අත්අඩංගුවට පත් සැකකාර සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා පසුගිය ජූලි 09 වැනිදා නිවසේ සිට පැය 5 ක් වැය කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA ) දත්ත මකා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පවසා තිබේ.
ඔහු පැවසුවේ , මෙය ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පැවසුවේ තොරතුරු තාක්‍ෂණ අංශයේ මහාචාර්යවරුන් තිදෙනෙකුගේ සහය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී මෙම හෙළිදරව්ව සිදු කළ බවයි.
සැකකාර මෘදුකාංග ඉංජිනේරුවරයා 2021 ජූලි 09 වෙනිදා පෙ.ව. 03:45 සිට එදිනම 10:24 දක්වා පැය පහක කාලයක් නිවසේ සිට ලිපි ගොනු ඉවත් කර ඇති බව ද හෙතෙම කීය.
එය වෛද්‍ය මාෆියාවේ අවශ්‍යතා මත සිදු වූවක් බවත් එය ‘ඩිජිටල් ත්‍රස්තවාදය’ ලෙස අර්ථ දැක්විය හැකි බවත් ඔහු පැවසීය.
දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේ එපික් ලංකා ටෙක්නොලොජීස් පුද්ගලික සමාගමට දත්ත කළමනාකරණ පද්ධතිය සඳහා ඖෂධ අධිකාරයි මගින් මසකට 500,000/-.ක් දී ඇති බවකි.
ලක්ෂ සංඛ්‍යාත රෝගීන් සඳහා ලබා දුන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ වලට අදාළ දත්ත සැකකරු විසින් මකා දැමූ බවත් එය ක්‍රියාත්මක කිරීමට කවුරු කැමති වුවත් එය බරපතල වරදක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය.
වරද සිදු කිරීමට දින 10 කට පෙර සැකකරු තම ඉල්ලා අස්වීමේ ලිපිය එපික් ලංකා ටෙක්නොලොජීස් පුද්ගලික සමාගමට භාර දී වෙනත් ස්ථානයක රැකියාවක් කිරීමට සූදානම් වෙමින් සිටි බව ද ඔහු අධිකරණයට පැවසීය.
එම නිසා පරීක්ෂණ මඟින් මෙය වරදක් නොව හිතාමතා කළ ක්‍රියාවක් බව නිගමනය කරන බවපීරිස් මහතා පැවසීය.
පරීක්ෂණ අවසන් වන තුරු සැකකරුට ඇප ලබා දීමට ද ඔහු විරෝධය පළ කළේය.