• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරේ වැටිලා හිටියත් අහක බලන සමාජයක කරදරේකදි පිහිට වන අය තවමත් ගම්වල ඉන්නවා…! Sri Lanka Latest News

March 14, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පාරේ වැටිලා හිටියත් අහක බලන සමාජයක කරදරේකදි පිහිට වන අය තවමත් ගම්වල ඉන්නවා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය 08 වැනිදා වෙන්නප්පුව තඹරවිල ගම්මානයේ මංකොල්ලකෑමක් සිදුව තිබුණා. එලෙස මංකොල්ලකෑම සිදුකළ පුද්ගලයා අල්ලා ගැනීමට එම ගම්මානයේ පදිංචි යුවලක් කටයුතු කර තිබුණේ ඉතා නිර්භීත ලෙසයි. අද සමාජයේ බොහෝ දෙනා තමන්ගේ වැඩකටයුතුවලින් පමණක් බැඳී සිටින අතර අනුන්ගේ කරදරයකදී අහක බලාගෙන යාම සාමාන්‍ය දෙයක් බී තිබේ. ‘අපිට මොකටද අනුන්ගේ ප්‍රශ්න?’ කියා හිතන සමාජයක අනෙකාගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා නොසලකා ඉදිරියට පැමිණෙන මිනිසුන් දැකගැනීම අතිදුර්ලභය.Sri Lanka Latest News

එහෙත් පසුගිය 08 වැනිදා වෙන්නප්පුව තඹරවිල ගම්මානයෙන් අසන්නට ලැබුණු සිදුවීමක් අපට මතක් කර දෙන්නේ මනුස්සකම තවමත් මේ සමාජයෙන් සම්පූර්ණයෙන්ම අතුරුදන්වී නැති බවයි. එදින සවස් කාලයේ යතුරුපැදියකින් ගමන් කළ තරුණියකගේ ගෙල බැඳි රන් මාලය මංකොල්ලකෑමට තවත් යතුරු පැදියකින් පැමිණි තරුණයකු කටයුතු කර තිබුණා. තඹරවිල ගම්මානයට පිවිසෙන එම මාර්ගය බොහෝ පාසල් දරුවන් ගමන් ගන්නා මාර්ගයකි. ඒ නිසා එවැනි සිදුවීමක් සිදුවීම ප්‍රදේශවාසීන්ට මහත් භීතියක් ඇතිකරන කරුණකි.

තරුණිය ගමන් කරන මාර්ගය හරස් කරමින් පැමිණි කොල්ලකරු ඇගේ ගෙල බැඳි මාලය කඩාගැනීමට උත්සාහ කළා. එහිදී ඇය සැකකරු සමග පොරබදද්දී යතුරුපැදියෙන් බිමට ඇදවැටුණා. නමුත් ඇය තිගැස්මක් නොමැතිවම අහල පහළ මිනිසුන්ගේ ආධාර ඉල්ලා කෑගසන්නට වුණා. එහෙත් කොල්ලකරු බිම ඇදවැටුණු තරුණියගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන පලායාමට උත්සාහ කළා.

මේ අවස්ථාවේ ඇගේ කෑගැසීම මාර්ගය අසල නිවසක සිටි අඹුසැමි යුවලකට අසන්නට ලැබුණා. ඒ අනුව ඔවුන් එක්වරම සිය නිවසින් එළියට පැමිණි අතර, අදාළ සිදුවීම දුටු සැමියා සැකකරු හඹා යන්නට වුණා. ඔහු තම ජීවිතය ගැනවත් නොසලකා එලෙස හඹාගිය අතර, අවසානයේ කොල්ලකරු සිය ග්‍රහණයට ගැනීමට සමත් වුණා. පසුව ගම්වාසීන්ද එකතුව සැකකරු ගස්බැඳ වෙන්නප්පුව පොලිසියට භාරදෙන්නට කටයුතු කළා.

අද වනවිට රූපවාහිනිය, සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය රැසක මේ සිදුවීම ප්‍රචාරය වී අවසන්. ලක්ෂ ගණනක් දෙනා මෙම සිදුවීමට අදාළ සීසීටීවී දර්ශන නරඹා තිබෙනවා. ඔවුන් බොහොමයක් ප්‍රතිචාර දක්වමින් කොල්ලකෑම සිදුකළ පුද්ගලයා අල්ලා ගැනීමට තරුණයා ගත් උත්සාහය අගය කර තිබුණා.

වර්තමානයේ මෙවැනි සිදුවීම් කොතෙක් වාර්තා වුණත්, බොහෝ දෙනා එවැනි සිදුවීමකදී මගහැර යන්නේ පොලිසි ගිහින් සාක්ෂි දෙන්න වෙයි, නැති ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි කියන බවටයි. එවැනි කාලයක මේ යුවල කළ කැපකිරීම සමාජයට විශාල ආදර්ශයක්. මෙලෙස කොල්ලකරු අල්ලාගැනීමට මූලික වූයේ තඹරවිල පදිංචි සඳරුවන් රාජපක්ෂ නම් තරුණයෙක්. වෘත්තියෙන් පින්තාරු ශිල්පියෙක් වන ඔහු එම සිදුවීම මාධ්‍යයට විස්තර කළේ මෙලෙසයි.

‘මට එකපාරට සද්දයක් ඇහුණා. නෝනා දොර ඇරගෙන ආවා. බලද්දී දුවෙක් බයික් එකෙන් වැටිලා හිටියා. අපි එකපාරටම එතැනට දුවගෙන ගියා. ඒ වෙලාවේ ජීවිතය ගැනවත් හිතුවේ නැහැ. ඒ තරුණයා අල්ලාගන්න තමයි හිතුණේ. කොහොම හරි අල්ලගෙන පොලිසියට කතාකරලා භාරදුන්නා. ඒ දුව වෙනුවෙන් හොරාව අල්ලගන්න ඕනෙ කියලා හිතුවා….’

මෙම නිර්භීත ක්‍රියාව සිදුකළ තරුණයාගේ බිරිය ගැබිනියකි. එහෙත් එය ඇයට බාධාවක් නොවීය. ඇයද තම ස්වාමියා සමග එම අවස්ථාවේ ඉදිරියට පැමිණ කොල්ලකෑමට ලක්වූ තරුණියට පිහිට වුණා. ඇය මාධ්‍ය වෙත පවසා සිටියේ මෙවැන්නකි.

‘මම මිදුලේ රෙදි වනමින් හිටියා. තාප්පේ ග්‍රිල් අතරින් බලද්දි මට හිතුණේ ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා. පස්සේ බලද්දි අර මනුස්සයා මාලේ කඩාගෙන බයික් එක ස්ටාර්ට් කරන්න බලනවා. මම හස්බන්ඩ්ට කතාකරලා කිව්වා. එයා සැකකරු එළවාගෙන ගිහින් කොහොම හරි අල්ලා ගත්තා. මනුස්සයෙක්ට කරදරයක් වුණු වෙලාවේ අපි කාන්තාවෝ කියලා බයවෙන්න හොඳ නැහැ. අපිම ආරක්ෂිත සමාජයක් හදාගන්න ඕනෙ…’

මේ අතර කොල්ලකෑමට ලක්වූ 18 හැවිරිදි තරුණියද තම අත්දැකීම මෙලෙස විස්තර කළා.
‘මම කඩේට ගිහින් එන ගමන් තමයි ඔහු මාව ෆලෝ කළේ. මට හිතුණේ මගේ යාළුවෙක් කියලා. මම පස්සට හැරෙද්දි එක පාරටම බෙල්ලට අත දැම්මා. දෙවැනි පාරට තමයි මාලේ ඇල්ලුවේ. එතකොට මම බයික් එකෙන් වැටුණා. මාලේ කෑල්ලක් මගේ අතේ තිබුණා. අනෙක් කෑල්ල අරන් ඔහු දිව්වා. මගේ කෑගැහිල්ලට තමයි මේ අංකලුයි ඇන්ටියි ආවේ.’

පොලිසිය සඳහන් කළේ කොල්ලකෑම සිදුකළ සැකකරු කළුතර උතුර මල්වත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු බවයි. ඔහු රන් මාල කොල්ලකෑම් 27ක් පමණ කර ඇති බවද පැවසූ පොලිසිය පවසා සිටියේ සැකකරු මෙම කොල්ලකෑම් සිදුකර තිබුණේ කටුනායක 18 කණුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටින අතරතුර බවයි. ඔහු එලෙස කොල්ලකන ලද රන් භාණ්ඩ තම මවට ලබාදී ඇති අතර, ඒවා විකුණා ඇති බවටද පොලිසිය සැක පළකරයි. සැකකරු මේ වනවිට දින 7ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවද වෙන්නප්පුව පොලිසිය සඳහන් කළා.

අනුන්ගේ කුණු ගොඩවල් අපේ කරේ දාගන්නේ මොකටද කියලා අහක බලාගෙන යන බහුතරයක් සිටින ආත්මාර්ථකාමී සමාජයක තම ජීවිතය ගැන පවා නොසලකා අනෙකා වෙනුවෙන් ඉදිරියට පැමිණි මෙම යුවළ අප රටටම ආදර්ශයකි. මනුස්සකම තවමත් ජීවමාන බව ඔවුන් අපට මතක් කර දී තිබේ. ආරක්ෂිත සමාජයක් ගොඩනගන්නේ නීතියෙන් පමණක් නොව මෙවැනි මනුස්සකමෙන් පිරි මිනිසුන්ගේ ක්‍රියාවලිනි. එවැනි මිනිසුන් සමාජයේ සිටින තුරු අපේ සමාජයට තවමත් සුබවාදී බලාපොරොත්තුවක් ඇත.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සාතන්ගේ මව ඇමෙරිකාවට රිංගයි! මහා විනාශයක් නූලෙන් බේරෙයි! Sri Lanka Latest News

Next Post

අද රාජකීයයන් අතරට ගිය සජිත්…! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.