ලබන පෙබරවාරි පළමු දා සිට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා හට මුදල් අමාත්‍යංශයේ ඉහළ තනතුරක් ලබා දීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජයසුන්දර මහතා හට මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක් ලබා දීමට නියමිත බව පැවසේ.
ඒ අනුව ජයසුන්දර මහතා තමන් දරන ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් වීමේ ලිපිය මේ වනවිට ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇති බවද දැනගන්නට ඇත.










