ස්වැප් පහසුකම යටතේ බංග්ලාදේශයෙන් ලබාගෙන තිබෙන ඩොලර් මිලියන දෙසියයක ණය මුදල ආපසු ගෙවීමේ කාලය ශ‍්‍රී ලංකා රජය විසින් දීර්ඝ කරගෙන ඇති බව බන්ග්ලාදේශ මාධ්‍ය වාර්තා කොට ඇත.
ශ‍්‍රී ලංකාව අදියර තුනක් යටතේ බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන දෙසීයක ණය මුදලක් ලබා ගත්තේ ය.
පළමු අදියර ලෙස ඩොලර් මිලියන පනහක් අගෝස්තු මාසයේ 19 වන දා ලබා දී ඇති අතර, දෙවන අදියර ලෙස ඩොලර් මිලියන සියයක මුදලක් අගෝස්තු මාසයේ 30 වන දා ලබා දී ඇත.
පසුව, ඩොලර් මිලියන 50 ක අවසන් වාරිකය සැප්තැම්බරයේ දී ලබා දී ඇත.
බංග්ලාදේශය මෙම ණය මුදල ශ‍්‍රී ලංකාවට ලබා දී ඇත්තේ 2% ක පොලී අනුපාතයකට යටත් වය.
මාස හයකින් අදාල ණය පියවීම සිදු නොකළහොත්, පොලිය 2.5% දක්වා ඉහළ යයි.
බංග්ලාදේශයෙන් ලබා ගෙන ඇති ණය මුදල ආපසු ගෙවීමට ශ‍්‍රී ලංකාවට මාස නමයක පමණ කාලයක් ගතවනු ඇතැයි බංග්ලාදේශය අපේක්ෂා කරන බව පැවසේ.
මේ වන විට බංග්ලාදේශය සතු විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 46.3 කි.