යහපාලන රජය සමයේ අයවැය පරතරය 5.5%ට පහත හෙලා තිබූ බවත්, වත්මන් ආණ්ඩුව ඉකුත් වසරේ අයවැය පරතරය 14% දක්වා ඉහළ දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අද රටේ ඩොලර් පමණක් නොව රුපියල්ද නැති බවකි.
මේ ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම මේ සදහා හේතු වී ඇති බව ඒ මහතා කීය.
අද රටේ පෝලිමක් නැති තැනක් නොමැති බවත්, දැන් රටින් පිටවීම සදහා පවා පෝලිම් මතුව ඇති බවත් වික්‍රමරත්න මහතා කියා සිටියේය.