පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබේ.Sri Lanka Latest News
අද (09) උදෑසන ඒ මහතා එම කොමිසම හමුවට ගොස් ඇත්තේ, කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව බව වාර්තා වේ.
මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ඇත.
පොලිසිය විසින් නිකුත් කරන ලද කැඳවීමකට අනුව විමල් විරවංශ මෙලෙස තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ තිබේ.
ඔහු මේ වන විට තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමඟ ප්‍රකාශයක් සටහන් කරමින් සිටින බව වාර්තා වේ.










