වී මිල තීන්දු කරන්නේ මහාපරිමාණ මෝල් හිමියන් විසින් නොව රජය විසින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඊයේ දිනයේදී වී මිල සහ සහල් මිල ගණන් ඩඩ්ලි සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා අද දිනයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව කීය.