15 හැවිරිදි දැරියක් මුදලට ලබාගෙන අපහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අශාම්ලී මෙම මස 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.
15 හැවිරිදි දැරියක් මුදලට අලෙවි කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට අනුව මෙම හිටපු අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු ඊයේ දිනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට එසේ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 32ක් බව පැවසේ.
ඒ අතර දැරියගේ මව, චීවරධාරියෙක්, මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු පිරිසක් ද සිටින බවද පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.










