පසුගිය වකවානුවේ දැඩි ආන්දෝලනයට තුඩුදුන් රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට නව නිලධාරියකු පත්කිරීමට රජය පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව, හිටපු මුද්‍රණාලයාධිපති ජී.කේ.ඩී.ලියනගේ ගේ සේවා කාලය අවසන් වී ඇති අතර, නව මුද්‍රණාලයාධිපතිවරයා ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ.ජී.පී. පුෂ්පකුමාර පත්කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.










