සාමාන්‍ය ගාස්තු යටතේ හොරණ සිට මහනුවර දක්වා දිනපතා ගමන් ගන්නා පොදු මගී බස්රථය තුල පුස්ථකාල පහසුකම් සලසාදීමේ විශේෂ ප්‍රජා සේවාවක් විවෘත කිරීම පසුගියදා කෑගල්ලේදී සිදු කෙරිණි .Sri Lanka Latest News
මෙම බසය තුල එම සේවාව පවත්වාගෙන යනු ලබන්නේ කෑගල්ල මහජන පුස්ථකාලය මගිනි.දිනපතා උදෑසන 05.30 ට හොරණ නගරයෙන් ගමන් අරඔන මෙම බස්රථය ( N.C.7285) මහනුවර නගරයට ලගාවන්නේ පෙරවරු 09.00 ටයි.
හංවැල්ල,පාදුක්ක,පූගොඩ,කිරිදිවැල,අත්තනගල්ල,පස්යාල,වරකාපොල,කෑගල්ල,මාවනැල්ල,පේරාදෙණිය,යන ප්‍රධාන නගර රැසක් පසුකරමින් ධාවනය වන රුවන්ත ප්‍රදීප් මහතාට අයත් මෙම බස්රථයේ මෙම පුස්ථකාල සේවාව ආරම්භ කිරීම කෑගල්ල මහජන පුස්ථකාලයේ පුස්ථකාලාධිපති සුනීතා එදිරිසිංහ මහත්මියගේ අදහසකට අනුව අරඔන ලද්දකි.
එහි ප්‍රථම පොත් කට්ටලය තැන්පත් කිරීම පසුගියදා කෑගල්ලේදී සිදුකරන ලද්දේ කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශකලේ වත්මන් බස් සේවාවල දක්නට හා අසන්නට ලැබෙන ඝෝෂාකාරී සංගීතරටා හා අසැබි වීඩියෝ දසුන් වලින් තොරව යහපත් මානසික තත්වයක් මත පොතක් කියවමින් තම ජීවිතයට හරවත් යමක් එක්කර ගනිමින් පොදු මගී බස්රථයක ගමන් කිරීමට ලැබීම මහත් වටිනාකමක් ගෙන දෙන්නක් බවයි.
මෙය සම්පූර්ණයෙන් නොමිළයේ ලබාදෙන ප්‍රජා සේවාවකි.
කැන්ඩි ප්‍රයිම් නිව්ස්










