තමන් නොවැම්බර් 10 වන දා දක්වා විදෙස් ගත නොවන බව හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.Sri Lanka Latest News
ඒ, නීති විරෝධීව මත්පැන් හල් බලපත්‍ර නිකුත් කර ඇති හිටපු සුරාබදු කොමසාරිස්වරයා සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ තවත් නිළධාරීන් කිහිප දෙනෙකු රටින් පලා යාමේ අවදානමක් ඇති බවත් එය වළක්වන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මෝසමක් සලකා බැලූ අවස්ථාවේ දී ය.
වැඩබලන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම මෝසම සලකා බලන ලදී.
හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේශ්ද සිල්වා මහතා පෙනී සිටියේ ය.










