• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස සලකා කටයුතු කරනවා! රුපියලක කොමිස් මුදලක් ගන්නේ නෑ! තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26වන සංවත්සර සැමරුමට එක්වෙමින් අනුර කියයි! PHOTOS I Sri Lanka Latest News

March 11, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
අනුර 2025 ආර්ථික සමුලුවට එක්වෙයි! මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම ට්‍රිලියන1.35ක්! ආයෝජකයන්ට අඩු කාලයකින් වැඩ කරගන්න අවස්ථාව! රට ගොඩදාන සැලැස්මත් ඉදිරිපත් කරයි!  PHOTOS I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News

තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ (10) පැවති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන සමුළුවට එක්වෙමිනි.

තිරිංග යොදා සිර කර තිබෙන ආර්ථිකය වෙනුවට යම් තරමක නිදහස් චලනයක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .

ආර්ථිකයෙහි නිදහස් චලනයක් ඇති කිරීමෙන් යම් සංවර්ධන වේගයක් අත්පත් කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට සරිලන පරිදි ආර්ථිකයට විශාල කම්පනයක් නොදැනෙන ලෙස මෙවර අයවැය සකස් කළ බවද කියා සිටියේය.

ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී රුපියලට දරා ගත නොහැකි තෙරපුමක් ඇති නොවන සේ කටයුතු කිරීමට වත්මන් රජය සංවේදී වූ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුකූලවද යම් යම් තීන්දු ගැනීමට සිදු වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේය .

ආර්ථික පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු රාජ්‍යයක එම විශ්වාසය යළි ඇති කිරීම සඳහා වත්මන් රජය නිවැරදි තීන්දු තීරණ ගෙන ඇති බවත්, එම නිසා බංකොලොත් වූ රාජ්‍යය නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට හැකි වූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය .

ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස සලකා කටයුතු කරන බවට තම රජය සහතික වන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා ජපන් රජයෙන් නවතා තිබූ ආර්ථිකමය වශයෙන් වැදගත් වන ව්‍යාපෘති 11ක සහ චීන රජයෙන් නවතා තිබූ ව්‍යාපෘති 76ක වැඩ නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

සැලකිය යුතු ප්‍රමාණයකින් ආර්ථික ස්ථායිත්වයක් ආයෝජකයන් වෙත ලබා දීමට වත්මන් රජය මේ වන විටත් කටයුතු කර ඇත.

එබැවින්, මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමටත්, පුනර්ජනනීය බල ශක්තිය වෙනුවෙන් මහා පරිමාණ ආයෝජන රැගෙන ඒමටත් වත්මන් රජයට හැකි ව තිබේ.

ආයෝජකයන්ට කිසිදු කොමිස් මුදලක් ලබා දීමෙන් තොරව ආයෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම, තරුණ ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වෙළඳපොළ තුළටත් පියමං කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට වත්මන් රජය සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ලංකාවේ ප්‍රබලතම දේශපාලන ස්ථාවරත්වය සහිත පාලනය සිය රජය විසින් ගොඩනඟනු ලැබ තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙතෙක් කල් බිහි වූ පාර්ලිමේන්තු තුළ මෙරට පුරවැසියා දුටුවේ වරෙක විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා පසුව ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීමත්, වරෙක ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයා හිටි හැටියේ විපක්ෂය නියෝජනය කිරීමත් බවද පැවසීය. එවැනි තත්ත්වයක් වත්මන් පාර්ලිමේන්තුව තුළ නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආණ්ඩුව හා විපක්ෂය යනුවෙන් නිශ්චිත වෙන්වීමක් ඇති බවද පෙන්වා දුන්නේය. එය දේශපාලන ස්ථාවරභාවය පෙන්වීමට හොඳම නිදසුනක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

ආදර්ශමත් දේශපාලනයක් ශ්‍රී ලංකාව තුළ මේ වන විට ආරම්භ කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිහිපත් කළේය. එබැවින් වත්මන් රාජ්‍ය පාලනය අවසානයේදී විනාශකාරී දේශපාලනයක් නැවත ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තහවුරු කර සිටියේය.

රජයේ මැතිඇමතිවරු, රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ තරුණ ව්‍යවසායකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-03-11

SendShareShare
Previous Post

රනිල් ගාවට ගිය රත්වත්තේලා මෙන්න ආයෙත් රාජපක්ෂලා ළඟටම එයි! ගිය ගිය එවුන් අනාථයි වගේ! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න නියම වැඩක්! හොරණ-මහනුවර බස් එකේ යන හැමෝටම පැය තුනහමාරක් ටකරම් සිංදු අහනවා වෙනුවට නිදහසේ පොතක් කියවන්න දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.