• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරට ඔත්තුවක්! හංගේරියානු – ආජන්ටිනා නායකයන් ට්‍රම්ප්ගෙ බද්දෙන් බේරුණු හැටි දැනගන්න! Sri Lanka Latest News

November 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුරට ඔත්තුවක්! හංගේරියානු – ආජන්ටිනා නායකයන් ට්‍රම්ප්ගෙ බද්දෙන් බේරුණු හැටි දැනගන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ රටවල් අතරින් මහා බලවතුන් සිටින්නේ අතේ ඇඟිලි ගානට පමණි. එහෙත් මෙම බලවතුන්ගෙන් උඩින්ම සිටින්නේ කවරෙක්ද? එය නම් වෙනත් කවරෙකුත් නොව ඇමෙරිකා එක්සත් ජනපදයයි. මුළුමහත් ලොවම අවිවාදයෙන් පිළිගන්නා කරුණ එය වෙයි. රටවල් ලෙස අවිවාදයෙන් පිළිගත් එම කරුණේදී එසේ නම් එම රටවලට අදාළ රාජ්‍ය නායකයන්ගේ ස්ථාවරය කුමක්ද? එහිදී එක් වරම ප්‍රකාශිත වන කරුණ නම් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා පුද්ගල වශයෙන් ලෝක බලවතා ලෙස සැලකීමය. එනම් මෙම කාලයේදී එම ප්‍රබලත්වය හිමිකර ගනු ලබන පුද්ගලයා වන්නේ ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. දැනට 79 වැනි වියේ පසුවන ඔහු මෙවර 47 වැනි ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති අතර, ඉන් පෙර ඔහු 45 වැනි ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළේය. මෙම පරිණත දේශපාලකයා දෙවැනි වරට ජනාධිපති ධුරයට පත්වන්නේ 2025 ජනවාරි 20 වැනිදා වන අතර, එනම් මෙම නොවැම්බර් 20 වැනිදාට මාස 10ක් සපිරෙයි. ඒ අනුව බලන විට තවද ගතවී ඇත්තේ ඉතා කෙටි පාලන කාලයකි.Sri Lanka Latest News

අද ඔබට මෙම වටපිටාව සිහිගැන්වූයේ කුමන හේතුවක් නිසාද? එය නම් මෙලෙස ලෝකයේ මහා බලවතා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගැන මෙම මාස 10ක් වැනි කෙටි කාලයට අසන්නට ලැබුණු විවිධ ආන්දෝලනාත්මක පුවත් රාශියක් හේතුවෙනි. ඇමෙරිකාව හරහා ඇසුණු එම පුවත් මුළුමහත් ලෝකය හරහාම ප්‍රචලිත වූයේ එක්තරා ගිනි ජාලාවක් ලෙසටය. මෙහිදී ලෝකයේ රටවල් රාශියක්ම විශාල අර්බුදයකට පත්කළ ප්‍රධානතම පුවත වූයේ මෙම ඇමෙරිකානු රාජ්‍ය පාලකයා බලයට පත්ව දින ගණනාවක් ඇතුළත ලෝකයේ රටවල් රාශියකට විවිධ බදු තහංචි, පුද්ගල සංක්‍රමණික තහංචි, සම්බාධක තහංචි මෙන්ම විවිධ දඩ පැනවීම් ආදිය ස්ථාපිත කිරීමට තීරණයන් සහ නියෝගයන් පැමිණවීමය. මෙම ප්‍රබල වටපිටාවේදී එම පීඩනයට ලක්වූ එක් ප්‍රධානම රටක් වූයේ අපගේ ශ්‍රී ලංකාවය. අප රටට එයින් එල්ලවී ඇති බලපෑම මේ වනවිටද ඉතා ප්‍රබල අර්බුදයක් බවට පත්ව ඇත. මුලින් මෙරටට එසේ ඇමෙරිකාව විසින් පනවනු ලැබූ අධික බදු ඉහළ දැමීම් සහ අනෙකුත් තහංචි යම් අයුරකින් පමණක් ලිහිල් වුවද ඒවා මේ වනවිටද ඉතා උච්ච අයුරින් අප රටට බලපෑම් සිදුකරමින් සිටී. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම දරදඬු ප්‍රතිපත්තිය නිසා මේ වනවිට ලෝකයේ රටවල් රාශියක් දැඩි පීඩාවට සහ අසහනයට පත්ව ඇත. එහෙත් මෙම තත්ත්වයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගත් රටවල්ද ලෝකයේ වෙති. එනම් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව යම් රටවල වත්මන් රාජ්‍ය පාලකයන් ක්‍රියා කළ ආකාරය දක්නට හැකි විය. එහිදී විශේෂයෙන්ම ප්‍රධාන තැනක් ගත් රටවල් වූයේ රුසියාව සහ චීනයයි. එසේම ට්‍රම්ප් පරිපාලනය සමග සුහදත්වයෙන් කටයුතු කරමින් ක්‍රියාකළ රටවල්ද දක්නට හැකි විය. එහිදී එම රටවල ප්‍රධාන පරමාර්ථය වූයේ ඇමෙරිකානු රාජ්‍ය පාලනය මගින් තමන්ගේ රටවලට පනවනු ලැබූ තහංචිවලට යම් සහනයක් ලබාගැනීමය.
මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී මෙම අර්බුදයට අදාළ සුවිශේෂ සිදුවීම් දෙකක් මෙයට දින කිහිපයකට පෙරදී ආරංචි විය. එය කුමක්දැයි සොයා බලමු. ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ විවිධ බදු තහංචි සහ අනෙකුත් සම්බාධක පනවනු ලැබූ ලෝකයේ ප්‍රධානතම රටවල් දෙකක් වූයේ හංගේරියාව සහ ආජන්ටිනාව විය. පසුගියදා මෙම දෙරටෙහි රාජ්‍ය පාලකයන් අපූරු තීරණයකට එළඹියේය. එනම් තමන්ගේ රටවලට ඇමෙරිකාව විසින් පනවනු ලැබූ විවිධ තහංචි ලිහිල් කරගැනීම උදෙසා ඇමෙරිකානු පාලනය සමග සුහදව සාකච්ඡා කිරීමය. මෙම ක්‍රියාවලිය සිදුකෙරුණේ රටවල් දෙකෙහි රාජ්‍ය පාලකයන් වෙන වෙනම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමෙන්ය. ඔවුන් මේ සඳහා සුදුසු කාලවකවානුවක් සැලසුම් කර ගත්තේය. එය නම් පසුගියදා ඇමෙරිකාවේදී පැවැති 80 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සමුළුවයි. ලෝකයේ රටවල් 193ක ප්‍රධාන රාජ්‍ය නායකයන් සහභාගි වූ මෙම මහා සමුළුව පවත්වනු ලැබුවේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද පසුගියදා එම අවස්ථාව සඳහා සහභාගි විය. සියලු රාජ්‍ය නායකයන් අතරින් මෙම සමුළුවේදී ප්‍රධාන ස්ථානය ගන්නා පුද්ගලයා වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයාය. මෙවර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විනාඩි 54ක දීර්ඝ දේශනයක් සිදුකළ අතර, එහිදී ඔහු නූතන ගෝලීයකරණය ප්‍රධාන විෂයක් ලෙස සලකමින් තම දේශනය සිදුකළ ආකාරය දක්නට හැකි විය.

දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. එනම් මෙවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුව වෙත පැමිණි රාජ්‍ය නායකයන් ගණනාවක්ම තමන්ගේ රටවලට නව ඇමෙරිකානු ප්‍රතිපත්තිය හරහා බලපානු ලබන ප්‍රශ්න ගැන සාකච්ඡා කළේය. මෙහිදී සමහර රාජ්‍ය නායකයන් මූලස්ථානය තුළදීම ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ අතර, සමහර නායකයන් ජනාධිපති නිල නිවස වූ ධවල මන්දියර වෙත ගොස් ඔහු සමග සාකච්ඡා කළේය. මේ අනුව තමන්ගේ රටවලට බලපා ඇති දැඩි අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට ඉතා සාර්ථකව සාකච්ඡා පවත්වමින් එමෙන්ම සාර්ථක ප්‍රතිඵලද ලබාගත් නායකයන් දෙපළ වූයේ ආජන්ටිනාවේ ජනාධිපති ජාවියර් මිලෙයි සහ හංගේරියාවේ අගමැති වික්ටොර් ඔර්බාන් යන දෙදෙනාය. ඔවුන් ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවෙමින් තම රටවල් මුහුණපානු ලබන විවිධ ප්‍රශ්න සඳහා සාර්ථක විසඳුම් ලබාගත්තේය.

ආජන්ටිනාවේ සහ හංගේරියාවේ රාජ්‍ය නායකයන් දෙදෙනා නව ඇමෙරිකානු ප්‍රතිපත්තිය නිසා තම රටවල් පත්ව සිටින අර්බුදකාරී තත්ත්වයට නිසි විසඳුම් සොයාගැනීමට සාර්ථකව කටයුතු කළේය. ඔවුන් බොහෝ ක්‍රියාශීලීව සහ එඩිතරම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී එම මෙහෙවර තම රටවල ජනතාව වෙනුවෙන් ඉටුකර ගත්තේය. මේ නිසා ඇමෙරිකානු තීරුබදු තහංචි සහ තවත් සම්බාධක ගණනාවකට නිසි විසඳුමක් ලබාගැනීමට එම රාජ්‍ය නායකයන් සමත් විය. එම රාජ්‍ය නායකයන් එසේ තම ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුවත් එවැන්නක් අපගේ රාජ්‍ය නායකයන්ගෙන් සිදුවී තිබේද? ඔබම බුද්ධියෙන් හොඳින් සිතා බලන්න.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඉල්මහ සැමරුමට ටිල්වින් දාපු ෆේස්බුක් සටහනට ජනතාව දුන්න උත්තර! Sri Lanka Latest News

Next Post

හිතාගන්නවත් බෑ! මයිකල් ජැක්සන් මැරිලා නෑ! සෙනොලෝවාවල ජීවත් වෙනවා! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.