තම පියා නිවස තුළ මියගොස් දින තුනක් ගත උවත් ඒ පිළිබදව නොදැන නිරාහාරව නිවසේ ඇඳක් මතට වී සිටි විශේෂ අවශ්‍යතා සහිත 20 හැවිරිදි පිරිමි දරුවකු අතුරුගිරිය ඔරුවල මිලේනියම් සිටි ප්‍රදේශයේ නිවසක දී ඊයේ (04) දින සොයා ගැනීමට හැකි වූ බව අතුරුගිරිය පොලිසිය පවසයි.Sri Lanka Latest News
මෙලෙස මියගොස් ඇත්තේඅතුරුගිරිය මිලේනියම් සිටි කලාප අංක 05 හී පදිංචිකරුවකු වන මානවඩුගේ අමිත් විමුක්ති ද සිල්වා නමැති 64 හැවිරිදි එක්දරු පියකු වන ව්‍යාපාරිකයෙකි.
නිවස තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සමඟින් ව්‍යාපාරිකයෙකු වන ඔහුගේ පියා ජීවත්ව තිබේ.
දින තුනක පමණ කාලයක සිට ඔවුන්ගෙන් දුරකථන ඇමතුමක්වත් ලබා නොගැනීම නිසාවෙන් ඔවුන්ගේ ඥාතීන් එම නිවසට පැමිණ සොයා බැලුවද දොර ජනෙල් වසා තිබූ බැවින් ඒ පිළිබඳව අතුරුගිරිය පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන් පැමිණ අදාළ නිවසෙහි ඉදිරිපස දොරගුළු කඩා නිවස තුළට ඇතුළු වී සොයා බැලීමේදී එහි නාන කාමරයේ ඉදිරිපිට ලේ පැල්ලම් සහිතව මුනින් අතට වැටී සිටි නිවසේ හිමිකරුගේ මෘත දේහය හමුවු බව පොලිසිය පවසයි.
ඒමෙන්ම නිරාහාරව සිටි දරුවා නිවසෙහි කාමරයක ඇඳක් මතට වී ගුලි වී සිටින ආකාරයක් පොලිස් නිලධාරීන් දැක ඇත.එම තරුණයා රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කොට ඇත.
මෙම ව්‍යාපාරිකයාගේ බිරිඳ වසර අටකට පමණ පෙර රැකියාවක් සදහා විදෙස් ගතව ඇති බවත් ඇය විසින් එවන මුදලින් දෙදෙනා ජීවත් ව ඇති බවත් සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි











