හිටපු සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.Sri Lanka Latest News
වසර 30කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ ජිනසේන මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයක් සඳහා නිර්දේශ කර තිබිණි.
කෙසේවෙතත් මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ව්‍යවස්ථාදායක සභාවට අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් නම් කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයදුම්පත් 17ක් ව්‍යවස්ථාදායක සභාවට ලැබී තිබේ.










