මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) යෝජිත නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය අධීක්‍ෂණය කරන ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ (PMU) ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනා ඉකුත් සතියේ අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබා දී තිබේ.
කොමිසමේ මීළඟ විමර්ශන දිනයට අමතර ලියකියවිලි රැගෙන එන ලෙස අධිවේගී මාර්ගය අධීක්‍ෂණය කරන ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ ප්‍රධානී කේ. සෙල්වානන්දන් මහතා වෙත දන්වා ඇතැයි වාර්තා වේ.
ව්‍යාපෘතිය ලබා දීමේදී සීමාසහිත චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ලිමිටඩ් (CHEC) සමාගමට වාසි වන පරිදි මුල් ඉංජිනේරුවන්ගේ ඇස්තමේන්තු වෙනස් කළ ආකාරය පැහැදිලි කරගැනීම සදහා මෙම විමර්ශනය ඇරඹී තිබේ.
.ව්‍යාපෘති ප්‍රධානී සෙල්වානන්දන් මහතාට අමතරව නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ පී.ඩී.සූරියබණ්ඩාර මහතාද වෙන වෙනම කැඳවා තිබිණි.
මෙම ලංසුවට අදාළ ලිපිගොනු කිහිපයක් කොමිසම විසින් පසුගියදා භාරගත් බව ආරංචි මාර්ග පවසයි.
CHEC සමාගම සමඟ සෘජු ගිවිසුම සහ සහන ගිවිසුම අත්සන් කිරීමට මහාමාර්ග අමාත්‍යාංශයේ දැඩි උත්සාහයන් මධ්‍යයේ මෙම පරීක්ෂණය ආරම්භ කරන ලදී.











