• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆෙරාරි එක අල් ජසීරාවේ හැප්පී කුඩුපට්ටම්! Sri Lanka Latest News

March 8, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Ford v Ferrari සිනමා පටය නිර්මාණය වන්නේ 2015 වර්ෂයේදීය. Ford මෝටර් රථ සමාගම සහ Ferrari මෝටර් රථ සමාගම අතර පවතින තරගකාරීත්වය මෙම සිනමා පටයෙන් මැනැවින් පෙන්නුම් කරයි. Ferrari vs Lamborghini එසේත් නොමැති නම් The Man Behind the Legend සිනමාපටය නිර්මාණය වන්නේ 2022 වර්ෂයේදී. Ferrari රථ සමාගමේ සහ Lamborghini මෝටර් රථ සමාගමේ තරගකාරීත්වය සමග එම සමාගම්වල නවීනතම මෝටර් රථ නිෂ්පාදනය වන ආකාරයද මෙම සිනමා පටය තුළින් නිර්මාණශීලීව ඉදිරිපත් කරනු ලබයි. Sri Lanka Latest News

Ferrari මෝටර් රථ ඉතාලියේ නිෂ්පාදනය කරනු ලබන අතර, ලාංඡනය වන්නේ කකුල් දෙකෙන් සිටගෙන ඉදිරිපස කකුල් දෙක ඔසවාගෙන සිටින අශ්වයෙකි.
Lamborghini මෝටර් රථයද නිෂ්පාදනය කරනු ලබන්නේ ඉතාලියේ වන අතර, එහි ලාංඡනය කුළු හරකෙකි.

Ford මෝටර් රථය ඇමෙරිකානු එක්සත් ජනපදයේදී නිෂ්පාදනය කරනු ලබන අතර, ලාංඡනය වන්නේ Ford වචනයමය.

අධික වේගයෙන් මෙන්ම උපරිම සුවපහසු ආකාරයට ගමන් කිරීමට හැකි වීම මෙන්ම මෙම මෝටර් රථ සමාගම් සඳහා සැලකිය යුතු ඉතිහාසයක් පැවතීම නිසාම මෙම මෝටර් රථ මුළු ලෝකයේම අවධානය දිනාගෙන ඇත.

ඒ වාගේම මෝටර් රථ ඉතිහාසය තුළ Ferrari, Lamborghini, Ford මෝටර් රථ සඳහා යම් ගාම්භීරත්වයක් මෙන්ම යම් ගෞරවයක් හිමිවීමද සඳහන් කළ යුතුය.

Ferrari, Lamborghini, Ford මෝටර් රථ සමග පාර්ලිමේන්තුවට තිබෙන ගනුදෙනුව කුමක්ද කියා මෙම ලිපිය කියවාගෙන යන කෙනකුට යම් ගැටලුක් මතුවුවහොත් එහි කිසිදු වරදක්ද නැත.

මෙරට 8 වැනි විධායක ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේ Ferrari ලයිසන් තියෙන තමන්ට L බෝඩ්කාරයන් සමග ගනුදෙනුවක් නොමැති බවයි.

Ferrari, Lamborghini, Ford වැනි මෝටර් රථ සමාගම්වල නවීන පන්නයේ වාහන වේගයෙන් පැදවීම ඒ තරම් පහසු නොවේ.

ෆෙරාරි මෝටර් රථයක් පැදවීමට නම් දක්ෂ රියැදුරකු වාගේම ෆෙරාරි මෝටර් රථයේ ගියර් පද්ධතිය සහ අනෙකුත් උපාංග ගැන වෙනම අවබෝධයක් තිබිය යුතුමය.

ෆෙරාරි මෝටර් රථයක් පැදවීමට මනා පළපුරුද්දක් තිබිය යුතු අතර, එය ෆෙරාරි ලයිසන් එකක් වැනි දෙයක් වශයෙන්ද කෙනකුට හැඳින්විය හැකිය.

ෆෙරාරි ලයිසන් එකක් යනුවෙන් හැඳින්වීම තුළ තිබෙන්නේ මෝටර් රථ ධාවනයට තිබෙන මනා පළපුරුද්දයි.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලබන්නේ ෆෙරාරි රථයක් පදවනවා වැනි පළපුරුද්දක් දේශපාලනයේ තිබෙන තමා සමග වර්තමාන පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් පෑහෙන්නේ නැහැ කියන කතාව නොවේද?

නොඑසේ නම් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුනෙන් දෙකකටත් වඩා සිටින මෙම පාර්ලිමේන්තුව තුළ තමා වැනි ජ්‍යෙෂඨයකු සමග පෑහෙන, තර්ක කරන, අදහස් ඉදිරිපත් කරන, දැනුම තිබෙන මන්ත්‍රීවරුන් නොමැති යැයි කියා යම් චෝදනාවක් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා එල්ල කරන බවක් පෙනේ.

පසුගිය දිනවල අවස්ථා දෙක තුනකදීම රනිල් වික්‍රමසිංහගෙන් මෙම ෆෙරාරි ලයිසන් සහ ‘එල්’ බෝඩ් කතාව අසන්නට ලැබිණි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ වෘත්තීයවේදීන් පිරිසක් අතර පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණේ කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයකදීය.

මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනද සහභාගි වී සිටියේය.

රටේ වර්තමාන දේශපාලන තත්ත්වයට අමතරව රනිල් වික්‍රමසිංහ සහභාගි වූ 8 වැනි ඉන්දීය සාගර සමුළුව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණී.

‘සර් ආපහු පාර්ලිමේන්තුවට එනවා කියලා කතාවක් යනවා. මොකද කියන්නේ…?’ ඒ ගැන වෘත්තීයවේදීන් රනිල් වික්‍රමසිංහගෙන් විමසා සිටියේය.

‘සර් වගේ පරිණත කෙනෙක් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ. ඇත්තටම සර් පාර්ලිමේන්තුවට එන්න තීරණය කළොත් ඒක fාහඳයි කියලයි අපේ අදහස…’ එම වෘත්තීයවේදීහු වැඩිදුරටත් පැවැසූහ.

රනිල් වික්‍රමසිංහ මෙම සියලු කතා අසාගෙන සිටියේය. මඳ නිහඬතාවක් ආරක්ෂා කළ රනිල් කතා කළේ යම් උපහාසය මුසුවූ ස්වරයකිනි.

‘ෆෙරාරි ලයිසන් තියෙන කෙනෙක් ‘එල්’ බෝඩ්කාරයෝ එක්ක කාලය ගතකරන්නේ නැහැ…’ යනුවෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
මෙම ෆෙරාරි ලයිසන් සහ ‘එල්’ බෝඩ් කතාව සුළුවෙන් තැකිය නොහැක.

මෙහි බරපතළ දේශපාලන කාරණා රැසක් තිබෙන බව අප ඉතා හොඳින් තේරුම්ගත යුතුය.

වර්තමාන මාලිමා ආණ්ඩුවට තවම මාස 6කි. තවත් වසර හතරහමාරක් ඔවුන් මෙම මෝටර් රථය ධාවනය කළ යුතුය. රනිල්ම කියන ආකාරයට ‘එල්’ බෝඩ්කාරයන්ට තවත් වසර හතරහමාරක් නිරුපද්‍රිතව මෙම මෝටර් රථය ධාවනය කළ හැකිද? ඒ ගැන මනා විපරමකින් සිටින්නේ ෆෙරාරි ලයිසන් තිබෙන රියැදුරෙකි.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවන අතරතුරදීද රැස්වීම් කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ මෙම ‘එල්’ බෝඩ් කතාව කීවේය.
ඔහු ‘එල්’ බෝඩ්කාරයන් යනුවෙන් හැඳින්වූයේ මාලිමාවයි.

නමුත් රනිල් වික්‍රමසිංහ අවස්ථා කිහිපයකදීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

එක් අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වුවද ඔහු විරුද්ධ පක්ෂයේ වගකීම නිසි ලෙස ඉටු නොකළ නිසා අනුර කුමාර දිසානායක ඉදිරියට පැමිණී බවයි.

තවත් අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මෙම ජනාධිපතිවරණයෙන් සජිත්ට වඩා අනුර ඉදිරියෙන් සිටින බවත්ය.

‘සජිත්ට බැහැ අනුරව පරද්දන්න…’ යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.
රනිල්ගේ එම ප්‍රකාශ අනුරගේ ජයග්‍රහණයට යම් බලපෑමක් කළ බව නොරහසකි.

රනිල් එසේ කීවේ බුද්ධි අංශ වාර්තාවලින් අනුර ඉදිරියෙන් සිටින බව දැනගෙනද? එසේත් නැතිනම් සජිත් පරාජය වී අනුර දිනූවිට තමන්ගේ දේශපාලනයට ඉදිරියේදී තවත් ඉඩක් හිමිවන බව ඉවෙන් මෙන් රනිල් වික්‍රමසිංහ දැනගත් නිසාද?

සමගි ජන බලවේගය සහ විරුද්ධ පක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ අතර එතරම් අවබෝධයක් නොමැති බව පෙනේ.

පාර්ලිමේන්තුවෙන් පිටත සිටියත් ජනසෙත පෙරමුණේ නායක ජූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ආණ්ඩුවට එරෙහිව ගොඩනගන තර්කවත් ඇතැම් අවස්ථාවලදී විරුද්ධ පක්ෂයට ගොඩනැගීමට නොහැකි වී ඇත.

සත්ව සංගණනයක් සඳහා විනාඩි 05ක් තුළ සත්තු ගණන් කළ යුතුයි යනුවෙන් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාව විරුද්ධ පක්ෂයේ සිටින විට ප්‍රකාශ කළා නම් එවක තිබුණු ආණ්ඩුවලට අසන්නට ලැබෙන කතා ඔබට සිතාගැනීමටවත් නොහැකි වනු ඇත.

ඔය සඳහන් කළේ එක් කරුණක් පමණි. තවත් ඕනෑ තරම් මාතෘකා තිබේ.
එම නිසා රනිල් වික්‍රමසිංහ ‘එල්’ බෝඩ් කතා මෙන් ආණ්ඩු පක්ෂයට මෙන්ම විරුද්ධ පක්ෂයටද එල්ල කර ඇත්තේ බරපතළ චෝදනාවකි.

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක, විපක්ෂයේ සිටියා නම් ගොඩනගන තර්ක, වර්තමාන විපක්ෂයට තවමත් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි?

ඊට අමතරව නවක මන්ත්‍රීවරුන්ටද රනිල් වික්‍රමසිංහ ෆෙරාරි ලයිසන් කතාව හරහා යම් බරපතළ දෙයක් ප්‍රකාශ කරනු ලබන්නේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරවයි.
කෙසේ වෙතත් රනිල්ගේ මේ ෆෙරාරි කතාවට පසුගිය සිකුරාදා (07) දිනයේදී සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අපූරු පිළිතුරක් ලබාදුන්නේය.
අමාත්‍යවරයා සිය කතාව ආරම්භ කළේම උදෑසනම පාර්ලිමේන්තුවට ශෝකජනක පුවතක් වාර්තා කිරීමට සිදුව ඇතැයි කියමිනි.

බිමල් එසේ කියද්දී සියලු දෙනාම පුදුමයට පත්ව බිමල් කරන කතාව දෙස බැලුවද බිමල් ඇත්තටම කිව්වේ කුමක්ද යන්න පිළිබඳ සියලු දෙනාටම වැටහී ගියේ විනාඩියක පමණ ඔහුගේ කතාවේ අවසානයේදීය.

එහිදී රනිල්ව දැඩි ලෙස උපහාසයට ලක්කරමින් බිමල් කීවේ ෆෙරාරි එක අල් ජසීරා එකේ හැප්පී කුඩුපට්ටම් වී ඇතැයි කියාය. එම අනතුරින් එතුමාගේ මොළයට දැඩි හානි සිදුවීම නිසා ඔහු මේ දිනවල විකාර කියවමින් සිටින බවද බිමල් එහිදී කියා සිටියේය.

සියලු දෙනාටම බිමල්ගේ කතාවේ තේරුම වැටහුණේ එවිටය.

ඊට පෙර දින රාත්‍රියේ රනිල් සහ අල් ජසීරා නාලිකාවේ මාධ්‍යවේදී මෙහ්දි හසන් අතර පැවැති සම්මුඛ සාකච්ඡාව විකාශය කළ අතර, එහිදී බටලන්ද පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවේදී රනිල් දැඩි ලෙස අපහසුතාවට පත්වූ ආකාරයක් දැකගත හැකි විය.

එහිදී දිගින් දිගටම රනිල්, බටලන්ද අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව කියද්දී එහි සිටි මාධ්‍යවේදිනියක විසින් අදාළ වාර්තාව සභාවේ සිටි සියලු දෙනාටම පෙන්වීමත් සමග රනිල්ට කටඋත්තර නොමැති වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. බිමල්ගේ කතාවට පදනම් වූයේ එම සිදුවීමය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

ට්‍රම්ප් අතහරින නිදහස් ලෝකයේ ඊළඟ නායකයා මැක්රෝන්ද? Sri Lanka Latest News

Next Post

තිස්ස අත්තනායකලා ඒ දවස්වල රනිල් එක්ක හොඳට නෑවෙ මෙන්න මෙහෙමයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.