• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1994 ඉඳන්ම ජනාධිපතිවරණය දිනපු හැම පක්ෂයක්ම ඊළඟ ඡන්දෙන් අතිබහුතරයක් අරන් දින්නා! මාලිමාව ඇල්පිටියෙදි කිව්වෙත් 70%ක් ගන්නවා කියලා! හැබැයි ගත්තේ 47%යි! ඒ කියන්නේ මුල් මාසයෙන්ම ජනතාව මාලිමා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා! VIDEO I Sri Lanka Latest News

October 27, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල්ට ගෝ හෝම් වෙන්න‌ දෙයක් නෑ! ගිය ජන්දෙදි මිනිස්සු එයාව ‌ගෝ හෝම් කළා! එයා එක්ක ඇමැතිකම් කරන්න යන්න අපේ පක්ෂයේ කවුරුත් නෑ! යනවානම් ඉතින් ඔළුවෙ අමාරුවක් තියෙන කෙනෙක් තමයි! සජබ මහලේකම් ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අද (27) දින සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාය. එහිදී එතුමා මෙසේ පැවැසීය.Sri Lanka Latest News

‘‘යම් පක්ෂයක් ජනාධිපතිවරණය ජයග්‍රහනය කළාට පසුව ඉන් ඉදිරියට පවත්වන ඕනෑම මැතිවරණයක අති බහුතරයක් ඡන්ද ජනාධිපතිවරණය ජයග්‍රහනය කළ පක්ෂයට ලැබෙනවා. ඒ බව 2019 , 2015 , 2010 , 1994 අපි දැක්කා. නමුත් මෙවර ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා ඇල්පිටිය ඡන්දයේදී ඔවුන්ට සියයට 70 ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනවා කියලා. නමුත් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵල අනුව ආණ්ඩුවට මන්ත්‍රීවරු 15 දෙනෙක් තේරි පත්වන විට විපක්ෂයටත් මන්ත්‍රිවරු 15 දෙනෙක් පත්වෙලා තිබෙනවා. අනුර දිසානායකගේ පාලනය පිළිබඳව තවදුරටත් කල්පනා කරන්න කියලා එයින් ඇල්පිටියේ ජනතාව රටට පණිවිඩයක් දිලා තිබෙනවා.

ඇල්පිටියේ ඡන්ද 55,000 න් ජාතික ජන බලවේගය ලබාගෙන තිබෙන්නේ ඡන්ද 17,000 ක් පමණයි. ජාතික ජන බලවේගයට විරුද්ධව විරුද්ධ පක්ෂයට ඡන්ද 19,000 ක් ලැබිලා තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල මුල් මාසයෙන්ම ජනතාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. රාජ්‍ය බලය ගන්න යන , පාර්ලිමේන්තු බලය ගන්න යන ජාතික ජන බලවේගයට ප්‍රාදේශීය සභාවකවත් බලය ලබාගන්න නොහැකි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ සියයට 42 ඡන්ද පදනම දැන් අඩුවේගනය යනවා. ජනතාව බලය තිබෙන ආණ්ඩුවක් බලය තිබෙන ජනාධිපතිවරයෙක් ප්‍රථම වරට ප්‍රාසභා මැතිවරණයකින් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ජනතාව ඔප්පු කරලා තිබෙනවා අනුර කුමර දිසානායක ජනාධිපතිවරයා කියන්නේ රටේ සුලුතරයකින් ජනාධිපති වුණ පුද්ගලයා කියලා.

ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට පත්වුණ ජනාධිපතිවරු 8 දෙනාම සියයට 50 වඩා බහුතර බලයකින් තමයි ජනාධිපති වුණේ. නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා මේ රටේ සුලුතරයකින් සියයට 42 කින් තමයි ජනාධිපති වුණේ. අනුර දිසානායක ජනාධිපතිවරයා සති 4 ක් තුළ කෝටි60,000 ක් ණය අරගෙන තිබෙනවා. අවුරුදු 76 ක ණය ගැන කතා කරන ජාතික ජන බලවේගය මේ අවුරුදු 5 ඇතුළත තවත් ණය ගත්තොත් අවුරුදු 76 ක ණය වගේ 4 ගුණයක් ණය ගන්නවා.

රාජ්‍ය සේවකයන්ගේ සියයට 80 ක් ඡන්දය දුන්නේ අනුර දිසානායකට. නමුත් තවම ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය , සුභෝදනි කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක කරනවා කියලා බලයට පැමිණි ජාතික ජනබලවේගය අද කියනවා එය සිදුකරන්න නොහැකියි කියලා. ජාතික ජනබලවේගය ගුරුවරුන් වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ගුරුවරු අද සැහැමකට පත්වෙනවාද ? ගුරුවරු ජාතික ජනබලවේගයට දුන්න ඡන්දයට අද වටිනාකමක් ලැබිලා තිබෙනවාද?

මාස හයකට වතාවක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සමාලෝචනය කොට මාස සහයකට වතාවක් වැටුප් වැඩි කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. දැන් වැටුප් සමාලෝචනයක් නැහැ පඩි වැඩි කිරීමත් නැහැ. සජිත් ප්‍රේමදාස මහතා පහුගිය ජනාධිපතිවරණයේදී පැහැදිලිව ප්‍රකාශ කළා , මේ රටේ සියලුම රජයේ සේවකයින්ගේ අවම වැටුප 57,500 ක් කරනවා කියලා. මහ මැතිවරණයෙන් සමගි ජන සන්ධානය ජයග්‍රහණය කළ පසු රජයේ සේවකයින්ගේ පනස් හත්දහස් පන්සීයක අවම වැටුප ලබාදීමට කටයුතු කරනවා. යහපාලන ආණ්ඩුව සමයේදී පළමු දින 100 ඇතුළත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අපි වැඩිකර පෙන්නුවා.

ජාතික ජන බලවේග රජය ප්‍රකාශ කළා ජනතාවට විශේෂ සහන ලබා දෙනවා කියලා. තෙල් ගෙන්වීමේදී දූෂණය වංචාව රජ කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. තෙල් වරායට බාන්නේ රුපියල් 190 ට බවත් ඔවුන් ප්‍රකාශ කළා. ඒ නිසා තෙල් මිල රුපියල් සීයකින් අඩු කරන්න පුළුවන් කියලා ඔවුන් ප්‍රකාශ කළා. නමුත් වර්තමාන රජයේ තෙල් මිල අඩු කරලා තිබෙන්නේ රුපියල් විස්සකින්. ඒ වගේම විදුලි බිලටත් සාධාරණයක් ඉටු කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ඒ අනුව විදුලිය විසන්ධි කළ එකොළොස් ලක්ෂය හිතුවා ඔවුන්ට විදුලිය ලබා දෙන්න වර්තමාන රජය කටයුතු කරයි කියා. ඒ වගේම විදුලි පාරිභෝගිකයෝ හිතුවා විදුලි බිලට සහනයක් වර්තමාන රජය ලබා දේයි කියලා. නමුත් රජය තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැහැ. වර්තමාන රජය විදුලි බල මණ්ඩලයට පත්කර තිබෙන්නේ රජයට විදුලිය ලබාදෙන කම්පැනි කාරයන්ව. ජාතික ජන බලවේගය විරුද්ධ පක්ෂයේ සිටින විට ප්‍රකාශ කළා කම්පැනිවල දූෂණය සහ වංචාව තිබෙනවා කියලා. ඒ ආයතන වලට විරුද්ධව ජාතික ජන බලවේගය නායකයන් නඩු පවරනු ලැබුවා. නමුත් දැන් ඒ නඩු ඉල්ලා අස්කරගෙන තිබෙනවා. ජාතික ජන බලවේගය නඩු දැමූ කොම්පැනියේ උසස් නිලධාරියෙක් දැන් ලංවීම සභාපති කර තිබෙනවා. ජල බිල අඩු කරන බවත් ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. නමුත් රජය තවම ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ.

ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට කටයුතු කළ මුදල් ලබා දුන්න මහා පරිමාණ හාල්මෝල් හිමියන් ප්‍රකාශ කළා අඩු මිලට ජනතාවට හාල් ලබා දෙනවා කියල. නමුත් නැවත හාල් මාෆියාව රට තුළ ක්‍රියාත්මක වනවා. ඒ වගේම වෙළඳපොළ තුළ හාල් හිඟයක් නිර්මාණය වුණා. රුපියල් 190 තිබුණ හාල් කිලෝව රුපියල් 250 ක් දක්වා වැඩි වුණා. මහා පරිමාණ හාල්මෝල් හිමියන්ගේ සහ ජාතික ජල බලවේගයේ හෙළුව මේ වන විට ජනතාව ඉදිරියේ දිගහැරෙමින් පවතිනවා. මේ හේතු කාරණා නිසා තමයි සති හතරක් ඇතුළත ජනතාව ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කර තිබෙන්නේ.

ජාතික ජන බලවේගය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දිගින් දිගටම කතා කළා. ජාතික ජන බලවේගය මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයන්ගෙන් බොහෝ දෙනෙක් 88 89 කැරලි වල සිටි පිරිස්. ඔවුන් පරණ ජේවීපී සාමාජිකයින්. ලෝකයේ අන්ත කොමියුනිස්ට්වාදී දේශපාලනය තිබෙන රටවල රට පාලනය කරන්නේ ආණ්ඩුව නොව. එම ආණ්ඩුව බලයට ගෙන ආ පක්ෂයේ මධ්‍යම කාරක සභාව. ජාතික ජන බලවේගයත් එම ක්‍රමය අනුගමනය කරන්නද මේ සූදානම් වෙන්නේ කියා අපි අහන්න කැමතියි. රටේ ජනතාව භුක්ති වින්ද ප්‍රජාතන්ත්‍රවාදය , ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයේ බලය නැති කරන්න සමගි ජන සන්ධානය කිසිසේත්ම ඉඩ ලබා දෙන්නේ නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට හැකි එකම පක්ෂය සමගි ජන සන්ධානය පමණයි.අවුරුදු හැත්ත හයක් ආරක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට බලය ලබා දෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා රට පාලනය කරන්න විපක්ෂයක් අවශ්‍ය නැහැ කියලා. රටේ විපක්ෂයේ බලගතු වෙයි කියා අනුර දිසානායක ජනාධිපතිවරයාට බියක් ඇති වෙලා තිබෙනවා. විපක්ෂයක් නැති රටක් ගෙනියන්න ඔවුන්ට අවශ්‍යතාවයක් තිබෙනවාදැයි අපට සැකයක් මතුවනවා. ඒ වගේම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුන් ජනතාවට මෙවර මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමග ජන බලවේගයට සහාය ලබා දෙන්නයි අපි ඒ ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

සමගි ජන සන්ධානය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක්. මේ රටේ සියලුම ජාතීන්ට අයත් පක්ෂ සමගි ජන සන්ධානය සමඟ මේ වන විට අත්වැල් බැඳගෙන සිටිනවා. සමගි ජන සන්ධානය ආයුධ බලයෙන් රටේ බලය අල්ලා ගැනීමට උත්සාහ කළේ නැහැ. ඡන්දයකින් රටේ බලය ලබා ගැනීමට තමයි සමග ජන සන්ධානය සෑම විටම උත්සාහ කළේ. සමගි ජන බලවේගයේ සහ සමඟ ජනසන්ධානයේ නායකයා රටේ සිටින එකම ප්‍රජාතන්ත්‍රවාදී නායකයායි. රටේ සිටින නායකයින්ගෙන් පිරිසිදුම නායකයා සිටින්නේත් සමගි ජන බලවේගය සහ සමග ජන සන්ධානයේ. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය උතුරේත් , නැගෙනහිරත් , දකුණෙත් , මධ්‍යම කඳුකරයේත් ජනතාව පිළිගන්නවා. ඒ නිසා තමයි පසුගිය ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශ හැරෙන්න ආසන 31 ක් සමගි ජන සන්ධානයට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ. ඒ වගේම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන පක්ෂය එකම ගෙදර බලවේගය සහ සමගි ජන සන්ධානය බව නැවත නැවතත් තහවුරු වී තිබෙනවා.‘‘

SendShareShare
Previous Post

ෆෝමියුලා රේස් එකෙන් ලෝකෙට රට මතක් වෙලා! ජින්ජර් බියර් කෑන් එකක් ආයෙත් අපි පුදුම කළා! (Sri Lanka Latest News)

Next Post

රනිල් අද කියනවා පුරුදු අය පාර්ලිමේන්තු එවන්නලු! මොකට පුරුදු අයද? හොරකමට පුරුදු අයද? පාර්ලිමේන්තුවට පිහි අරන් එනවා! පාර්ලිමේන්තුවේ ගහගන්නවා! කෙහෙළියට අත උස්සනවා! කුණුහරුප කියනවා! හොරකම් කරනවා! වරප්‍රසාද ගන්නවා! කාර් පර්මිට් බාර් පර්මිට් ගන්නවා! අන්න පුරුද්ද! අනුර රනිල්ට දුවන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.