• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිකරණයට බලපෑම් කරලා ඡන්ද කල්දැම්මා! නුවරඑළියට විනිසුරුවරුන් කැඳවලා පළාත් පාලන ඡන්දය තියන වෙලාවක් නෙමෙයි කිව්වා! විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගේනවා කිව්වා! එහෙම කරපු එතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා අධිකරණයට බලපෑම් කරන්න එපාලු! මොන විහිලු කතාද මේවා! VIDEO I Sri Lanka Latest News

November 24, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
අධිකරණයට බලපෑම් කරලා ඡන්ද කල්දැම්මා! නුවරඑළියට විනිසුරුවරුන් කැඳවලා පළාත් පාලන ඡන්දය තියන වෙලාවක් නෙමෙයි කිව්වා! විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගේනවා කිව්වා! එහෙම කරපු එතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා අධිකරණයට බලපෑම් කරන්න එපාලු! මොන විහිලු කතාද මේවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැරදි ආර්ථික තීන්දු තීරණ ගෙන රට බංකොළොත් කළ රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ලෙස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව තුළ ගෙන ගිය සටන පාර්ලිමේන්තුවෙන් පිටතදී ආරම්භ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.Sri Lanka Latest News

රට බංකොළොත් කළ රාජපක්ෂවරුන්ට විරුද්ධව ජනතාව පෙළ ගස්වා ඔවුන්ට එරෙහිව අත්සන් ලබාගෙන රාජපක්ෂලාට ලබාදෙන වරප්‍රසාද සියල්ල නතර කළ යුතු බවට රට තුළ මතයක් ගොඩ නගන්න අවශ්‍ය වැඩපිළිවෙල ආරම්භ කළ බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

රාජපක්ෂලාට රටේ ජනතාවගේ බදු මුදල්වලින් ලබාදෙන සහන නැවැත්විය යුතු බවත් ඔවුන් නිසා කොපමණ මුදලක් අහිමිවෙලා තිබෙනවාද ඒ අහිමි වුණ මුදල අය කර ගැනීමට විශේෂ ජනාධිපති කොමිසමක් අවශ්‍ය බවත් මුජිබර් රහුමාන් කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ නෙවේනම් අධිකරණ බලය තිබෙන ජනාධිපති කොමිසන් සභාවක් පත් කර ආර්ථික ඝාතකයන්ට විරුද්ධව කටයුතු කරන්නැයිද රහුමාන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය.

 ‘‘2019 සිට 2022 දක්වා රටේ ඇතිවුණ ආර්ථික පරිහානිය සහ රට බංකොලොත්භාවය හේතුවෙන් ජනතාවට සිදුවුණ විනාශයට ගෝඨාභය රාජපක්ෂ , මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ , අජිත් නිවාඩ් කබ්රාල් , පි බී ජයසුන්දර , එස් ආර් ආර්ටිගල සහ මුදල් කමිටුවේ නිලධාරීන් සියලු පිරිස් වගකිවයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබෙනවා. 

වැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් රට පරිහානියට පත්ව ඇති බව දේශපාලනික වශයෙන් අපි ඉදිරිපත් කළා ඒ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය සහතික කරලා තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය පිළිබඳ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී කතා කරන අවස්ථාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු විපක්ෂ නායකවරයාට කතා කිරීමට නොදී බාධා ඇතිකළා. විපක්ෂ නායකවරයා සතුව තිබු ලිපිගොනුද උදුරාගෙන තිබුණා. මේ සියල්ල සිදුවුණේ කතානායකවරයා සිටින අවස්ථාවේ. කතානායකවරයා නිශ්ශබ්දව මේ සිදුවීම දෙස බලා සිටියා. කතානායකවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට එක් විදිහකටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවත් විදිහකට තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. කතානායක කටයුතු කරන්නේ ආණ්ඩු පක්ෂයේ කතානායකවරයා විදිහට. කතානායකවරයාට මේ සිද්ධිය පිළිබඳ සාක්ෂි විමසීමට අවශ්‍ය වන්නේ නැත. සියල්ල සිදුවුණේ කාතානායකවරයාගේ ඇස් ඉදිරිපිටයි. නමුත් කතානායකවරයා කටයුතු කළේ පක්ෂග්‍රාහීවයි.

කතානායකවරයා පවසනවා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ වීඩියෝ කරන්න දෙන්න එපා කියලා. මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගර්භයේ සිදුවන වැරදි ක්‍රියා වීඩියෝගත කරන්නේ ත්‍රාඩ මන්ත්‍රීවරුන්ගේ හැසිරිම රටේ ජනතාවට දැන ගන්න. කතානායකවරයාට පාලනය කරන්න බැරි මන්ත්‍රීවරු ජනතාව පාලනය කළ යුතුයි. ඒකට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරු කරන වැරදි ක්‍රියා වීඩියෝ කරන්න ඕන. මේ ත්‍රාඩ මන්ත්‍රීවරුන්ට ඡන්දය දුන්න ජනතාවත් දැන ගන්න ඕන ඒ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය පිළිබඳව. කතානායක හරියාකාරව පාර්ලිමේන්තුව පාලනය කරනවානම් විඩියෝගත කරන්න ඕන නෑ. කතානායවරයාගේ නොහැකියාව නිසා තමය් මේ දේවල් සිදුවෙන්නේ. පාර්ලිමේන්තුව තුළ නැවත වතාවක් රාජපක්ෂලාගේ ත්‍රාඩ , ත්‍රස්ථ සංස්කෘතිය පොහොට්ටුවේ මන්ත්‍රීවරු ක්‍රියාත්මක කරන්න උත්සහ කරනවා.

විපක්ෂ නායකවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරු තර්ජනවලට බිය නොවී ජනතාවගේ සැබෑ විපක්ෂ නායකවරයා හැටියට ආර්ථික ඝාතකයන්ට දඩුවම් දෙන්න ඕන කියන කාරණය පාර්ලිමේන්තුව තුළ මතු කිරීම ගැන විපක්ෂ නායකවරයාට අපි ස්තුති වන්ත වෙන්න ඕන. විපක්ෂ නායකවරයා පටන් ගත්ත ඒ සටන අපි අද එළියට ගෙනාවා. ආර්ථික ඝාතකයන්ට විරුද්ධව රටේ ජනතාව පෙළ ගස්වා ආර්ථික ඝාතකයන්ට එරෙහිව අත්සන් ලබාගෙන රාජපක්ෂලාට ලබාදෙන වරප්‍රසාද සියල්ල නතර කළ යුතුයි කියලා මතයක් ගොඩ නගන්න අවශ්‍ය වැඩපිළිවෙල ආරම්භ කළා. ආර්ථික ඝාතකයන් රටට අහිමි කළ ධනය නැවත ලබාගන්නේ කෙසේදැයි සොයාබලන්න ජනාධිපති කොමිසන් සභාවක් පත් කළ යුතුයි.

ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක් කියලා ජනාධිපතිවරයා කිව්වා. ව්‍යවස්ථාදායක සභාව විධායකයට අයිති නෑ. ව්‍යවස්ථාදායක සභාව ස්වාධින ආයතනයක්. විධායකයේ තිබෙන බලතල අනිසිලෙස භාවිතා කිරීම නැවැත්වීමට තමයි ව්‍යාවස්ථාදායක සභාව තිබෙන්නේ.

පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා නොදී මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයා නවතා දැම්මා. ඒ ගැන අපි අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළා. අභියාචනාධිකරණයේ නඩුව පවත්වන අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ඇහනවා ‘‘කොහෙද ඡන්දයක් තියෙන්නේ ඡන්දයක් තියෙන්න එපැයි නඩු අහන්න‘‘ කියලා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අධිකරණයට අපහාස කළා.

පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා අභියාචනාධිකරණය තීන්දු කළා. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් යොදවලා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරලා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට අධිකරණයේ ඉන්න විනිසුරුවරු ගෙන්වන්න උත්සහ කළා.

අධිකරණයට ස්වාධීනව වැඩ කටයුතු කරන්න ඉඩ ලබාදිය යුතුයි. අධිකරණයට ස්වාධීනව වැඩ කරන්න ඉඩ ලබාදීම විධායකයේ වගකීමක්. මේ අකාරයට අධිකරණයට බලපෑම් කළ ජනාධිපතිවරයා කියනවා අධිකරණය ආරක්ෂා කරන්න ඕන කියලා. ජනාධිපතිවරයා තමයි අධිකරණය හෑල්ලුවට ලක් කළේ.

ලංකාවේ ක්‍රිකට් අර්බුදය කණ්ඩායම් දෙකක ගැටලුවක් කියලා ජනාධිපති කියනවා. ජනාධිපති කියන කණ්ඩායම් දෙක ඉන්නේ ආණ්ඩුවේ. එක කණ්ඩායමක් ක්‍රීඩා ඇමැතිවරයා. අනිත් කණ්ඩායම ජනාධිපති ඇතුළු ක්‍රිකට් පරිපාලනයේ කණ්ඩායම. වෙන කණ්ඩායම් නෑ. ආණ්ඩුවට මේ ක්‍රිකට් ගැටලුව විසඳගන්න බැරි නිසා තමයි ක්‍රිකට් තහනම් කළේ. 19න් පහළ ලෝක කුසලාන තරගය රටට අහිමි කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගකිව යුතුයි. ක්‍රිකට් ප්‍රශ්නය විසඳන එක ජනාධිපතිවරයාගේ වගකීමක්. ක්‍රිකට් ගැන හොයන්න ජනාධිපති දේශපාලඥයින් පත් කරලා. ජනාධිපති පාර්ලිමේන්තුවේදී කියනවා ක්‍රිකට් වලට දේශපාලනය යොදාගන්න එපා කියලා. ක්‍රිකට් ප්‍රශ්නය විසඳගන්න බැරි ජනාධිපති කොහොමද රටේ ප්‍රශ්න විසඳන්නේ.

අයවැය එන්න කලින් පොහොට්ටුවේ අය අයවැය පතුරු ගැහුවා. අපි දන්නවා ඔවුන් මොනවා කිව්වත් අයවැයට පක්ෂව ඡන්දය දෙනවා කියලා. පොහොට්ටුවේ පිරිස ඉන්නේ ජනාධිපතිවරයාගේ සෙවණේ. වික්‍රමසිංහ හැරෙන්න පොහොට්ටුවේ පිරිසට කවුරුත් නෑ. ජනතාව ඉවසීමෙන් බලාගෙන ඉන්නේ මැතිවරණයක් තියෙනකන්. මැතිවරණයකින් බලාගන්න පුලුවන් රටේ ජනතාව රාජපක්ෂලාට කොතරම් විරෝධයක් දක්වනවාද කියලා. පොහොට්ටු දේශපාලනය දැන් අවසන්. පොහොට්ටුවට නායකයෙක් නැති නිසා තමයි රනිල් වික්‍රමසිංහව ආනයනය කළේ.

අනිවාර්යෙන් ජනාධිපතිවරණය පවත්වන ඕන ලබන වසරේදී පවත්වන්න ඕන. මහ මැතිවරණය පිළිබඳ තීන්දුවක් ගන්න ජනාධිපතිවරයාට පුලුවන්. විකෘති පාර්ලිමේන්තුව විසුරුවා හැරලා අලුත් පාර්ලිමේන්තුවක් පත්කළ යුතුයි. ජනතාව නියෝජනය කරන්නේ නැති පාර්ලිමේන්තුවක් තමයි දැන් තියෙන්නේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතුව රාපක්ෂලා එක්ක පාර්ලිමේන්තුව බලයෙන් අල්ලාගෙන ඉන්නවා.‘‘

=====================================

ප්‍රශ්නය – මහින්ද රාජපක්ෂ කියනවා ඔහුට මඩ ගහනවා කියලා. ඔහු ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැනද

පිළිතුර – මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිගත්තත් නැතත් ශ්‍රේෂ්ඨාධිකරණය කියල තියෙනවා මහින්ද රාජපක්ෂලා රටේ ආර්ථිකය බංකොලොත් කිරීමට වගකිව යුතුයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්න තින්දුවේ යාථාර්තය රටේ ජනතාව බුද්ති වින්දා. ඒ තීන්දුව රටේ ජනතාව පිළිගන්නවා. වහාම රාජපක්ෂලාට රටේ ජනතාවගේ බදු මුදල්වලින් ලබාදෙන සහන නැවැත්විය යුතුයි. රටට වුණ පාඩුව අය කර ගන්නේ කොහොමද කියලා විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් පත් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ නෙවෙයිනම් අධිකරණ බලය තිබෙන ජනාධිපති කොමිසන් සභාවක් පත් කරලා ආර්ථික ඝාතකයන්ට විරුද්ධව කටයුතු කරන්න.
ආර්ථික ඝාතකයන්ගේ වැරදි තීන්දු තීරණ නිසා රටට කොපමණ මුදලක් අහිමිවෙලා තිබෙනවාද ඒ අහිමි වුණ මුදල අය කර ගන්න තමයි ජනාධිපති කොමිසමක් අවශ්‍ය වෙන්නේ.

SendShareShare
Previous Post

චීනයේ අලුත් වයිරසයක් ආපහු පැතිරෙන්න ගනී! රෝහල් රෝගීන්ගෙන් පිරීයයි! මිනිස්සු ආපහු මාස්ක් දාන්න පටන් අරන්! Sri Lanka Latest News

Next Post

ආර්ථිකය කඩාවැටීමේ වගකීම සම්පූර්ණයෙන් රාජපක්ෂවරුන්ට පවරන්න බෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.