ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම සිය ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ලැබූවද සුවිශාල සමාජ සත්කාරක වැඩසටහන් පෙළකට මේ වන විට උරදී සිටියි.
එවන් පසුබිමක, රට තුළ උද්ගතව ඇති වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රොෂාන් මහානාම පැවසූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ.
තමන්ගේ දරුවට අධ්‍යාපනය ලබාදෙන්න පාසල් භාණ්ඩ ටික මිලදී ගන්න බැරිනම්, දරුවන්ගේ අධ්‍යාපන වියදමත් කප්පාදු කරලා නම්, ලේඩි රිජ්වේ ඇතුළු රෝහල්වල සැත්කම් සියයට පනහක් නවත්වලා නම්, පිළිකා රෝගීන්ට බෙහෙත් ටික පිටින් ගන්න වෙලා නම්, රෝහල්වල බෙහෙත්ටික නැතිනම්, වැඩිවෙච්ච විදුලි බිල සද්ද නැතිව ගෙවාගෙන, දෙගුණයකට වැඩි මුදලක් දීලා පෙට්‍රල් ටික කෝටා එකට ගහගෙන, දෙගුණයකට වඩා වැඩි වුන ගෑස් ටැංකිය අරන් ඇවිත්, වැඩි වෙලා නැති පඩියෙන් ගෙදර ආර්ථිකය කළමනාකරණය කරගන්න හදන මිනිස්සු හිතනවා නම් දැන් ඕ.කේ කියලා, ඇත්තටම මට කියන්න තියෙන්නේ ගුඩ් ලක් කියලා විතරයි.
අපි මේ දැන් කතාකරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි. අපේ මුණුබුරු මිනිබිරියන් වෙනුවෙන්. නූපන් අනාගත පරම්පාරවක් වෙනුවෙන්. මම එළියට ආවේ මොකක්ද අපට තියන සමාජ වගකීම කියලා රටට කියන්න. මම අවසාන වශයෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. තමන්ගේ පපුවට අත තියලා අහන්න මෙච්චර කල් අපි තීරණ ගත්තේ අපේ අභිවෘද්ධිය වෙනුවෙන් ද රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ද කියලා. මා විශ්වාස කරනවා මේ රටේ සෑම ක්ෂේත්‍රයකම වෘත්තිකයො තමන්ගේ පපුවට අත තියලා තමන්ගෙන්ම අහන්න ඕන අපි රට වෙනුවෙන් අපේ කොටස කළා ද කියලා.
lankasara