සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායක ධූරයෙන් ඉවත් විය යුතු බව හිටපු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දෙන්නේ ප්‍රේමදාස මහතා සජබ නායක ධූරයෙන්ද ඉවත් විය යුතු බවත්, ඒ දෙකම නිවැරදි අයුරින් ඉටු කිරීමට ප්‍රේමදාස මහතාට නොහැකි බවත්ය.
කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැතිවරණයෙන් සජබයේ ඉහළම මනාප ගත් මන්ත්‍රීවරයාය.
නමුත් සරත් ෆොන්සේකා මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට හෝ ඉදිරිපත් වූයේ නැත.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව යමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් බරපතළ පරාජයකට මුහුණ දුන්නේය.










