කුසගින්න දැනෙන්නේ දෙමළ ජනතාවට පමණක් නොවන බවත්, සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාටම කුසගින්න එක හා දැනෙන බවත්, එමනිසා ආහාර එවන්නේ නම් සිංහල දෙමළ මුස්ලිම් යන සියලු ලාංකිකයන්ට එවන ලෙසත් ද්‍රවිඩ තරුණයකු වන හරේන්ද්‍රන් ක්‍රිෂ්ණස්වාමි ඉල්ලීමක් කොට ඇත.
තමිල්නාඩු මහඇමැති එම. කේ. ස්ටාලින් විසින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට කෑම එවීමට සූදානම් බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් මෙම තරුණයා මේ බව ප්‍රකාශ කොට තිබේ.
මින් ඉදිරියට ලංකාවේ ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීමට දේශපාලකයන්ට ඉඩ නොතබන බවත් හෙතෙම එහිදී සදහන් කර සිටියේය.