බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විටි වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (02) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. (Sri Lanka Latest News)
ඒ අනුව රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද දින සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
dasathalankanews











