• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ ආණ්ඩුවටත් IMF ගිවිසුම සංශෝධනය කරන්න බැරිවුණා! අනුරගෙ ආණ්ඩුවටත් බැරිවුණා! හැබැයි IMF ගිවිසුම සංශෝධනය කරලා ජනතාවට සහන දෙන්න අපිට පුලුවන්! සජිත්ගෙන් ප්‍රතිඥාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 22, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉදිරියේ දි නිර්මාණය වන ආණ්ඩුව වත්මන් ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැද ගෙන අයි එම් එෆ් ගිවිසුම ජනතාවට වාසිවන ලෙස සංශෝධනය කිරිමට හැකිවිය යුතු බවත් ඒ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බවත් විපක්ෂයේ සිට පවා අයි එම් එෆ් එකත් සමග සමගි ජන බලවේගය වට ගණනාවක් සාකච්ඡා කර අවබෝධතා රැසකට එළැඹ තිබුණු බවත් වත්මන් පාලකයන්ට මේ ගිවිසුම වෙනස් කරන්න නොහැකි වුවත් සමගි ජන බලවේගයට එය හැකි බවත් සමගි ජන බලවේගයේ හා සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බොරැල්ල මැතිවරණ බල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

මැතිවරණ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත් ලක්ෂණයක් බවත් මැතිවරණවලින් රටේ ජනතාවට ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පළාත් සභාවේ, පළාත් පාලන ආයතනවල බලය ලබාදෙන බවත් මේ වටිනා ක්‍රියාවලිය ආරක්ෂා කර ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතු බවත් මේ ක්‍රමය නිසා පොදුජනතාවගේ හඩට නිසි වටිනාකමක් නිසි අගයක් ලැබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට ගොඩගත හැකි හොඳම කණ්ඩායම සහ ශක්තිමත්ම කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට

කුමන මැතිවරණයක් පැවැත්වුවත් අදටත් අප රට බංකොලොත් ණය ගෙවාගත නොහැකි රටක් බවත් අපේ අරමුණ විය යුත්තේ මේ රට බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීම බවත් මේ බංකොලොත්භාවය නිසා අසහනයට පීඩනයට දුකට පත් වූ සියලු දෙනාගේ ජන ජීවිත ශක්තිමත් කර ආරක්ෂා කිරීම වගකීම විය යුතු බවත් මෙවර මහමැතිවරණයේ දී බංකොලොත්භාවයෙන් රට ගොඩගැනීමට ඇති හොඳම වැඩපිළිවෙළ හොඳාම දර්ශනය ඇති පක්ෂය සහ කණ්ඩායම සිටින්නේ කා සමඟ ද කියා සොයා බැලිය යුතු බවත් රට ගොඩගත හැකි හොඳම කණ්ඩායම සහ ශක්තිමත්ම කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට බවත් සමගි ජන බලවේගයේ හා සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හිටපු ජනාධිපති හා ආණ්ඩුව 2028 සිට ණය ගෙවීමට ගිවිසුම් අත්සන් කර අවසන් බවත් අයි.එම්.එෆ්. එක කිව්වේ 2033 සිට ණය ගෙවිය හැකි වුවත් රජය එය 2028ට අඩු කර ඇති බවත් 2028 සිට ණය ගෙවන්න නම් ප්‍රමාණවත් විදේශ විනිමය සංචිත තිබිය යුතු වුවත් රටක් ලෙස අද සිටින්නේ අමාරු තැනක බවත් ආර්ථිකය කුඩා වී ජන ජීවිත විනාශ වී රටේ ආර්ථික වර්ධන වේගය පලුදු වී ඇති තත්ත්වයක වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් තිබිය යුතුයි

ආර්ථික වර්ධනය වේගවත් කිරීමට නම් ජාතික ආර්ථික සැලසුමක් අවශ්‍ය බවත් මේ ජාතික ආර්ථික සැලසුම තුළ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් එවිට ආර්ථික වර්ධන වේගය වැඩි වී රටක් ලෙස ශක්තිමත් වන බවත් මේ තුලින් ණය ආපහු ගෙවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ හැකි බවත් සමගි ජන බලවේගයේ හා සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉබි ගමනේ ගිහිල්ලා නම් 2028 ණය ගෙවන්න බැරි වෙනවා

මෙවැනි ඉබි ගමන් ආර්ථික ක්‍රියාවලියක් හරහා 2028 ණය ගෙවන්න නම් නොහැකි වන බවත් එසේ වන්නේ නම් 2028 සිට නැවතත් අප රට බංකොලොත් වන බවත් රටේ තරුණයන් දරුවන් ගැන සිතිය යුතු බවත් පවතින තත්ත්වයෙන් රට ගොඩ ඒමට නම් ශක්තිමත් ආර්ථික සංවර්ධන සැලසුමක් තිබිය යුතු බවත් එය වේදිකාවේ කියනවා සේම මහපොළොවේ ක්‍රියාත්මක කළ යුතු බවත් සමගි ජන බලවේගයේ හා සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

මම රෝහිත ඇමැතිතුමාගේ බෑනා! මම ඉන්නෙ කොළඹ! නුවර ගෙදර හංගලා තිබ්බ වාහන එක්ක මගේ සම්බන්ධයක් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

එදා ජනප්‍රිය නළුවෙක් දේශපාලනයට ආවාම මහපාරේ ඝාතනය කළා! අද නළුවෙක් දේශපාලනයට ආවාම ඩිජිටල් අවකාශයේ ඝාතනය කරනවා! මඩගෝස්තරවාදය අතහැර සජබෙන් කොළඹට එන මේ තරුණ නළුවා කියන කතාව අහලා ඡන්දය ගැන තීන්දුවක් ගන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.