ආන්දෝලනාත්මක ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාලව, හිටපු අමාත්‍යවරු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළත්, මේ දක්වා, රනිල් වික්‍රමසිංහ, දිනේශ් ගුණවර්ධන, ටිරාන් අලස්, සුසිල් ප්‍රේමජයන්ත සහ මහින්ද අමරවීර යන අය ප්‍රකාශ ලබා දී නැති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නිළධාරීන් විසින් අධිකරණයට දැනුම් දී තිබේ.Sri Lanka Latest News
මේ අතර, හිටපු අමාත්‍යවරු දහතුන් දෙනෙකුගෙන් ලබා ගන්නා ලද ප්‍රකාශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
තවමත් ප්‍රකාශ ලබා ගෙන නැති, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වංචාසහගත කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් අනෙකුම් එම කැබිනට් මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරුන්ගෙන්ද කඩිනමින් ප්‍රකාශ ලබා ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.










