බැසිල් රාජපක්ෂ කියන අවලස්සන ඇමරිකානුවා මේ රට විනාශ කරන බවත්, මේ රට බංකොලොත් වුණා නෙවේ බංකොලොත් කළ බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කීය.
චමුදිත සමරවික්‍රම මහතා සමග සංවාදයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මේ ඩොලර් අර්බුදයට වගකිව යුත්තේ මුදල් ඇමති බව කී ඒ මහතා මහින්ද රාජපක්ෂ අද අවලංගු කාසියක් වී ඇති බවත්, රට පාලනය කරන්නේ ජනාධිපතිවත් අගමැතිවත් නොව බැසිල් රාජපක්ෂ මහතා බවද සදහන් කළේය.










