• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරව කවර් කරන්න ගියාම තංගල්ලේ එජාප මැරයන්ගෙන් ගුටි පූජාවක්! නොමැරී බේරුණේ අනූනවයෙන්! Sri Lanka Latest News

November 17, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුරව කවර් කරන්න ගියාම තංගල්ලේ එජාප මැරයන්ගෙන් ගුටි පූජාවක්! නොමැරී බේරුණේ අනූනවයෙන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එදා 1975 දශකයේ අනුර බණ්ඩාරනායක දේශපාලනයට පිවිසෙමින් ගෙනගිය භූමිකාවේදී තවත් එක් බරපතළ සිද්ධියකට මුහුණපෑමට මටත් එවක ටයිම්ස් පත්‍රයේ මාධ්‍යවේදියකුව සිටි බී.සී. පෙරේරාටත් සිදුවිය. එම කාලසීමාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දකුණේ ප්‍රබල දේශපාලනඥයකුව සිටි ජෝර්ජ් රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසු පැවැති අතුරු මැතිවරණය මෙහෙයවීමේ බර කරට ගෙන තිබුණේද අනුරය. ඒ බලය ඔහුට පවරා තිබුණේද සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියයි. එවක ලංකාදීප පත්‍රය පාලනය කළ අය වැරැදි චිත්‍රයක්ද ඇයට පෙන්වා දී තිබූ බව අප්‍රසිද්ධ කරුණකි. එනම් එවක ලංකාදීප පත්‍රය ලක්ෂ ගණන් රට පුරා බෙදාහැරෙන බවයි. ඒත් ටයිම්ස් ගොඩනැගිල්ලේ බෙදාහැරීමේ සේවක පිරිස් කීවේ සමහර පුවත්පත් ඒජන්සිවලට පත්තර යන්නේ 25කටත් අඩු ප්‍රමාණයක් බවයි. මේ කිසිවක් නොදන්නා බණ්ඩාරනායක අගමැතිනියටද ලංකාදීප පත්‍රය නැතිවම බැරිවිය. (Sri Lanka Latest News)

මුල්කිරිගල අතුරු මැතිවරණය මෙහෙයවීමට අනුර බණ්ඩාරනායක දකුණට ගොස් තාවකාලිකව පදිංචි වී සිටියේය. ඒ දිනවල දේශපාලන කතාබහට පළාතේ දේශපාලනඥයන් අනුර කැඳවූයේ තංගල්ල තානායමටය. එවක තානායම භාරව සිටියේ ජයසිංහ නමැති අයෙකි. අගමැතිවරියගේ පුත්‍රයා නිසා ජයසිංහද අනුරට හොඳට සැලකුවේය. ඔහු සමග එන කණ්ඩායම්වලටද කිසිවකින් අඩුපාඩුවක් නොකළේය. දිනක් මා උදේ ලංකාදීප කර්තෘ මණ්ඩලයට ගිය අවස්ථාවේ ගුණදාස ලියනගේ මහතාගෙන් හදිසි පණිවුඩයක් ලැබිණි. එයින් කියැවුණේ ‘ඔයා ටයිම්ස් කර්තෘ මණ්ඩලයේ බී.සී. පෙරේරා සමග අදම තංගල්ලට යන්න. මට උදේ අනුර කතාකරලා කිව්වා ඔයාලා දෙන්න යවන්න කියලා….’

මා ගුලිගේ කාමරයට යන විටත් ටයිම්ස් පාර්ලිමේන්තු වාර්තාකරු බී.සී. පෙරේරා ගුලිගේ කාමරයේ සිටියේය. යළි ගුලි හඬ අවදි කළේය.
‘ප්‍රේමලාල් ආපහු ගෙදර ගිහින් ඇඳුම් සූදානම් කරගෙන අපේ වාහනේකුයි, මුදලුයි අරන් අදම බී.සී. එක්ක පිටත්වෙන්න. බී.සී.ත් ඔයා එන වෙලාවට කන්තෝරුවට ඇවිත් ඉඳීවි…’

එදා දහවල් මම බී.සී. සමග තංගල්ල තානායම බලා පිටත් වුණෙමි. අපි එහි ළඟාවන විට රාත්‍රී 9ද පසුවී තිබිණි. ඒ වන විටත් තානායමේ පැවැති දේශපාලන සාකච්ඡාවකින් පසු අනුර එළියට බැස්සේ ඔහු නැවතී සිටි ‘බේ හෝටලයට’ යෑමටය. අප දුටු විගස අනුර කීවේ පසු දින මුල්කිරිගල බලා යනවිට තමන්ගේ ආරක්ෂක රථයට නැගී අප දෙදෙනාට තමන් සමග එන ලෙසය. අප තංගල්ලට ගිය දින සිට දිනපතා අනුර සමග දේශපාලන රැස්වීම් වාර්තා කළෙමු. දිනපතා වාර්තා දෙකක් හෝ තුනක් තංගල්ල තානායමේ සිට ලංකාදීපයට සහ ටයිම්ස් පත්‍රයට ලබාදීම අපේ රාජකාරිය විය. මේ සඳහා යොදාගෙන සිටි තවත් ප්‍රාදේශීය ඡායාරූප ශිල්පියකු යොදවා ලබාගන්නා ඡායාරූප අනුරට කොළඹ සිට පත්තර රැගෙන දිනපතා තංගල්ලට එන පොලිස් රථයකින් නැවත කොළඹ ටයිම්ස් ආයතනයට යැවීමට කටයුතු යොදා තිබිණි.

අනුර දේශපාලන ප්‍රචාරක රැස්වීම්වලට යද්දී අප දෙදෙනා කොළඹ සිට ගිය ටයිම්ස් ආයතනයේ වෑන් රථය තානායමේ දමා අනුරගේ දෙවැනි ආරක්ෂක රථයෙන් ඔහු හඹා ගියෙමු. දිනක් වෙනදා අප රැගෙන ගිය ආරක්ෂක රථය කිසියම් දෝෂයක් නිසා තංගල්ලේ ගරාජයකට දැමීමට සිදුවිය. එදා අපට යෑමට සිදුවූයේ ටයිම්ස් වෑන් රථයෙනි. මුල්කිරිගල ප්‍රදේශයේ දේශපාලන උණුසුමද ඒ වනවිට ඉහළ නැග තිබිණි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ දේශපාලනඥයෝ ඇතැම් අවස්ථාවලදී ගම් මැදින් නීති විරෝධී ලෙස පෙළපාළි ගියහ. එදා අප ගමන්ගත් වෑන් රථය අනුරගේ මෝටර් රථ පෙළ ගමන් ගන්නා වේගය අනුව ධාවනය කිරීමටද අපහසු විය. විරුද්ව පක්ෂවල සාමාජිකයන් අවස්ථා ගණනාවකදී මැර බලය යෙදීමට තැත් කළ අවස්ථා ගැනද අපට දැනගන්නට ලැබී තිබිණි. ඒ තරමට දවසින් දවස දේශපාලන තත්ත්වය උණුසුම් විය.

දිනක් අප දෙදෙනා අනුර සහභාගි වූ රැස්වීම් තුනක් ආවරණය කොට ආපසු එද්දී දේශපාලන මැර පිරිසකට කොටුවීමට සිදුවිය. ඔවුන් එජාපයේ මැර පිරිසකි. අනුර ඒ වනවිට ලංකාදීප පුවත්පත බදුගෙන තිබීමට එරෙහිවද විරුද්ධවාදීන් පත්‍රිකාද බෙදාහැර තිබිණි. එදා අප එම එජාපයේ මැර පිරිසට මැදිවන විට ඔවුන් කෑගැසුවේ ‘ඔය වාහනේ අනුරයගේ. ඕකේ ඉන්න එවුන්ටත් ගහපියව්. වෑන් එක ගිනි තියපියව්…’ කියාය. ඒ මහා ඝෝෂාව නැගුණේ සියයකට ආසන්න මැර පිරිසකගෙනි. ඒ මොහොත අපට මරණ බිය දැනුණු පළමු අවස්ථාව බව කිවහොත් එය නිවැරැදිය. අප සිටි වෑන් රථයට මැරයන්ගෙන් යකඩ පොලු පහර කිහිපයක්ද එල්ල විය. අපගේ වාසනාවකට මෙන් එම මොහොතේම පොලිස් ජීප් රථ දෙකක් ඒ අසල නතර විය. ඉන් බැසගත් පොලිස් භටයන් මැරයන්ට බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කර ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළ ආකාරය අපට දැකගන්නට ලැබිණි.

එදින අපගේ වෑන් රථය පොලිස් ආරක්ෂාව මධ්‍යයේ තංගල්ල තානායමට ගෙන ආවේය. ඒ වනවිටත් මෙම සිදුවීම අනුරගේ කනට වැටී ඔහුද ආරක්ෂකයන් පිරිවාගෙන තංගල්ල තානායමට පැමිණ සිටියේය. මේ සිදුවීම නිසා අප දෙදෙනා තැතිගෙන සිටින බව අනුරට දැනෙන්නට ඇත. එහිදී අනුර කීවේ ‘ප්‍රේමලාල් දැන් ඔයාලා දැන් මෙහෙට ඇවිත් සතියක් විතර වෙනවනේ. හෙට උදේ කොළඹ යන අපේ ආරක්ෂක රථය පසුපසින් ඔයාලාගේ වෑන් එක එන්න. එහෙම ගිහින් දවස් කීපයක් විවේක ගන්න….’ අනුර මට කීවේය.

එදා ඒ සිද්ධියෙන් පසු යළි තංගල්ලට නොඑමි යන අදහස අප දෙදෙනාම තරයේ අදිටන් කරගෙන, ඒ බව ගුලිට පැමිණිලි කිරීමට පියවර ගත්තෙමු.
1976 ජුනි 18 වැනිදා පැවැති මුල්කිරිගල අතුරු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ ලක්ෂ්මන් රාජපක්ෂ මහතා ජයගෙන ඇති බව වාර්තා විය. සිරිමාවෝ බණ්ඩාරනායක රජය පැවැති යුගයේ සිට රාජ්‍ය බලය අවභාවිත නොවිණි නම් මන්ත්‍රී පදවියක්වත් නොමැතිව සිටි අනුර බණ්ඩාරනායකගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් සහ වාහන ලබාදීමට අවශ්‍යතාවක් පැනනොනගිනු ඇත. ඒ මගේ හැඟීමයි.

ඒ දිනවල එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයද පැවැතියේ නැත. එම යුගයේ ලංකාදීපයේ පුවත්පත් වාර්තාකරුවකු ලෙස අනුරගේ දේශපාලන කටයුතු වාර්තා කිරීමට යොදවා තිබුණද මා කිසි දිනෙක පත්තර කලාව දේශපාලනයට නතු කරගත්තේ නැත. ඒ බව නොදන්නා ලංකාදීපයේ එවක සිටි ඇතැම් මාධ්‍යවේදීන් මා ‘අනුරගේ මිනිහා’ යනුවෙන් ලේබලයක්ද අලවා තිබිණි. ඒ අය රහසින් සාකච්ඡා කරමින් සිටියේ රාජ්‍ය බල පෙරළියක් සිදුවූ විගස මා හට දේශපාලන රැග් එකක් දීමටය. ඒ බව මට රහසින් පැවැසුවේ ලංකාදීපයේ සිටි මගේ සමීප මාධ්‍ය සගයෙකි.

1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වෙනුවෙන් සිදුවූ රාජ්‍ය පෙරළියට පෙර එවක පැවැති සිරිමාවෝ රජය විසුරුවා හැරීමත් සමග ඇත්ත කතා කරන්නට ගොස් මුද්‍රා තබා තිබූ දවස පත්‍රයට යළි මාධ්‍ය නිදහස හිමිවිය. ඒ සැණින් මාද දවස පත්‍රයට සම්බන්ධ වූයේද අනුරටත් නොකියාමය. අනුර මා දවස පුවත්පතට සම්බන්ධ වූ බව දැනගත්තේ පොලිසියට අදාළව දවස පත්‍රයේ මා ලියූ ප්‍රධාන පුවතක් දැකීමෙන් පසුවය. අනුර එම පුවත දැක තිබුණේ නුවරඑළිය සෙන්පති බංගලාවේ උදෑසන තේ මේසයට ගෙන ආ දවස පත්‍රයෙන් බව මට පසුව දැනගන්නට ලැබිණි. ඒ බව මට කීවේ අනුරගේ ආරක්ෂක නිලධාරියකුව සිටි ජයසිංහ නමැත්තෙකි. ජයසිංහ අත්තනගල්ලේ පදිංචි තරුණයෙකි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

රක්ෂණ ක්ෂේත්‍රයේ දින දින ජයකෙහෙළි නංවන ප්‍රමුඛයා – පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී!

Next Post

රනිල් එක්ක හොරෙන් ඩීල් දාපු.. ජනාධිපති ඡන්දෙ ඉල්ලන්න ගිහින් ජනතාව කුජීත වෙන්නම පරද්දපු.. මහඡන්දෙට ඉල්ලන්න බයේ හැංගිච්ච ෆොන්සේකා කියනවා සජිත්ට යන්නලු! මේ වගේ මිනිස්සුන්ට තවත් ලැජ්ජා නෑ! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.