• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඔව් අපි වන්දි ගත්තා! ඒ සල්ලි අපේ ගෙවල් ගිනි තියපු අයගෙන් ගන්න’! රනිල්ගේ ආණ්ඩුවෙන් ලක්ෂ 73ක වන්දියක් ගත් හිටපු රාජ්‍ය ඇමැතිවරයා ආණ්ඩුවට අභියෝග කරයි! I Sri Lanka Latest News

February 7, 2025
in Exclusive
Reading Time: 17 mins read
A A
කැබිනට්-නියෝජ්‍ය ඇමැතිකම් දෙන්න සුදුසු කාන්තාවන් මාලිමාවේ නැද්ද? මාධ්‍යවේදීන් ඇහුවාම ඇමැති නලින්ද මුලින් කියන්නෙත් ඒ වගේ කතාවක්ම තමයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවති අරගලය ක්‍රියාත්මක වූ සමයේ නිවාස හා දේපළවලට ගිනි තැබීමෙන් සිදුවූ හානිවලට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ලබා ගත් වන්දි ප්‍රමාණයන් පිළිබඳව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.Sri Lanka Latest News

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස එහිදී මැති ඇමැතිවරුන්ට ලබා දුන් වන්දි මුදල මන්ත්‍රීවරුන්ගේ නම් ද සඳහන් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ඔහුගේ අනාවරණය අනුව මන්ත්‍රීවරුන් 43 දෙනෙකුට ලබා දී ඇති සම්පූර්ණ වන්දි මුදල රුපියල් කෝටි 122.41කි.

“මෙන්න මෙහෙම තමයි බලය පාවිච්චි කරලා මේ අය වන්දි ලබා ගත්ත ආකාරය. ගොවියෙකුට වගාවකට හානියක් වුණොත්, ගංවතුර⁣ට ගේ අහුවෙලා කෑල්ලක් කැඩිලා ගියොත් වන්දියක් ගන්න කොච්චර අමාරු ද ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන්, දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙන්. නමුත් මේ අය රජයේ නිලධාරීන්ටත් බලපෑම් කරලා, මේ ගත්ත වන්දි ප්‍රමාණය,” යැයි නලින්ද ජයතිස්ස ඇමතිවරයා මන්ත්‍රී ලැයිස්තුව අනාවරණය කරමින් පැවසීය.

වැඩි ම වන්දිය ලැබුණේ කාට ද? වන්දි ගත් මන්ත්‍රීවරුන් මෙන්න

නලින්ද ජයතිස්ස ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලැයිස්තුව අනුව වැඩි ම වන්දි මුදල ලබා ගෙන ඇත්තේ, හිටපු අමාත්‍ය කෙහෙළිව රඹුක්වැල්ල ය. එම මුදල රුපියල් ලක්ෂ 995කි.

අමාත්‍යවරයා හෙළි කරන ලද ලැයිස්තුව පහත පරිදි ය.

1. කපිල නුවන් අතුකෝරළ – රු. 504,000.00

2. විමලවීර දිසානායක – රු. 550,000.00

3. ගීතා කුමාරසිංහ – රු. 972,000.00

4. ජනක තිස්ස කුට්ටිආරච්චි – රු. 1,143,000.00

5. ගුණපාල රත්නසේකර – රු. 1,412,780.00

6. ප්‍රේමනාත් සී. දොළවත්ත – රු. 2,300,000.00

7. ප්‍රියංකර ජයරත්න – රු. 2,348,000.00

8. සම්පත් අතුකෝරළ – රු. 2,540,610.00

9. ජයන්ත කැටගොඩ – රු. 2,814,800.00

10. විමල් විරවංශ – රු. 2,954,000.00

11. මහාචාර්ය චන්න ජයසුමන – රු. 3,334,000.00

12. අකිල එල්ලාවල – රු. 3,554,250.00

13. චමල් රාජපක්ෂ – රු. 6,539,374.00

14. චන්දිම වීරක්කොඩි – රු.6,948,800.00

15. අසෝක ප්‍රියන්ත – රු. 7,295,000.00

16. සමන්ප්‍රිය හේරත් – රු. 10,520,000.00

17. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රු. 10,550,000.00

18. රෝහිත අබේගුණවර්ධන – රු. 11,640,000.00

19. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ – රු. 13,780,000.00

20. සහන් ප්‍රදීප් – රු. 17,130,000.00

21. ෂෙහාන් සේමසිංහ – රු. 18,510,000.00

22. ඉන්දික අනුරුද්ධ – රු. 19,550,000.00

23. මිලාන් ජයතිලක – රු. 22,300,000.00

24. දොස්තර රමේෂ් පතිරණ – රු. 28,100,000.00

25. දුමින්ද දිසානායක – රු. 28,800,000.00

26. කණක හේරත් – රු. 29,200,000.00

27. ඩී.බි. හේරත් – රු. 32,100,000.00

28. ප්‍රසන්න රණවිර – රු. 32,700,000.00

29. ඩබ්ලිව්. ඩී. වීරසිංහ – රු. 37,200,000.00

30. ශාන්ත බණ්ඩාර – රු. 39,100,000.00

31. එස්.එම්. චන්ද්‍රසේන – රු. 43,800,000.00

32. සනත් නිශාන්ත – රු. 42,700,000.00

33. සිරිපාල ගම්ලත් – රු. 50,900,000.00

34. අරුන්දික ප්‍රනාන්දු – රු. 55,200,000.00

35. සුමිත් උඩුකුඹුර – රු. 55,900,000.00

36. ප්‍රසන්න රණතුංග – රු. 56,100,000.00

37. කෝකිලා ගුණවර්ධන – රු. 58,700,000.00

38. මොහාන් පී. ද සිල්වා – රු. 60,100,000.00

39. නිමල් ලන්සා – රු. 69,200,000.00

40. අලි සබ්‍රි රහීම් – රු. 70,900,000.00

41. ගාමිණි ලොකුගේ – රු. 74,900,000.00

42. ජොන්ස්ටන් ප්‍රනාන්දු – රු. 93,400,000.00

43. කෙහෙළිය රඹුක්වැල්ල – රු. 95,900,000.00

අරගල සමයේ සිදුවූයේ කුමක් ද?

රට තුළ ඇතිව තිබූ ආර්ථික හා දේශපාලන අර්බුදය හේතුවෙන් ⁣ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරයෙන් ඉවත් වන ලෙසට සහ රාජපක්ෂවරුන්ට ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වන ලෙසට අරගලයක් ආරම්භ වූයේ, 2022 මාර්තු මාසයේදී ය.

“ගෝඨා ගෝ ගම” ලෙස හඳුන්වමින් ගෝල්ෆේස් පිටියේ කඳවුරු බැඳගෙන ⁣ගිය අරගලයට සමගාමීව රට පුරා විටින් විට රාජපක්ෂවරුන්ට බලයෙන් ඉවත්ව යන ලෙස බල කරමින් විරෝධතා පැවැත්වෙමින් තිබිණි.

එහි එක් ප්‍රතිඵලයක් ලෙස 2022 මැයි 09 වන දා මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වුණු අතර එය නිවේදනය කිරීමට සිය ආධාරකරුවන් අරලිය ගහ මන්දිරය වෙත කැඳවා තිබිණි.

එසේ පැමිණි ආධාරකරුවන් පිරිසක් පොලු මුගුරු රැගෙන, අරලියගහ මන්දිරය අසල ‘මයිනා ගෝ ගම’ විරෝධතාකරුවන්ට හා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ විරෝධාකරුවන්ට පහර දී, ඔවුන් ඉදිකරන ලද විරෝධතා අට්ටාල කඩා බිඳ විරෝධතාකරුවන්ට පහර දුන්හ.

එම ප්‍රහාරය පිළිබඳව රට පුරා ප්‍රචාරය වීමත් සමග ඉන් උරණ වූ ඇතැම් පිරිස් අරගලකරුවන්ට පහර දීමට පිරිස් රැගෙන ආ බස් රථවලට පහර දුන්හ.

එමෙන් ම එහිදී මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන්ට ද පහර දී තිබූ අතර ඇතැම් පිරිස් බේරේ වැවේ බස්සවා අඩන්තේට්ටම් කරනු ලබන වීඩියෝ සහ ඡායාරූප ද සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය විය.

කොළඹ එසේ සිදුවෙත් ම රටේ බොහෝ ස්ථානවල එවක ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමැතිවරුන්ගේ සහ දේශපාලකයින්ගේ මෙන් ම ආධාරකරුවන්ගේ නිවාසවලට හා දේපළවලට හානි කරමින් ගිනි තැබීම් සිදුවිය.

කලහකාරී පිරිස් විසින් ඇතැම් පොදුජන පෙරමුණු පක්ෂ දේශපාලකයන්ගේ නිවාස සම්පුර්ණයෙන් ම ගිනිබත් කර තිබූ අතර තවත් පිරිසකගේ නිවාසවලට පහර දී හානි කර තිබිණි.

එම අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ගමන් කරමින් තිබූ රථය නිට්ටඹුව ප්‍රදේශයේදී සාමාන්‍ය ජනතාවගේ ප්‍රහාරයට ලක්විය. එම අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා විසින් සිදුකළ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ.

එම වෙඩි තැබීමත් සමග කුපිත වූ ජනතාව විසින් මන්ත්‍රීවරයාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී තිබූ අතර එහිදී ඔවුන් දෙදෙනා ද මරණයට පත්විය.

‘ගෙවල් කඩපු අයගෙන් සල්ලි අය කර ගන්න’

නලින්ද ජයතිස්ස ඇමතිවරයා කරන ලද අනාවරණය අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගෙන් එම වන්දි ලබා ගැනීම සම්බන්ධව බීබීසි සිංහල සේවය කරුණු විමසුවේ ය.

“ඒ මුදල් ගත්තේ නෑ කියලා කියන්නෙ නෑ, ඒ මුදල් ගත්තේ රජයේ මූල්‍ය රෙගුලාසිවලට යටත්ව. ඒ ගද්දි අපි වගකීමෙන් ම අත්සන් කරලා තියෙනවා. ඒ ගණනය කිරීම් කොහෙ හරි වැරැද්දක් වෙලා තියෙනවා නම් නැවත ඒ මුදල් අපි ගෙවන්නම්,” යැයි හිටපු රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

තමන්ට අයත් දේපළ තුනක් සහ වාහන තුනක් එම සමයේදී විනාශ වූ පැවසූ හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත වාහන සඳහා වන්දි අනුමත වී තිබුණ ද එය නොලැබුණු බව ද කියා සිටියේ ය.

“වාහන හතරට සත පහක්වත් හම්බ වුණේ නැහැ. අනුමත වෙලා තිබුණත් ගෙවීමක් කළේ නැහැ. ස්ථාන තුනක එක තැනක ලක්ෂ පනහ හැටක තැනක ලක්ෂයකුත්, තව තැනක ලක්ෂ හැට හැත්තෑවකට ලක්ෂ දොලහකුත්, තව තැනකට ලක්ෂ 24කුත් යන දේපළ හානියක් මට ලැබිලා තියෙනවා, ගෙවීම් කරලා තියෙනවා. මම කියන්නේ ඒක මේ හරියට ම රුපියලට නෙමෙයි. මීට අවුරුදු එක හමාරකට දෙකකට කලින් වෙච්චි දෙයක් නේ.”

ගෙවූ මුදල් රජයට අය කර ගන්න යෝජනාවක්

තම දේපළ හා වාහන හානි කළ පුද්ගලයන්ට එරෙහිව අධිකරණයේ නඩු පවතින බව කී හිටපු රාජ්‍ය ඇමතිවරයා තමන්ට දුන් මුදල එම පුද්ගලයන්ගෙන් රජයට අය කර ගත හැකි බව ද කියා සිටියේ ය.

“මගේ ගෙවල් කඩපු අය අඳුරගෙන බොහොම පැහැදිලිව මාරවිල අධිකරණයේ නඩු තුනක් යනවා. ඒවා රජය විමර්ශනය කරලා තියෙනවා, අත් අකුරු පරීක්ෂණ කරලා තියෙනවා, රාජ්‍ය දේපළ සහ දේපළ හානි වුණා කියලා තියෙනවා. ඒ වගේ ම ඒ ස්ථානවල වීඩියෝ, ෆොටෝ ඔක්කොම දීලා තියෙනවා. ඒ සියල්ල දීලා තියෙන නිසා මේ වෙද්දි ඒ කටයුතු අධිකරණයට යොමු කරලා නීතිපතිට යවලා තියෙනවා. ඉතින් මට දුන්න මුදල රජයට ඒ අයගෙන් ගන්න පුළුවන්.”

අරගල සමයේ නිවාස හා දේපළ හානි සිදුවූ සෑම මන්ත්‍රීවරයෙකුට ම ලිපි ගොනුවක් පාර්ලිමේන්තුවේ කටයුතු අමාත්‍යංශයේ අදාළ අංශයේ වෙන්වී තිබූ බව මෙන් ම මීට පෙරත් මෙම වන්දි මුදල් ගෙවීම් පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රචාරය වූ බවත් අශෝක ප්‍රියන්ත හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

BBC සිංහල

රනිල්ගේ ආණ්ඩුවේ තවත් කෙළියක් එළියට එයි! අරගලයේදී ගෙවල් ගිනි තිබ්බා කියලා රනිල්ගෙන් වන්දි ගත්ත මන්ත්‍රීවරු 42කගේ ලයිස්තුව එළියට එයි! චමල් ලක්ෂ 65යි! අශෝක ලක්ෂ 70යි! ජනක බණ්ඩාර ලක්ෂ 105යි! රෝහිත ලක්ෂ 116යි! සීතා ලක්ෂ 137යි! ෂෙහාන් ලක්ෂ 185යි! ඉන්දික ලක්ෂ 195යි! මිලාන් ලක්ෂ 223යි! රමේෂ් ලක්ෂ 281යි! දුමින්ද ලක්ෂ 288යි! කනක ලක්ෂ 292යි! ප්‍රසන්න ලක්ෂ 327යි! චන්ද්‍රසේන ලක්ෂ 438යි! ගම්ලත් 509යි! ප්‍රසන්න රණතුංග ලක්ෂ 561යි! අරුන්ධික ලක්ෂ 552යි! කෝකිලා 587යි! ලන්සා ලක්ෂ 692යි! අලි සබ්‍රි රහීම් 709යි! ලොකුගේ ලක්ෂ 749යි! ජොනී ලක්ෂ 934යි! කෙහෙළිය ලක්ෂ 959යි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ලංකාවේ සුපිරිම ටීම් එක! අර්ජුන-අරවින්ද-මාවන්-ඩිල්ෂාන්-මුරලි-වාස්-කළුවිතාරණ-පුෂ්පකුමාර-තිසර-අජන්ත-සොයිසා-උපුල්! ක්‍රිකට් ගහන්න ආපහු ග්‍රව්න්ඩ් එකට බහිනවා! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ සහතික වී මිල නිසා අවුල් ජාලයක් වෙන්නයි යන්නේ! ගොවියෝ ඒ ගණන්වලට වී දෙන්නේ නෑ! වී මාකට් එකට දාන්නෙත් නෑ! වී සහතික මිලයි පාලන හාල් මිලයි ගැලපෙන්නේ නෑ! ආපහු හාල් අර්බුදයක්? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.