ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ සිදුවූ විශේෂම සිදුවීම වූයේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සමග පැවැති සාකච්ඡාවය. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මැක්රොන්ට දැනුම් දී සිටියේ තමන්ට ප්‍රංශයෙන් ආරාධනාවක් ලැබී ඇති බවත්, එම ආරාධනාවට අනුව ඉදිරියේදී ප්‍රංශයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බවත්ය.Sri Lanka Latest News
ජනාධිපතිවරයා විසින් මෙම දැනුම්දීම සිදුකිරීමත් සමග මැක්රොන්ගෙන් ලැබුණු ප්‍රතිචාරයද ජනාධිපතිවරයා කිසිසේත්ම බලාපොරොත්තු වූවක් නොවීය. එහිදී මැක්රොන් කියා සිටියේ එම සංචාරය රාජ්‍ය සංචාරයක් ලෙස සිදුකරන ලෙසට තමන් ආරාධනා කරන බවය. ප්‍රංශ ජනාධිපතිවරයාගෙන් ලැබුණු එම අනපේක්ෂිත ප්‍රතිචාරයට සිනාසී ස්තුතිය පළකිරීමටද ජනාධිපතිවරයා එහිදී පියවර ගෙන තිබිණි.
ප්‍රංශ ජනාධිපතිවරයාගෙන් ලැබුණු මෙම ආරාධනාවේ විශේෂත්වය වන්නේ ඒ ආකාරයට ප්‍රංශ රජයේ නිල ආරාධනාව අනුව රාජ්‍ය සංචාරයක ශ්‍රී ලංකාවේ එක් ජනාධිපතිවයෙක් පමණක් මේ දක්වා නිරත වී තිබීමය. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකය. ඇය 2001 වසරේ දී එවක ප්‍රංශ ජනාධිපති ජැක් ෂිරාක්ගේ ආරාධනාවකට අනුව ප්‍රංශ නිල සංචරයක නිරත වූවාය. ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රංශ සංචාරයක නිරත වුවද එය ගියේ එරටින් ලැබුණු නිල ආරාධනාවකට අනුව නොව, එම වසරේ ප්‍රංශයේ පැවැති සමුළුවකට සහභාගි වීම සඳහාය. එහිදී ප්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවී සාකච්ඡා කිරීමටද රනිල් කටයුතු කොට තිබිණි.










