිය ඉණෙහි සඟ­වා­ගෙන සිටි ගිනි අවිය එක­වර පිට­තට ගෙන එක­පිට එක වෙඩි තබා තිබිණි.

වෙඩි ප්‍රහා­ර­යට ලක් වූ ගණේ­මුල්ලේ සංජීව නමැත්තා බර­ප­තළ තුවාල සහි­තව විත්ති කූඩුව තුළ ඇද­වැ­ටී­මෙන් අන­තු­රුව බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ හා පොලිස් නිල­ධා­රීන්ගේ මැදි­හ­ත්වීම මත කඩි­න­මින් ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතු­ළත් කරනු ලැබීය. ඒ වන විටත් ඔහු සිට ඇත්තේ මිය­ගො­සිනි.

සිද්ධි­යෙන් පසුව අධි­ක­රණ භූමිය පුරා දැඩි ආර­ක්ෂක තත්ත්ව­යක් ක්‍රියා­ත්මක කෙරුණු අතර ඒ අව­ස්ථාවේ අධි­ක­ර­ණය තුළ රැඳී සිටි කිසිදු පුද්ග­ල­ය­කුට අධි­ක­ර­ණ­යෙන් පිට­තට බැහැ­ර­වී­මට හෝ අධි­ක­ර­ණ­යෙන් පිටත රැඳී සිටි කිසිදු පුද්ග­ල­ය­කුට අධි­ක­රණ භූමි­යට ඇතුළු වීමට ආර­ක්ෂක නිල­ධා­රීන් විසින් ඉඩ ලබාදී නැත. අදාළ සිද්ධි­යෙන් මොහො­ත­කට පසු ඇඟිලි සල­කුණු  නිල­ධා­රීන් හා පොලිස් සුන­ඛ­යන් අධි­ක­රණ භූමි­යට රැගෙන ගොස් අවශ්‍ය සෝදිසි කිරීම් කට­යුතු සිදු­කළ අතර පොලිස් සුන­ඛ­යන් අධි­ක­ර­ණයේ ප්‍රධාන දොර­ටු­වෙන් පිට­තට පැමිණ ඒ ආස­න්නයේ දකුණු පස පිහිටි නීති විද්‍යා­ලය දෙසට යන අයුරු ද දක්නට ලැබිණි.

අදාළ වෙඩි තැබීම් සිද්ධි­යක් සමඟ එම අධි­ක­රණ සංකී­ර­ණයේ සියලු අධි­ක­ර­ණ­වල නඩු කට­යුතු විභා­ග­යට ගැනීම නවතා දැමුණු අතර පසුව පස්ව­රුවේ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු කට­යුතු විභා­ග­යට ගැනුණි.

අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කර, මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වට­ගල, වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහ­ත්ව­රුන් ඇතුළු පොලී­සියේ උසස් නිල­ධා­රීහු රැසක්ම අධි­ක­රණ පරි­ශ්‍රය වෙත පැමිණ සිටි­යහ.

මෙතෙක් කලක් බන්ධ­නා­ගා­ර­යට ඇතුළු වන නීති­ඥ­ව­රුන් නීති­ඥ­ව­රි­යන් පරී­ක්ෂා­වට ලක් නොකෙ­රුණු නමුත් එම වෙඩි­තැ­බීමේ සිද්ධි­යෙන් පසුව අධි­ක­රණ භූමි­යට ඇතුළු වන නීති­ඥ­ව­රුන් නීති­ඥ­ව­රි­යන් මෙන්ම සෙසු සියලු දෙනාම දැඩි පරී­ක්ෂා­වට ලක් කරන අයුරු දක්නට ලැබිණි. පොලිස් අප­රාධ ස්ථානීය පරී­ක්‍ෂණ නිල­ධා­රීන් පිරි­සක් ඊයේ සිද්ධිය සිදුවූ අංක පහ අති­රේක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත පැමිණ විම­ර්ශන කට­යුතු ආරම්භ කළහ.

දිනමිණ

SendShareShare
Previous Post

රනිල් vs අනුර! අපිට හරි සතුටුයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විනිසුරුවන්ගේ-මහජන නියෝජිතයන්ගේ-මාධ්‍යවේදීන්ගේ-ජනතාවගේ ආරක්ෂාව වහා තහවුරු කරන්න! චමුදිතට උසාවි නියෝගයකින් ලිඛිතව දීපු ආරක්ෂාවත් ඉවත් කරලා! විපක්ෂනායක සජිත් අද උදේම ආණ්ඩුවේ අවධානය යොමු කරවපු ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.