• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජනපති අනුර කළ ඉල්ලීම ගැන විවිධ මත! Sri Lanka Latest News

March 2, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජනපති අනුර කළ ඉල්ලීම ගැන විවිධ මත! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාමාන්‍ය මහ ජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් අප්‍රේල් මාසයේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. Sri Lanka Latest News

ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සමග සාකච්ඡා කළ බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවැසුවේ, ඉරිදා (පෙබ. 23) පෙරවරුවේ මහනුවර දළදා මාලිගාව වෙත ගොස් දළදා වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුවය. ඒ අනුව, මහ ජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ වසර 16කට පසුව බවටද මාධ්‍ය වාර්තා පළවිය.
ලබන අප්‍රේල් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැදිහත් වීමෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබූ අදහස් කිහිපයක් පහත දැක්වේ.

‘අනුර ආවොත් දළදා පෙරහැර නෑ කියලා වැළලෙන්න ගිය උන්දැලට ඇඬෙන්නම වසර 16කට පසු ජීවමාන දන්ත ධාතුන්වහන්සේ ජනතාවට වැඳපුදාගැනීමට අවස්ථාවක්…’

‘අප්‍රේල් මාසයේදී ශ්‍රී දළදා වහන්සේ වැඳපුදාගැනීමේ අවස්ථාව මහජනතාවට ලබාදෙමින් විශේෂ දළදා ප්‍රදර්ශනයක්..’

‘මහජනතාවට දළදා වහන්සේව දැකබලා වන්දනා කිරීම වෙනුවෙන් සත්භාවයෙන් කරන දෙයක් නම් ඒක ඉතාමත් හොඳයි. හැබැයි පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නම් එයම රටේ අයහපතට බලපාන බව දැනගනිත්වා…’

‘හදිස්සියේ දළදා ප්‍රදර්ශනයක් තියන්න හිතුණෙ ඇයි ජනාධිපතිතුමාට. පොඩ්ඩක් හිතල බලන්න’

‘දළදා වහන්සේ සටකපට දේශපාලන අරමුණකට පාවිච්චි කළොත්, වස් වදිනවා ඒකාන්තයි’

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමට පෙර පවසා තිබුණේ, දළදා වහන්සේ වැඳපුදා ගැනීම යනු පෞද්ගලික කාරණයක් බවත්, ඒ සඳහා මාධ්‍යවේදීන් රැගෙන යාම නොකළ යුතු බවත්ය. කෙසේ වෙතත්, ඉරිදා දිනයේදී ජනාධිපතිවරයා දළදා වහන්සේ වැඳපුදාගැනීමේ ඡායාරූප සහ වීඩියෝ මාධ්‍යවල පළකර තිබීම සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබිණි.

‘දළදා වහන්සේ වඳින්න ගිය එක හොඳයි… ඒකට කැමරාකාරයොත් නඩේම එක්කන් ගිහින්… මං මේ පරණ වීඩියෝ එක හොයන ගමන්….’

‘මේක දේශපාලනික අරමුණු වෙනුවෙන් ආගම යොදාගැනීමට හොඳම උදාහරණයක්…’

දළදා වහන්සේ මහ ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමේ අරමුණ වන්නේ, වත්මන් රජයේ අසාර්ථකත්වය පිළිබඳ ජනතා අදහස් වෙනත් දෙසකට යොමුකිරීම බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

‘ජනතා විමුක්ති පෙරමුණ අසීරුවට පත්වෙලා මේ මොහොතේ ඉන්නෙ. ඒ අසීරුතාවයෙන් ගොඩ යන්න මහ ජනතාවට ආණ්ඩුව පිළිබඳ තියෙන අදහස් වෙන පැත්තකට හරවන්න. ඒ කියන්නෙ ආණ්ඩුව පිළිබඳ තියෙන අදහස තමයි, ජනතාවට දිනපතා විහිළු සපයනවා, ඒ වගේම දිනපතා ඔවුන්ගේ අසාර්ථකත්වය මහජනයා ඉදිරියේ පෙන්නන එක. අසාර්ථකත්වය තමයි පේන්නේ. ඒක වෙන පැත්තකට යොමුකරන්න හොඳම දේ තමයි, ඕනෙ කෙනකුට තේරෙනවා, එක්කෝ ක්‍රිකට් මැච් එකක් ගේනවා, එක්කෝ සර්වඥ ධාතු පෙන්වනවා, එහෙම නැත්නම් දළදා ප්‍රදර්ශනයක් තියනවා. මේක පැරණි අයත් ඔය විදිහටම කරල තියෙනවා…’

1977 වසරේදී බලයට පත්වුණු ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව සිය මහා පරිමාණ ව්‍යාපෘති ප්‍රමාද වන හෙයින් ජනතා විරෝධය වෙනතකට හැරවීමේ අරමුණින් සර්වඥ ධාතු ප්‍රදර්ශනය කිරීම සහ ඉන්දියාවෙන් ඇපලෝ සර්කස් කණ්ඩායම් රැගෙනවිත් ජනතාවට ප්‍රදර්ශනය කළ බවද දඹර අමිල හිමියෝ සිහිපත් කළහ.

‘බලය ගත්තට පස්සේ සංවර්ධන වැඩකරන්න මේගොල්ලන්ට මොනවත් තේරෙන්නෙත් නෑ, දන්නෙත් නෑ. අත්දැකීමකුත් නෑ. පළපුරුද්දකුත් නෑ. අවුරුදු පනහක් තිස්සේ විරෝධාකල්ප ඉදිරිපත් කර කර හිටියා මිසක්, රටක් හදන්න දැක්මක් මොනවත් තිබුණෙ නෑ. බලය ආවා, බලය ගන්න වුණා. දැන් බලපුවාම මොනවත් වැඩක් කෙරෙන්නෙ නෑ. ඔක්කොම රිවර්ස්. ඔක්කොම අවුල්. දැන් ඒ නිසා ජනතා විරෝධය ලොකුවට එන හින්දාත්, ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ෆේල් හින්දාත් දැන් ජනතාවගෙන් එන විරෝධය වළක්වගන්න ඒක වෙන පැත්තකට හරවන්න තමයි, ඔය දළදා ප්‍රදර්ශනයක් ඕනෙ කියලා කියන්නේ. මේක දේශපාලනික අරමුණු වෙනුවෙන් ආගම යොදාගැනීමට හොඳම උදාහරණයක්…’

‘අනුර විසින් AKD ගේ රෙදි ගලවයි….’

‘අනුර කුමාර දිසානායක කිව්වා අවසානයේදී තක්කඩියාගේ නවාතැන ආගම කියලා. දැන් ඔහු එතැනට ගියා. ඒ කියන්නෙ අන්තිම කපටි, ව්‍යාජ, රඟපාන එකක් මිසක් සැබවින්ම දළදා ප්‍රදර්ශනයක් කිරීමේ අවශ්‍යතාවක් නෙවෙයි තියෙන්නේ. දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට ඇති සංස්කෘතික අංගයත් තම දේශපාලන නිරුවත සහ නොහැකියාව වසාගැනීම සඳහා මහ ජනයාගේ අදහස වෙන පැත්තකට යොමුකිරීමේ අදහසින් කරන ඉතාම තක්කඩි වැඩක් හැටියට තමයි මේක හඳුන්වන්න පුළුවන්.’

‘දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම කියන්නේ ලංකාවේ බෞද්ධයින් සඳහා කරන දෙයක්..’

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පැවැසුවේ, ‘වසා ගැනීමට තරම් ආණ්ඩුවේ අසාර්ථකත්වයක් නොමැති’ බවය.

‘දළදා ප්‍රදර්ශනයක් අවුරුදු 16කට කලින් තමයි කරලා තියෙන්නේ. වහගන්න තරම් අසාර්ථක වීමක් ආණ්ඩුවේ වෙලා නැහැ. අපට හිතෙන්නෙ නම් ආණ්ඩුවේ එහෙම අසාර්ථක වීමක් නැහැ. ජනතාව තුළ ආණ්ඩුව ගැන ප්‍රසාදයේ පිරිහීමක් වෙලා නැහැ. ඒක මං හිතන්නෙ ඉස්සරහ මැතිවරණවලදී බොහොම පැහැදිලිව පෙනෙයි.’

ඇය පෙන්වා දුන්නේ, ආණ්ඩුව අසාර්ථක බවට අදහසක් ජනතාව අතර නැති බවය.

‘ආණ්ඩුව අසාර්ථකයි කියලා ජනතාව අතර අදහසක් නැහැ. ඒ අදහස තියෙන්නේ විපක්ෂයේ කට්ටිය අතරේ තමයි. ඒගොල්ලො එහෙම කියන්න එපායැ. ඒගොල්ලො ඉතින් විපක්ෂය නෙ. එහෙම නැතුව රජය අසාර්ථක වෙලා තියෙනවා කියල එකක් නෑ. ඒ නිසා රජයේ අසාර්ථක වීම් වහගන්න කියලා කිසි දෙයක් කිරීමේ අවශ්‍යතාවකුත් නෑ. දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම කියන්නේ ලංකාවේ බෞද්ධයන් සඳහා කරන දෙයක්. ආණ්ඩුව අසාර්ථක නම් එහෙම දෙයක් කළා කියලා ඒක වහගන්නත් බෑ. ඒ නිසා අපට එහෙම අරමුණක් නැහැ…’

SendShareShare
Previous Post

මුළු කොළඹම එක මොහොතේ කළුවර කරන්න පුළුවන් ස්විච් පාලනය කොළඹ නගර සභාවෙන් දීලා තියෙන්නේ පුද්ගලික කොම්පැනියකට! මුළු කොළඹම කළුවර කරනවා කියලා තර්ජනයත් කරලා! මෙන්න දැනගන්න කොළඹ නගර සභාවේ වැඩ! මේ පොඩ්ඩයි තව ලොකු ඒවා තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි – ලයිට් බිලත් වැඩිවෙන හැඩයි !Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.