සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැලඳ පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් බොරැල්ලේ ස්වර්ණාභරණ වෙළෙඳසැළක් කොල්ලකා තිබේ.
යතුරුපැදියකින් පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා අහසට වෙඩි තබා කොල්ලකෑම සිදුකර ඇති බවද වාර්තා වෙයි.
මෙහිදී කොල්ලකරුවන් රත්තරන් පෙට්ටි 5ක් රැගෙන ගොස් ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.










