දෙවන ලෝක යුද්ධ කාලයේදී පවා ආහාර හිගයක් ආ බවත්, ඒ හේතුවෙන් ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ කුමන හෝ බෝග කිහිපයක් වගා කරගත යුතු බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්ය.
“සෑම නිවසකම වගේ මිරිස් පැල කිහිපයක්, බටු පැලයක්, නිවිති ටිකක් වගා කරගන්න. මේ වගේ කෙටි කලකින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි යෝජනා කරලා තියෙනවා කඩිනම් වගා සංග්‍රාමයක්. ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ මොනවා හරි වගාකරගන්න. මොකද දෙවන ලෝක යුද්ධ කාලෙත් ඉතා විශාල ආහාර හිඟයක් ඇති වුණා.”










