• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1951-1971-1991-2001 වුණා වගේ ආණ්ඩුවලට ශාප ලත් ‘1’ මේ ආණ්ඩුවත් පෙරළගෙන යයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 6, 2021
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘විමල් ලෑස්ති වෙන්න. අපි දෙන්නටම එකට හිරගෙදර යන්න වෙයි…’

මේ, මහින්ද රාජපක්ෂ 2016 මැයි පළමුවැනිදා කිරුළපන රැස්වීම අමතා විමල් දෙස බලමින් කී කතාවය.

‘විමල් කියන්නේ අපේ පවුලේ තවත් සහෝදරයෙක්…’

මේ, නාමල් වරක් විමල් දෙසට ඇඟිල්ල දිගු කරමින් කී කතාවය.

‘සතුරෝ විමල්ටයි මටයි දෙන්නාටම ගැහුවා. ඒ ප්‍රහාරයේදි විමල් දෙවැනි වුණේ මට විතරයි…’

මේ, 2020 පෙබරවාරි 23 වැනිදා විමල්ගේ පොතක් එළියට එන දින මහින්ද රටටම ඇහෙන්න කී කතාවය.

‘මහින්ද රාජපක්ෂව මැදමුලනේ ජනේලේ එල්ලුවා කියලා ෂැම්පේන් බොන්න වාඩිවුණු උදවිය ෂැම්පේන් බෝතලය කඩන්නත් කලින් විමල් ඇතුළු කණ්ඩායම මාව නුගේගොඩට ගෙනාවා…’

මේ, මහින්ද ඒ පොත දොරට වඩින දිනයේ කෑගහල කී කතාවය.

‘ඉතින් එහෙව් විමල්ව මොකද මේ තරම් ඉක්මනට රාජපක්ෂලාට එපාවුණේ…?’

මේ කතාවට හොඳ උත්තරයක් ප්‍රභාකරන්ගේ කේන්දරය බලපු ජ්‍යොතිෂවේදියෙක් දුන්නේය.

‘ප්‍රභාකරන් කරුණාව තරහ කරගත්තේ නැත්නම් කවදාවත් ප්‍රභාකරන්ව යුද්ධයෙන් පරද්දන්න බැහැ. වෙලාව නරක් වෙනකොට මිතුරොත් පේන්නේ හතුරො වගේ…’

මේ, ඔහු දුන්න උත්තරයය.

‘අද රාජපක්ෂලාටයි, විමල්ලාටයි වෙලා තියෙන්නෙත් ප්‍රභාකරන්ටයි කරුණාටයි වෙච්ච දෙයද?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි රාජපක්ෂලාගේත් විමල්ලාගේත් යාළු මිත්‍රකම් දිවයන්නේ 2005 තරම් ඈත කාලයකටය. වාසුදේවත් මහින්දත් අතර මිත්‍රකම ඊටත් පැරැණිය. විමල්ලාගේ, උදයලාගේ මිත්‍රකමට දැන් වයස අවුරුදු 16ක් පමණය. මේ මිත්‍රත්වය පුපුරන 2021 අමතුම ඉලක්කමකි.

ලංකාවේ පළමු දේශපාලන පිපිරීම පුපුරන්නේත් 2021 වගේ අගට 1 එන ඉලක්කමකිනි. ඒ, 1951ය. 1951 කියන්නේ ලංකාවේ දේශපාලනය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යයකි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් වෙන්වී විපක්ෂයට යන්නේ 1951දීය. ඔහු ශ්‍රීලනිපය පිහිටුවන්නේ 1951 සැප්තැම්බරයේදීය. මහින්දගේ ගෝඨාභයගේ බැසිල්ගේ පියා බණ්ඩාරනායක විපක්ෂයට යන විට ඔහු පසුපසින් යන්නේත් ඒ 1951දීය. එදා බණ්ඩාරනායක විපක්ෂයට ගියේ නැතිනම් ශ්‍රීලනිපය කියා පක්ෂයක් බිහිවන්නේ නැත. බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය වන්නේත් නැත. එදා ඩී.ඒ. රාජපක්ෂ බණ්ඩාරනායකගේ පසුපස නොගියා නම් මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති වී රාජපක්ෂලා රට හොලවන්නේත් නැත. ඒත් 1951 ලංකාවේ දේශපාලන සූත්‍රය වෙනස් කළේ කාටවත් සිතාගත නොහැකි පරිදිය.

ඊළඟට එන්නේ 1991ය. ඒත් 1991 සැප්තැම්බරයය. එවකට ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව යූ.ඇන්.පී. ආණ්ඩුව ඇතුළෙන්ම දෝෂාභියෝගයක් එන්නේ 1991 සැප්තැම්බරයේය. ඒ වන විට ප්‍රේමදාස ජනාධිපති වී ජ.වි.පෙ. භීෂණය මර්දනය කොට 1991 මාර්තු පළාත් පාලන ඡන්දය තබා අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තව දශක ගණනකට විපක්ෂයට ඔළුව උස්සන්න බැරි වෙන්න විපක්ෂයේ ඔළුවටම ගහලා තිබිණි. එවකට විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය සෞඛ්‍ය අතින් පිරිහී රෝද පුටුවෙන් යන තැනට වැටී සිටියාය. ඇය සහ අනුරත් ඒ මැදට ලන්ඩන් සිට පැමිණි චන්ද්‍රිකාත් අතර පක්ෂයේ බලය අල්ලන්න තුන්කොන් සටනක් විය. ලලිත් සහ ගාමිණී ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කළේ හීනෙන්වත් ප්‍රේමදාස ආණ්ඩුව වැටෙන්නේ නැතැයි විපක්ෂය හිතපු වෙලාවකය. ඇත්තටම කවදාවත් පරදින්න බැරි විදියට ජේ.ආර්. හදපු යූ.ඇන්.පී. ආණ්ඩුව පුපුරා ගියේ ඒ දෝෂාභියෝගයෙන්ය. ඒ දෝෂාභියෝගය නොවන්න 1994 ශ්‍රීලනිපයට යළි බලය ගන්නවා තියා හිතන්නවත් බැරිය. 1991 ලංකාවේ දේශපාලනය මකාදමා අලුත් කළේ එලෙසය.

1991ට පසු ආ 2001 දිගහැරුණේ මහා දේශපාලන කුණාටු ගොඩක් මැදය. එවකට ජනාධිපති චන්ද්‍රිකා හිටි හැටියේ මහ රෑක රාවුෆ් හකීම්ව ඇමැති ධුරයෙන් ඉවත් කළේ හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය චන්ද්‍රිකාගේ ආණ්ඩුවට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය ලබාදී තියෙන වෙලාවකය. හකීම් විපක්ෂයට ගියේය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරය නැති විය. යූ.ඇන්.පී. නායක රනිල් හකීම් සමග එක්වී චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආහ. විශ්වාස භංගයෙන් ආණ්ඩුව පරදින බව දැන චන්දිකා පාර්ලිමේන්තුව කල්තබා ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනමත විචාරණයක් කැඳවීය. පසුව එය අවලංගු කොට ජ.වි.පෙ. සමග පරිවාස ආණ්ඩුවක් හැදීය. පරිවාස ආණ්ඩුවට එරෙහිව ඊට කලින් සිටම චන්ද්‍රිකා සමග ප්‍රශ්න ඇතිකරගෙන සිටි පක්ෂ ලේකම් එස්.බී., ජී.එල්., මහින්ද විජේසේකර ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට එක්විය. චන්ද්‍රිකා සහ ආණ්ඩුව හෙම්බත්ව ඇදගෙන වැටිණි. 1999 ජනාධිපතිවරණයත් පරාජයවී 2000 මහ මැතිවරණයත් පරාජයවී හතර ගාතෙන් වැටිලා හිටිය යූ.ඇන්.පී.යට යළි ආණ්ඩුවක් හදන්න අවස්ථාව හිමි වූ ඒ 1991 ආණ්ඩුව ඇතුළෙන්ම පැනනැඟි චන්ද්‍රිකා විරෝධය නිසාය.

1951දීත් 1991දීත් 2001දීත් පැනනැග්ගේ ආණ්ඩු නායකයන්ට එරෙහි ආණ්ඩුව තුළින්ම කැරැල්ලකි.

‘ඒ කියන්නේ 2021දීත් මේ නැඟිටින්නේ එවැනිම කැරැල්ලක්ද?’

ඒක කියන්න දන්නේ නැත. හැබැයි ලංකාවේ දේශපාලනයේ පළමු ආයුද සන්නද්ධ කැරැල්ල පටන් ගත්තේත් 1971දීය. 1971 කැරැල්ලත්, 1970 සමගි පෙරමුණු ආණ්ඩුව බලයට ගෙන ආ වාමාංශික තරුණ තරුණියන්ගේ ඉච්ඡා භංගත්වයේ කැරැල්ලකි. ඔවුන් බලාපොරොත්තු වූ සමාජවාදී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න සමගි පෙරමුණ අසමත් වූ අතර කලකිරුණු තරුණ තරුණියන් විජේවීරගේ ජ.වි.පෙ. වටා එක්විය. ඒ අවස්ථාවේ විජේවීර රටට සමාජවාදය ගේන්න පොරොන්දු වූ වාමාංශික පක්ෂ ජනතාව ඉදිරියේ නිරුවත් කරනු ලැබීය. ජ.වි.පෙ. තරුණ තරුණියන්ට එරෙහිව මර්දනය දියත් කිරීම නිසා බණ්ඩාරනායක මැතිනිය ජන අප්‍රසාදයට පත්කරන පළමු පියවර පටන් ගත්තේ 1971 කැරැල්ලෙනි.

මේ නිසා 1951, 1991 සහ 2001 වගේම 1971 කියන්නේත් ආණ්ඩුවක් හෝ ජනාධිපතිවරයෙක් බලයට ගෙන එන නායකයන් හෝ කණ්ඩායම් තම කර මතින් බලයට ආ අගමැතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ කල්ක්‍රියාව දැක ඉවසීමේ රතු කට්ට පන්නන ඉලක්කමකි. 1951දී පැන්නේ බණ්ඩාරනායකගේ රතු කට්ටය. 1991දී පැන්නේ ලලිත්ලා ගාමිණීලාගේ රතු කට්ටය. 2001දී පැන්නේ චන්දිකාගේ ඡන්ද මැෂිම වූ එස්.බී,ගේත්, ජී.එල්.ලාගේත් රතු කට්ටය. 1971දී පැන්නේ රටට සමාජවාදය උදාකරන තෙක් බලා සිටි තරුණ තරුණියන්ගේ රතු කට්ටය. 2021 දී පනින්න පටන් අරන් තියෙන්නේ රාජපක්ෂලා රාජාභිෂේක කළ විමල්ලාගේ, උදයලාගේ, වාසුලාගේ රතු කට්ටය.

‘කට්ට පන්නන්න ගිහින් විමල්ලා ඉවර වෙයිද?’

ඒකට හොඳම උත්තරය දීලා තියෙන්නේත් මහින්දමය. ඒ, විමල්ගේ පොත දොරට වඩින දවසේය. මේ මහින්ද එදා කී කතාවය.

‘මට මතකයි 2008ට කලින් විමල් නිසා ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් නොලබපු ජයග්‍රහණ ලබන කොටත් විමල්ටත් ජනතා විමුක්ති පෙරමුණටත් ගහපු හතුරො හිටියා. 2008 විමල් ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට බැස්සාම ඒ අය ප්‍රසිද්ධියේ කිරිබත් කෑවා. විමල්ගේ කරදරේ ඉවරයි කියලා හිතාගෙන ඒ අය එදා ඉඳලා ජනතා විමුක්ති පෙරමුණට ගහන එක නතර කළා. නමුත් විමල් බින්දුවේ ඉඳන් පටන් අරන් ආයෙම තමන්ට අයිති යුතුකමක් තියෙනවා කියලා හිතාගෙන ඒ යුතුකම වෙනුවෙන් පුරුදු ප්‍රහාරය පටන් ගත්තාම අර හතුරොයි, ජේ.වී.පී. එකයි දෙගොල්ලොම එකතු වෙලා ආයෙමත් විමල්ට ගහන්න පටන් ගත්තා. කොපමණ ගැහුවත් කොපමණ දුක් වින්දත් ඒ කිසිවකින් තම යුතුකම දශමයකින්වත් අත් නොහැරපු දේශපාලන චරිතයකට අපේ කෘතගුණ දක්වන්න ඉන්න වඩාත් සුදුසු කෙනා මම කියලයි මට හිතෙන්නේ. මොකද විමල් එහෙම ප්‍රහාරයට ලක්වෙන කොට විමල් දෙවැනි වුණා නම් දෙවැනි වුණේ මට විතරයි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

යුරෝපය ආයෙමත් කොරෝනාවට යටවෙයි!

Next Post

හිටපු මුදල් ඇමැති දැන් ඉන්න මුදල් ඇමැති ගැන අයවැයට කලින් කියපු කතාව! (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.