• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ හැමෝම ඉල්ලුවා සිස්ටම් චේන්ජ් එකක්! අපි ඒ සිස්ටම් චේන්ජ් එක විපක්ෂයේ ඉඳන් රටටම කරලා පෙන්නුවා! මොකද්ද මේ සජිත් නැදුන්කේනි ඔලුමඩු පාසලේ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් ‌පිරිනමමින් කියපු කතාව? VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 3, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලු ම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් කුමන නායකයකුටවත් ලියා දී නොමැති බවත් දේශපාලකයන් යනු මෙරට තාවකාලික බාරකරුවන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සමහර පුද්ගලයන් හැසිරෙන්නේ මුළු රටම තමන්ට සහ තමන්ගේ පවුලට අයිති දෙයක් ලෙස බවත් පරම්පරාවෙන් පරම්පරාවට මේ රටේ අයිතිය එක පවුලකට සීමා වෙලා කියා සිතා ගෙන ඉන්නවා නම් එය වැරදි බවත් මේ රට අයිති එක පවුලකට හෝ ඥාති හිතමිත්‍රාදීන්ට නොව මේ රට අයිති ලක්ෂ 220ක් සිංහල දමිළ මුස්ලිම් බර්ගර් හැම ජාතියකටම ආගමකටම අයිති ශ්‍රී ලාංකේය පුරවැසියන්ට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තාත්තගෙන් පුතාටත් ඉන් පසුව මුනුබුරාටත් පක්ෂවල අයිතිය සීමා වෙන ලක්ෂණ ඇති බවත් එක එක දේශපාලන පක්ෂවලට එහෙම කරන්න පුළුවන් වුවත් රටේ අයිතිය ඇත්තේ ලක්ෂ 220 ජනතාවට බවත් එය සෑම ආගමකටම ජාතියකටම අයිති දෙයක් බවත් ආගමික සමගිය ජාතීන් අතර සමගිය ඇති කර ගත යුතු බවත් ආගම් හා ජාති අතර භේද බින්නකම් ඇති කර ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 136 වැනි අදියර යටතේ අද වන්නි දිස්ත්‍රික්කයේ, වව්නියාව, නැදුන්කේනි ඔලු‍මඩු දෙමළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

රටේ අයිතිය කිසිදු පවුලකට අයිති දෙයක් නොවන නිසා ලක්ෂ 220ක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට මුල්තැන ලබා දෙමින් තාවකාලික බාරකරුවන් ලෙස කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය සුහුරු ශ්‍රී ලංකාවක් සහ සුහුරු අධ්‍යාපනයක් තුළින් ලෝකයේ අංක 1 බවට පත් වීමේ ගමන යාම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා

යුද්ධය අවසන් වූ බොහෝ රටවල නායකයෝ ජාත්‍යන්තර ආධාරක සමුළු පැවැත්වුවත් මෙරට යුද්ධය අවසන් වීම වසර 15ක් ගත වුවත් තවමත් ජාත්‍යන්තර ආධාරක සමුළුව පවත්වන්න අප රටේ නායකයන්ට නොහැකි වී ඇති බවත් සමගි ජන බලවේග රජයක් තුළ එවැනි දෙයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ තුළින් විනාශ වූ යටිතල පහසුකම් ජන ජීවිත ගොඩනගන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රමයේ වෙනස ආරම්භ කළේ අපියි

මෙරට බොහෝ දෙනෙක් ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටි බවත් එම ක්‍රමයේ වෙනස සමගි ජන බලවේගය ආරම්භ කර ඇති බවත් නිදහසින් පසු වසර 76ක් පුරා විපක්ෂයක් නොකළ සංවර්ධන වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය දියත් කළ බවත් බලයක් නොමැතිව විපක්ෂයේ සිට රටම ආවරණය වන සංවර්ධන වැඩපිළිවෙළක් ඉටු කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බෙදුනා ඇති. රට වෙනුවෙන් එක්වෙමු

ඩොලර් හිගයක් තිබෙන මේ බංකොලොත් රටේ පවතින රජයටවත් කරන්න බැරි සේවාවක් සමගි ජන බලවේග අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ බවත් ජාතිය, ආගම, කුලය, පන්තිය, පක්ෂය, තරාතිරම නිසා වෙන් වෙලා කොටස්වෙලා බෙදී සිටින ශ්‍රී ලාංකේය ජනතාව එක අම්මගේ තාත්තගේ දුවා පුතා ලෙස එකට එකතු වන එක්සේසත් වන යුගය ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහ්න යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 136ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1369ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

හරීන් කියන්නේ ඔල්මාද කතා! කියන්නේ තිස්ස! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබෙ හර්ෂ-එරාන්-කබීර් එක්ක ආර්ථික ප්‍රතිපත්තිය ගැන මාලිමාවේ මුදල් ඇමැතිටයි ආර්ථික විශේෂඥයන් දෙන්නෙකුටයි විවාදයකට එන්න කිව්වම මෙන්න හඳුන්නෙත්ති ඒ ගැන කතා නැතුව සජිත්ට එන්නලු අනුර එක්ක විවාදයකට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.