• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදේශ ගමන් බලපත්‍ර හිඟයේ අලුත්ම කතාව! ‘රජයට අමතර වියදම් සහ ප්‍රමාදයන් වළක්වාගන්න තිබුණා’ ! ජාතික ප්‍රසම්පාදන කොමිසමෙන් නීතිපතිට ලිපියක්! ප්‍රසම්පාදන කොමිසමෙන් අභියාචනාධිකරණයටත් ලිපියක්! රනිල්ගේ පාර්ලිමේන්තුවේ e පාස්පෝට් ගනුදෙනුව ගැන ඇස් උඩයන වාර්තාවක් එළියට එයි! දැන් අනුරගෙ ආණ්ඩුව ගන්න තීරණය මොකක්ද? අපි බලාගෙන ඉමු! Sri Lanka Latest News

January 2, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
විදේශ ගමන් බලපත්‍ර හිඟයේ අලුත්ම කතාව! ‘රජයට අමතර වියදම් සහ ප්‍රමාදයන් වළක්වාගන්න තිබුණා’ ! ජාතික ප්‍රසම්පාදන කොමිසමෙන් නීතිපතිට ලිපියක්! ප්‍රසම්පාදන කොමිසමෙන් අභියාචනාධිකරණයටත් ලිපියක්! රනිල්ගේ පාර්ලිමේන්තුවේ e පාස්පෝට් ගනුදෙනුව ගැන ඇස් උඩයන වාර්තාවක් එළියට එයි! දැන් අනුරගෙ ආණ්ඩුව ගන්න තීරණය මොකක්ද? අපි බලාගෙන ඉමු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව,
ගරු නීතිපතිතුමා, නීතිපති දෙපාර්තමේන්තුව,
අභියාචනාධිකරණ නඩු අංක: CA/VRIT/609/2024

ඉහත ශීර්ෂය යටතේ ඔබ විසින්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක වෙත සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත මෙන්ම, පිටපතක් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව වෙතද ඉදිරිපත් කරන ලද 2024.11.11 දිනැති ඔබේ ලිපි අංක CA/VRIT/609/2024/DIE/LU/CA/02/05/2024සමග මෙය සබැඳෙයි. (Sri Lanka Latest News)

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් 2024.11.28 දින පැවැති කොමිෂන් සභා රැස්වීමේදී, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් ඉදිරිපත් කරන ලද විස්තර සහ ලේඛන සමග මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බලන ලදී.

ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ බෙදාගැනීමට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව තීරණය කළේය.

A-කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමේදී විද්‍යුත් ගමන් බලපත්‍ර පුද්ගලාරෝපණය කිරීමක් සිදුනොවන්නේ නම් හෝ තෝරාගත් ලංසුකරුගේ විද්‍යුත් ගමන් බලපත්‍ර පවතින ක්‍රමයට අනුකූල වන්නේ නම් හෝ ‘චිප්’ රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 (හත්ලක්ෂ පනස් දහසක්) ලබාගැනීමේ අවශ්‍යතාව මතු නොවන ුඇත. එසේම එම පුද්ගලාරෝපණ ක්‍රියාවලිය පවතින තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සිදුකිරීම සිදුකළ හැකිය.

B-එක් විදේශ ගමන් බලපත්‍රයකට යුරෝ 4.52ක මුදලක් ගෙවමින් ‘චිප්’ රහිත ගමන් බලපත්‍ර මිලදී ගැනීම, ඊ-විදේශ ගමන් බලපත්‍රවලට ප්‍රදානය කරන ලද මිලට (එක් විදේශ ගමන් බලපත්‍රයකට යුරෝ 4.62ක්) සාපේක්ෂව ලාභදායී නොවන බව පෙනේ. ඉහත ‘A’ සඳහන් කරුණ කෙසේ වෙතත්, ‘චිප්’ රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000ක ප්‍රසම්පාදන අවශ්‍යතාව නියමිත වේලාවට හඳුනාගෙන වසරේ ප්‍රසම්පාදන සැලැස්මට ඇතුළත් කළේ නම් ලංසු තැබීමේ පටිපාටියක් අනුගමනය කරමින් ‘චිප්’ රහිත විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ හැකියාව වැඩිවනු ඇත.

C-විද්‍යුත් ගමන් බලපත්‍ර පුද්ගලාරෝපණය කිරීම සඳහා පොදු ප්‍රධාන යටිතල පහසුකම් ප්‍රසම්පාදනය නොවැළැක්විය හැකි නම්, ලංසු ලේඛනයේ VI වන වගන්තියේ 12.1 වගන්තිය යටතේ ප්‍රකාශ කෙරෙන අයුරින් එම ක්‍රියාවලිය ප්‍රශ්නසහගතය. එනම් එහිදී කියැවෙන පරිදි ‘පවතින තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් විදේශ ගමන් බලපත්‍ර පුද්ගලාරෝපණය කිරීම’ එසේ ප්‍රශ්නසහගතය. එසේම පැමිණිලිකරුවන් ඉදිරිපත් කරන ලද ‘ප්‍රධාන සහ අනිවාර්ය අවශ්‍යතාවලින් එකක් නම්, රජය විසින් දැනටමත් මිලදීගෙන ඇති දැනට පවතින පුද්ගලාරෝපණ යටිතල පහසුකම් භාවිත කරමින් විදේශ ගමන් බලපත්‍ර පුද්ගලාරෝපණය කළ යුතුය’ යන තීරණයට අමාත්‍යාංශය නිසි අයුරින් නිදහසට කරුණු ලබාදීමක්ද සිදුකර නැත. තවද පොදු ප්‍රධාන යටිතල පහසුකම් සැලසුම් කිරීම සඳහා මුල් ලංසු ලේඛනයේ VI වැනි වගන්තියේ ඇති විෂය පථය යටතේ දක්වා ඇති අවශ්‍යතාවද උප ග්‍රන්ථ 01 යටතේ ඉවත් කර ඇත.

D-විද්‍යුත් ගමන් බලපත්‍ර පුද්ගලාරෝපණය කිරීම සඳහා පොදු ප්‍රධාන යටිතල පහසුකම් සහ අදාළ මෘදුකාංග / දෘඩාංගවල පිරිවැය, අතිරේක ලැමිනේෂන් යන්ත්‍රවල පිරිවැය සහ විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන 05ක් ලබාගැනීම සඳහා ප්‍රදානය කරන ලද මිලෙහි එකතුව, දෙවැනි අඩුම ලංසුකරුගේ ඉදිරිපත් කළ මිලට වඩා වැඩිනම් (Metropolitan Technologies (Pvt) Ltd) හෝ තුන්වැනි අඩුම ලංසුකරු (Epic Lanka (Pvt) Ltd) සහ ඒ ආශ්‍රිත මෘදුකාංග / දෘඩාංග වෙන වෙනම ප්‍රසම්පාදනය කිරීම නිසා ඇතිවන අමතර වියදම් රජයට පාඩුවක් ලෙස සැලකිය හැකිය. එසේම දෙවැනි අඩුම ලංසුකරු විසින් යෝජනා කරන ලද විද්‍යුත් ගමන් බලපත්‍ර හැර මෙම සැලකිය යුතු ප්‍රතිචාර දක්වන ලංසුකරුවන්ට (දෙවැනි හා තුන්වැනි අඩුම ලංසුකරුවන්ට) සිදුවූ අසාධාරණයක් ලෙස සැලකිය හැකිය. තුන්වැනි අඩුම ලංසුකරු දැනට පවතින පුද්ගලාරෝපණ පද්ධතිය සමග නොගැළපෙන අතර, පොදු ප්‍රධාන යටිතල පහසුකම් නොමැතිව පුද්ගලාරෝපණය සිදුකළ නොහැක.

E-එවැනි අමතර පිරිවැයක්/ප්‍රමාදයක් සඳහා හේතුව තෝරාගත් ලංසුකරු, යම් තීරණාත්මක ලංසු කොන්දේසි හෝ කොන්ත්‍රාත්තුවේ නියමයන් සමග හෝ අනුකූල නොවීම නිසා නම්, අදාළ ගිවිසුම්ගත ප්‍රතිපාදන අනුව ක්‍රියාමාර්ග ගෙන තිබිය යුතුය.

F-පුද්ගලාරෝපණය සඳහා පොදු ප්‍රධාන යටිතල පහසුකම් සහ ඒ ආශ්‍රිත මෘදුකංග / දෘඪාංග වෙන වෙනම අවශ්‍ය නම් එම ප්‍රසම්පාදනය සඳහා මිලියන 05ක විද්‍යුත් ගමන් බලපත්‍ර ප්‍රසම්පාදනයට සමගාමීව ආරම්භ කර තිබිය යුතුය. විකල්ප විධිවිධාන හේතුවෙන් අනවශ්‍ය ප්‍රමාදය සහ අමතර වියදම්ද වළක්වාගත හැකිව තිබිණි.

තවද 2024.05.21 දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ප්‍රසම්පාදනයේ ලංසු තැබීමේ අවස්ථාවේදී හඳුනාගත් අඩුපාඩු දක්වමින් එවන ලද ලිපියේ පිටපතක්ද ඔබගේ යොමුව සඳහා මෙහි අමුණා ඇත.

ප්‍රදානය කිරීමේ තීන්දුවට එරෙහිව (Epic Lanka (Pvt) Ltd) විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇත. මෙම අභියාචනය සලකා බැලූ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය, කැබිනට් මණ්ඩලය පත්කළ ප්‍රසම්පාදන කමිටුවේ තීරණයට අභියාචනයේ සඳහන් කරුණු බලපා නොමැති බව නිගමනය කර ඇත.

තවද මෙම කරුණ අභියාචනාධිකරණය හමුවේ විභාග කර ඇති බැවින්. ඉහත කරුණු ලේකම්වරයාට මෙන්ම පැමිණිලිකරුවන්ටද බෙදා නොගැනීමට ඉහත රැස්වීමේදී සභාව තීරණය කර ඇති බව දන්වා සිටිමි.

ඩී.සී. සිරිබද්දන,
මහලේකම්,
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයට සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් (50,00,000) ලබාගැනීමේ ටෙන්ඩරයට සමගාමීව විද්‍යුත් ගමන් බලපත්‍ර සඳහා අවශ්‍ය පුද්ගලාරෝපණ ක්‍රමයක් ප්‍රසම්පාදනය කිරීම ආරම්භ කළේ නම්, අනවශ්‍ය ප්‍රමාදයන් සහ අමතර වියදම් වළක්වා ගැනීමට රජයට හැකිව තිබුණු බැව් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් අභියාචනාධිකරණය වෙත දන්වා යවා ඇත. මෙම විෂයට අදාළව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ මහලේකම් ඩී.සී. සිරිබද්දන විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයාට නිල ලේඛනයක් ඉදිරිපත් කර ඇත. ඉංග්‍රීසියෙන් සකස් කෙරුණු එම ලිපියේ සිංහල පරිවර්තනයක් මේ සමග ඇත. ශ්‍රී ල ංකාවේ වර්තමානයේදී උද්ගතව තිබෙන විදේශ ගමන් බලපත්‍ර හිඟයට අදාළ අර්බුදය හමුවේ මෙම සුවිශේෂ කරුණු හෙළිවෙයි.

    Sri Lanka Latest News

    ප්‍රියන්ත හෙට්ටිගේ

    SendShareShare
    Previous Post

    සල්ලි නැත්නම් ඡන්ද පත්‍රිකා ගහන්න බෑ කියලා පළාත් පාලන ඡන්දෙ කල්දාන්න ලොකු සපෝට් එකක් දුන්නා! බරපතළ චෝදනා එල්ල වුණා! අන්න මේ ආණ්ඩුවෙන් හිටපු මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී ගෙදර යවලා! අපි බලමු අලුත් මුද්‍රණාලයාධිපතිතුමාවත් වැඩේ හරියට කරගෙන යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

    Next Post

    ඇමැති වැවේ! VIDEO I Sri Lanka Latest News

    MORE NEWS

    ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

    රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
    Exclusive

    සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

    මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
    Exclusive

    චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

    තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
    Exclusive

    දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

    තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
    Exclusive

    දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

    කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

    Load More
    ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

    අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

    Read more
    රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

    සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

    මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

    චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

    තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

    දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

    තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

    දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

    • About us
    • Contact us

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

    No Result
    View All Result
    • Home
    • ePaper
    • Exclusive
    • News
    • Politics
    • Mahawanshaya
    • Astrology
    • Holiday
    • Heart
    • Business
    • ENGLISH

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.