• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්ලි අච්චු ගැහිල්ලේ අතිභයානක ප්‍රතිපල ඉරාන් පෙන්වා දෙයි! ගොඩ එන මාර්ගයත් කියයි!

July 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සල්ලි අච්චු ගැහිල්ලේ අතිභයානක ප්‍රතිපල ඉරාන් පෙන්වා දෙයි! ගොඩ එන මාර්ගයත් කියයි!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව පසුගිය සතියේදී ඉතිහාසයේ දිනෙක වැඩිම මුදල් ප්‍රමාණය වාර්තා කරමින් රුපියල් බිලියන 208ක් මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබිණි. ඒ, ඊට පෙර සතියේ සිදුකර තිබූ බිලියන 43ක මුදල් අච්චු ගැසීමට අමතරවය. සාමාන්‍යයෙන් අසීමාන්තික ලෙස මුදල් අච්චුගැසීම එරට අර්ථිකයට කිසිසේත්ම හිතකර තත්ත්වයක් නොවේ. එය අංශ ගණනාවකින්ම බරපතළ ප්‍රතිඵල ආර්ථිකයට හිමි කර දෙන සිදුවීමකි. ඒ අනුව මේ තත්ත්වය පිළිබඳ අප ආර්ථික විශේෂඥයකු වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාගෙන් විමසා සිටියෙමු. වික්‍රමරත්න මහතා ‘සිටි’ බැංකුවේ හිටපු සභාපතිවරයෙකි. එමෙන්ම එන්.ඩී.බී. බැංකුවේ සමාරම්භක ප්‍රධාන විධායක නිලධාරියාය. අයි.සී.ටී. ආයතනයේ ආරම්භක සභාපතිවරයාය.

ආණ්ඩුව දිනෙක වැඩිම මුදල් ප්‍රමාණයක් මේ වන විට අච්චු ගහලා තිබෙනවා. කවුද මේ තීන්දු තීරණ ගන්නේ?
සාමාන්‍යයෙන් ඕනෑම රටක මුදල් මුද්‍රණය කිරීමේ වගකීම තියෙන්නේ මහ බැංකුවට. මුදල් මණ්ඩලය ගන්නා තීන්දු තීරණ අනුව තමයි ඒ ප්‍රමාණය තීරණය වන්නේ. මේ තත්ත්වයට මුල් වුණේ 2020 වසරේදී ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 600කින් අඩු වුණා. ඒ කියන්නේ රුපියල් කෝටි 60,000ක්. ආණ්ඩුව දුන් බදු සහන නිසයි මේ මුදල රජයට අහිමි වුණේ. ඒක පියවා ගන්න විකල්පයක් නොතිබුණු නිසා ආණ්ඩුව මුදල් අච්චු ගහන්න පටන් ගත්තා. දැනට අපට තියෙන තොරතුරු අනුව ගිය අවුරුද්දෙයි, මේ අවුරුද්දෙයි රුපියල් ටි්‍රලියන 1.2ක් විතර ආණ්ඩුව මුදල් අච්චු ගහලා තියෙනවා.

මේ මුදල් අච්චු ගැසීම රටේ ආර්ථිකයත් එක්ක ගැළපෙන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් මහ බැංකුවට දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය ගැන අදහසක් තියෙනවා. ඒ වගේම උද්ධමනය ගැනත්. ඊට අනුපාතිකව තමයි මුදල් මුද්‍රණය කිරීම තීරණය වෙන්නේ. හැබැයි මෙතන පැහැදිලිවම පේන්න තියෙනවා මේ කාරණාවලින් එහාට ගිහින් තමයි මෙවර මුදල් අච්චු ගැසීම වෙලා තියෙන්නේ. මහ බැංකු අධිපති, මුදල් මණ්ඩලයේ නියෝජිතයන්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් තමයි මේ තීරණ ගන්නේ. ඒ අය දළ දේශීය නිෂ්පාදිතය, උද්ධමනය ආදී සියලු කරුණු අධ්‍යයනය කරලයි මේ තීන්දුව ගන්න ඕනෙ. වැදගත්ම දේ ඒ තීන්දු ස්වාධීනව ගන්න එකයි. මොකද ඒක ස්වාධීන ආයතනයක්. ඔවුන් නිශ්චිතව යම් කාලසීමාවකට තමයි පත්වෙන්නේ. සාමාන්‍යයෙන් ආණ්ඩු වෙනස් වෙද්දී වෙනත් ආයතනවල තනතුරු වෙනස් වුණත් මුදල් මණ්ඩලය වෙනස් වෙන්නේ නෑ. නමුත් මෙවර ආණ්ඩු පෙරළියත් එක්ක අපි දැක්කා මුදල් මණ්ඩලය නියෝජනය කරපු ආචාර්ය දුෂ්මි වීරකෝන්, නිහාල් ෆොන්සේකා කියන දෙන්නම අයින් වුණා. අපි දන්නෑ මොකක්ද හේතුව කියලා. නමුත් ඒ පුද්ගලයන් කොන්ද කෙළින් තියාගෙන නිවැරැදි තීන්දු ගන්න පුළුවන් පිරිසක් වෙන්න ඕනෙ. ඒ නිසා මම දකිනවා මෙතැන ක්‍රමවේදයේ යම් උල්ලංඝනය වීමක් සිදුවෙලා තියෙනවා කියලා.

මේකෙන් ආර්ථිකයට වන බලපෑම කොයි වගේද?
මේකෙන් ද්විත්ව පරතරයක් ඇතිවෙනවා. එක අයවැය පරතරය. දෙක පුනරාවර්තන වියදම් පරතරය. අපි 2018දී මේ අගය 5%කට ගෙනාවා. ප්‍රාථමික ඉතිරියක් ඇති කරන්න අපි සමත් වුණා. අවුරුදු 63ක ඉතිහාසයක් ඇතුළේ එහෙම වෙලා තිබුණේ අවස්ථා දෙකකදි විතරයි. මූල්‍ය වියදමට වඩා ආදායම අපි වැඩි කරගත්තා. ඉදිරියේදී අපි ඒක 3.5%ට අඩුකරන්න සැලසුම් කරලා තිබුණා. හැබැයි මේ ආණ්ඩුව 2019 කිසිම අධ්‍යයනයකින් තොරව බදු සහන දෙනවා කියලා බිලියන 600ක ආදායමක් අහිමි කරගත්තා. ඒකෙන් 2019 අයවැය පරතරය 9.6%ක් වුණා. 2020 වෙනකොට 11.1%ට නැග්ගා. මට නම් පේන්නේ මේකත් ගණිතමය විජ්ජාවක් කියලා. හරි නම් මේක 14%ක් වගේ අගයක් ගන්නවා කියන එක තමයි මගේ මතය.
ඊළඟට මේක අපේ රටේ උද්ධමනයට බරපතළ ලෙස බලපානවා. 2015 ජනවාරි අපි ආණ්ඩුව ගන්නකොට උද්ධමනය 9.4%යි. 2019 නොවැම්බර් ජනාධිපතිවරණ වෙලාවේ අපි ඒක 4.1%ට අඩුකරලයි තිබුණේ. 2019 අප්‍රේල්වල තමයි මේ රටේ ජනතාව අඩුම බඩු මිලක් එක්ක අවුරුදු කෑවේ. දැන් මේක 2020 මැයි වෙද්දි 6.1%ට නැගලයි තියෙන්නේ. ඒ කියන්නේ 50%කින් වැඩිවීමක්. අනිවාර්යයෙන්ම ඉදිරියේදී මේක තවත් ඉහළ යනවා.
ඊළඟට මේක අපේ රුපියලේ අගයට බලපානවා. රුපියලේ අගය අඩුවෙනවා. හැබැයි අපනයනය වර්ධනය වෙනවා නම් විදේශ සංචිතවල වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒත් අපි අමතක කරලා තියෙන දේ තමයි අපේ අපනයනවලින් 85%ක්ම ආනයන මත රඳාපවතිනවා කියන එක. ඒ ආනයන සීමා කරන කොට අපේ ආර්ථික සංවර්ධනයට ඒක දැඩිව බලපානවා. අපනයන ආදායමට බලපානවා. විදේශ සංචිතවලටත් බලපානවා. 2019 අන්තිම වෙද්දී විදෙස් සංචිත ඩොලර් බිලියන 7.6ක් තිබුණා. 2020 දෙසැම්බර් ඒක 5.6ට බැස්සා. මැයි අන්තිම වෙද්දී ඩොලර් බිලියන 4ට බැස්සා. ඒ කියන්නේ අපට ආනයනය කරන්න පුළුවන් මාස දෙකහමාරකට ආසන්න කාලයකට විතරයි. මේක තමයි අපි ඓතිහාසිකව අඩුම සංචිත ප්‍රමාණයක් වාර්තා කරලා තියෙන කාලය.
ඒ වගේම ශ්‍රේණිගත කරන ජාත්‍යන්තර ආයතනත් අපිව පල්ලෙහාට දාලයි තියෙන්නෙ. ඒකෙන් ණය ගැනීමටත් බැරි තත්ත්වයක් මතුවෙලා තියෙනවා. දැන් ආණ්ඩුව බංගලාදේශයෙන්, චීනයෙන්, ඉන්දියාවෙන් ‘ස්වැප්’ පහසුකම යටතේ ණය ඉල්ලලා තියෙනවා. මේවායින් තාවකාලිකව ද්‍රවශීලතා ප්‍රශ්නය විසඳුණත් ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ. රජය මේ වෙද්දි අනුගමනය කරන ක්‍රමවේදවලින් මේ ප්‍රශ්න විසඳන්න බෑ.

එහෙම නම් මේ ප්‍රශ්නවලින් ගොඩ එන මාර්ගයක් විදියට ඔබ මොනවාද යෝජනා කරන්නේ?
පොහොර ප්‍රශ්නය, එන්නත් ප්‍රශ්නය, තෙල් මිල ප්‍රශ්නය වගේ තනි තනිව කතා කරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. සමස්ත ආර්ථිකයම කළමනාකරණය කරන්න ඕනෙ. ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෙ. මූලිකම ගැටලුව දේශපාලන සමාජ ස්ථාවරභාවය නැති එක. ආයෝජකයො මේ රටට එද්දී ඉස්සෙල්ලාම බලන්නේ ඒ ස්ථාවරභාවය. නීතියේ ආධිපත්‍යය. නීතිය ගත්තාම ආයෙමත් බරපතළ අර්බුදයක තියෙන්නේ. ඊයෙ පෙරේදත් අධිකරණ තීන්දුවක් ආපසු හරවලා නිදහස් කිරීමක් කළා. මේවා බරපතළ ප්‍රශ්න.
ඊළඟට ලාංකික අනන්‍යතාව ගොඩනගන්නට ඕනෙ. ජාතීන් අතර එකමුතුව ගොඩනගන්න ඕනෙ. ඒ වෙනුවට මේ ආණ්ඩුව ආපු දවසෙ ඉඳන් ජාතීන් අතර විවිධ ප්‍රශ්න ඇති කළා. ගැටුම් ඇති කළා. අවිශ්වාසය ඇති කළා.
ඊට අමතරව විදේශ ප්‍රතිපත්තිය දියුණු කරගන්න ඕනෙ. විදෙස් සම්බන්ධතා වැඩිදියුණු කරගන්න ඕනෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතිව හෝ නැතිව මූල්‍ය ස්ථාවරත්වය ඇතිකරගන්න ක්‍රියාත්මක වෙන්න ඕනෙ. නාස්තිය, දූෂණය අවම කරන්න ඕනෙ. බදු ආදායම වැඩි කරන්න ඕනෙ. ඒක මම පැහැදිලිවම කියනවා. බද ආදායම වැඩි කරගන්නෙ නැතිව මේ කිසිම දෙයක් කරගන්න බෑ.
ඊළඟ එක යටිතල පහසුකම් වර්ධනය කරනවා වෙනුවට මානව සම්පත් වැඩිදියුණු කරන්න ආයෝජනය කරන්න ඕනෙ. අධ්‍යාපනයට, සෞඛ්‍යයට කරන වියදම් මීට වඩා වැඩිකරන්න ඕනෙ. අධිවේගී අන්තර්ජාලය, අයිපෑඩ්, ටැබ් ගුරුවරුන්ට සිසුන්ට දීලා මේ ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්න ඕනෙ.
මගේ අන්තිම යෝජනාව ආර්ථිකය විවෘත කරන්න ඕනෙ කියන එකයි. අපි ඇමෙරිකානු යුරෝපා වෙළෙඳපොළවලට යන්න ඕනේ. ඊළඟට ඉන්දීය වෙළෙඳපොළට යන්න ඕනෙ. අපනයනයට මුල් තැන දෙන්න ඕනෙ. ජී.එස්.පී. ප්ලස් ආරක්ෂා කරගන්න ඕනෙ. තාක්ෂණයට ආයෝජනය කරන්න ඕනෙ. ලොකු සමාගම් පසුගිය කොරෝනා කාලයේ ලාභ ලබනවා වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයොත් ආරක්ෂා කරගන්න අපි වැඩ කරන්න ඕනෙ. එහෙම නොවුණොත් මේ යන විදියට මේ රට බරපතළ ආර්ථික අර්බුදයකට තමයි ගමන් කරමින් තියෙන්නේ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

හිටපු රාජ්‍ය ඇමැතිවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ අරන් දූෂණය කරලා!

Next Post

සැප්තැම්බර් වෙද්දි මුළු රටම විවෘතයි! ක්‍රමවේදය ජනපති රටටම කියයි! (VIDEO)

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.