විදේශ රටවල අධ්‍යාපනය හැදෑරීම සදහා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත්, මැතිඇමති දූදරු නෑ හිතමිතුරන්ගෙන්, ඔවුන් ලබාගත් එම මුදල් නැවත අය කර ගැනීමට රජය සූදානම් වන බව වාර්තා වේ. Sri Lanka Latest News
ඊට හේතුව වී ඇත්තේ, ජනාධිපති අරමුදලේ මුදල්, විදේශ ශිෂ්‍යත්ව සදහා ලබා දීමේ කිසිදු ප්‍රතිපාදනයක් නොතිබීමයි.
හිටපු මැති ඇමතිවරු හා සම්බන්ධ හැත්තෑ දෙදෙනෙකු, විදෙස්ගතව අධ්‍යාපනය හැදෑරීම සදහා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අතර, ඔවුන් එසේ ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි විස්සකටත් වඩා වැඩි බව වාර්තා වේ.










