පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ක් පමණ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක (ටග් යාත්‍රා) කොළඹ වරායේ විනෝද සංචාරයකට ඊයේ (9) පස්වරුවේ සහභාගි ඇත.Sri Lanka Latest News
වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ ඉල්ලීමකට අනුව වරාය අධිකාරිය මෙම කුඩා නෞකා වෙන්කර ඇති බවත් එම පිරිසට වරාය අධිකාරියේ භෝජනාගාරයෙන් සියලුම ආහාර සහ පාන වර්ග සැපයූ බවත් වාර්තා වේ.
මෙම සංචාරය සඳහා වරාය අධිකාරියට රුපියල් ලක්‍ෂ 25 කට අධික මුදලක් වැය වන බවත් සංචාරය සඳහා මුහුද හෑරීම සඳහා යොදාගන්නා විශේෂ ටග් යාත්‍රාවක් වරාය අධිකාරිය වෙන්කර තිබූ බවත් දැනගන්නට ලැබුණි.
ප්‍රේමලාල් ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරියක මෙම මස 8 වැනිදා මෙම චාරිකාව සඳහා අවශ්‍ය ආහාර පාන සහ ද්‍රව්‍ය ලැයිස්තුවක් වරාය අධිකාරියෙන් සපයන ලෙස වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
‘සංග්‍රහය සඳහා පහත සඳහන් දෑ ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි’ ලෙස සඳහන් කරමින් පහත ලැයිස්තුව ඉල්ලා තිබේ.
චීස් සැන්ඩ්විච්, බටර් කේක්, ෆිෂ් රෝල්, අයිස් කෝපි, පේපර් කප්, කුඩා වීදුරු, හැදි සහ ගෑරුප්පු, කුඩා පිඟන්, පුටු (කවර සහිත) එක වර්ගයකින් 55 බැගින්, වතුර බෝතල් (පොඩි) 60 ක්, ටිෂූ පැකට් 5 ක්, ටෙන්ට් එකක් පුටු 10 ක් සහ මේස සහිත (ඇමති ආරක්‍ෂක අංශය සඳහා) ලෙස එම ලැයිස්තුවේ සඳහන්ව තිබුණි.
ඊට අමතරව සංග්‍රහය පිළිගැන්වීම සඳහා වරාය කාර්ය මණ්ඩලයේ 5 දෙනකු ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ.
මෙම චාරිකාව සඳහා වරාය අධිකාරිය සතු ‘හංසකාව’ සහ දිය කොවුල්ලා යන යාත්‍රාවන් පසුගිය දෙසැම්බර් මස 13 වැනිදා යොමු කළ ලිපියක් හරහා වෙන්කර ගෙන ඇති බව ද එම ලිපියේ සඳහන් වේ.
නව වසරේ ආරම්භ වෙනුවෙන් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් කෛාළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් සංවිධානය කර ඇති බවත් ඒ සදඟා සහභාගි වන සියලු දෙනා වරාය පරිශ්‍රයේ චෛත්‍ය පාර ප්‍රධාන පිවිසුම අසළට ඊයේ පස්වරු 6.00 ට පැමිණෙන ලෙස ජයසේකර මහතා යැවූ ආරාධනා පත්‍රයේ සදහන්ව තිබූ බවක්ද දැකගන්නට ලැබිණ.










