• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවෙත් කතා නොකරන, අරගල බිමෙත් කතා නොකරන, ආණ්ඩුවෙත් කතා නොකරන, විපක්ෂයෙත් කතා නොකරන, කවුරුවත්ම කතා නොකරන, නන්නත්තාර වුණ ලංකාවෙ අධ්‍යාපනය…

May 16, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පාර්ලිමේන්තුවෙත් කතා නොකරන, අරගල බිමෙත් කතා නොකරන, ආණ්ඩුවෙත් කතා නොකරන, විපක්ෂයෙත් කතා නොකරන, කවුරුවත්ම කතා නොකරන, නන්නත්තාර වුණ ලංකාවෙ අධ්‍යාපනය…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ අධ්‍යාපනය අතින් අංක එකේ තියෙන රටක් විදියට. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවෙ විභාග ක්‍රමය ඉතා විශ්වාසදායක විභාග ක්‍රමයක් විදියට ලෝකයම පිළිගත්තා. ඒ නිසා ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයෙන් සමතුන් ලෝකයේ විශ්වවිද්‍යාලවලට ගන්න කිසිම විදෙස් විශ්වවිද්‍යාලයක් අකැමැති වුණේ නෑ. ඇත්තටම මොන ප්‍රශ්න තිබුණත් ලංකාවෙ බලධාරීන් අධ්‍යාපන ක්‍රමය යම් නිශ්චිත ස්ථාවර මට්ටමකට රැගෙන එන්න සමත් වුණා කියලයි අපි විශ්වාස කරන්නේ. නමුත් මේ ගතවෙලා යන කාලය තුළ ලංකාවෙ අධ්‍යාපනය අතිශය අඳුරු සහ භයානක යුගයකට යමින් තිබෙන බව අපට පේන්න තියෙනවා. ඒ නිසා සියලු මවුපියන් සහ දරුවන්ට මේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ තියෙන විශ්වාසය නැතිවෙලා යමිනුයි තියෙන්නේ. යම් විදියකට අධ්‍යාපන ක්‍රමය රැකගන්න පාසල් පද්ධතිය, විශේෂයෙන්ම ගරුවරු, විදුහල්පතිවරු තමන්ට හැකි උපරිමයෙන් කැපවීම් කළත් ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම ශ්‍රී ලංකාවෙ නිර්මාණය වෙලා නෑ. මේ තත්ත්වයට වගකිව යුත්තෝ කවුද, ඊට පිළිතුරු ගතයුත්තෝ කවුද කියන එක සම්බන්ධව ඔබට තීරණය කරන්න නිදහස තියෙනවා.

ඇත්තටම 2019 පාස්කු ප්‍රහාරයත් එක්ක තමයි ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය මේ විදියට අවුල් වෙන්න පටන් ගත්තේ. ඒත් එක්කම ලංකාවෙ විභාග ක්‍රමය බිඳවැටුණා. විශේෂයෙන්ම 2019 මැයි 13 වැනිදා ලංකාවෙ පාසල් පද්ධතියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට අසත්‍ය ප්‍රචාරයක් පතුරුවන්නට බොහෝ දෙනෙක් කටයුතු කරමින් සිටියා. එය දේශපාලනික කාරණයක් බව අපට ඉතා පැහැදිලි නමුත්, බොහෝ දෙනෙක් එය දේශපාලනික කාරණාවක් බව දැනගෙන හිටියෙ නෑ. තමන්ගෙ දරුවො පාසල් නොයවා ගෙදර තියාගන්න එදා මවුපියන් බොහෝ දෙනෙක් කටයුතු කළා. ඒත් එක්කම 2020 – 2021 උසස් පෙළ විභාගයට පෙනී ඉන්න සිසුන්ගේ අධ්‍යාපන ක්‍රමය විශාල වශයෙන් බිඳවැටෙන්න පටන් ගත්තා. ඊළඟට කොවිඩ් එන්නේ ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය තවත් අඳුරු මුල්ලකට තල්ලු කරමින්. විභාග කල් යෑමේ බරපතළම ගැටලුව නිර්මාණය වෙන්නේ 2022 අවුරුද්දේ. මේ කල් යෑමට මුහුණ දෙන්නේ 2021 අවුරුද්දේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට මුහුණ දෙන්න සිටින ළමුන්. 2021 උසස් පෙළ විභාගය පවත්වන්නේ 2022 මාර්තු මාසෙ. 2021 සාමාන්‍ය පෙළ විභාගය මේ ලිපිය ලියන මොහොත වෙනකොටත් පවත්වා නැහැ. එය පවත්වන්න නියමිතව තියෙන්නේ මැයි මාසෙ 23 වැනිදා. ඒත් මේ පවතින තත්ත්වය මත මැයි මාසෙ 23 වැනිදා සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්න පුළුවන් වේවිද කියන එක සම්බන්ධව විශාල ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ සම්බන්ධව පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාවරයෙක් ශ්‍රී ලංකාවෙ නොසිටීම, ඒ වගේම ඒ සම්බන්ධ උපදෙස් දීමට අධ්‍යාපන බලධාරීන් නොසිටීම වගේම ලංකාවේ ජනාධිපතිවරයා සහ ඊට අදාළ ප්‍රබල දේශපාලකයන්ට අධ්‍යාපනය පිළිබඳ සත පහක වටිනාකමක් වුවමනාවක් සහ හැඟීමක් නොමැති වීම අපේ රටේ තියෙන බරපතළ ප්‍රශ්නයක්.

මැයි 23 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා යැයි උපකල්පයන කොට අපි මේ ලිපිය ලිව්වොත් මැයි 23 වැනිදා පවත්වන සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍යයෙන් ජුනි මාසෙ වෙද්දී අවසන් වීමට නියමිතයි. ජුනි මාසෙ උදා වුණාට පස්සේ ලංකාවෙ විභාග කැලැන්ඩරයේ තවත් ඉතා තීරණාත්මක මොහොතක් අපට තවමත් ඉතිරි වෙලා තියෙනවා. ඒ තමයි මාර්තු මාසෙ පවත්වන ලද 2021 උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම. නැටුම්, සංගීතය ඇතුළු ප්‍රධාන පෙළේ විෂයන් රාශියක මේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විය යුතුයි. විශේෂයෙන්ම ඉන්ජිනේරු තාක්ෂණය වගේ විෂයන්වල තාක්ෂණවේදයට අදාළ විෂයන් රාශියක ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට තවමත් ඉතිරි වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන මූලික කටයුතු වත් තවමත් සිද්ධ වෙලා නෑ. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසුව මේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සිදුවීමට නියමිතයි. ප්‍රශ්නය තියෙන්නේ මේ විදියට ප්‍රායෝගික පරීක්ෂණ සිදුකරන්නට අවශ්‍ය කරන මූලික පරිසරයවත් ලංකාවෙ මේ වෙනකොට තියෙනවද කියන එක. අපි ඊට කලින් කතා කරමු සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය කරන මූලික පහසුකම් ලංකාවෙ තියෙනවද කියලා.

ඇත්තටම සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්න අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ටික මේ වෙනකොට මුද්‍රණය කරලා ඇති කියලා අපි උපකල්පනය කරනවා. ඒ නිසා කඩදාසි ප්‍රශ්නය සාමාන්‍ය පෙළ විභාගයට බලපාන්නේ නෑ. සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්නපත්‍රවලට උත්තර ලියන්න දරුවන්ට කඩදාසි ලබාදෙනවා. මේ කඩදාසි ප්‍රමාණයෙන් ඉතා විශාලයි. එම කඩදාසිත් මේ වෙද්දී සකස් කරලා අවසන් නිසා කඩදාසි ප්‍රශ්නය සාමාන්‍ය පෙළ විභාගයට බලනොපාවි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි දිගින් දිගටම ලංකාවෙ මේ විදියට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම, බස් ගමනාගමනය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබීම, ඩීසල් තවදුරටත් ලංකාවට එනවාද නැද්ද කියන එක සම්බන්ධ ගැටලුව, ඛනිජ තෙල් සහ ඒ සම්බන්ධ අමාත්‍යවරයෙක් නොමැති වීම, විදුලිය දිගින් දිගටම විසන්ධි වීම, විදුලිය විසන්ධි වීම වළක්වා ගැනීමට හෝ ඒ සම්බන්ධ පියවර ගැනීමට විදුලියට අදාළ බලශක්ති අමාත්‍යවරයෙක් මෙරට නොමැති වීම කියන ප්‍රශ්න ටික විශාල වශයෙන් බලපාන්න නියමිතයි. නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් කතා කරලා නැති නිසා අපට සිදුවෙලා තියෙන්නේ බලාගෙන ඉන්න. මේ සියල්ල නිවැරැදි වෙලා සාමාන්‍ය පෙළ විභාගය හරි දවසෙ පවත්වලා, සාමාන්‍ය සිසුන්ට මේ විභාගයට ඉතා සාර්ථකව මුහුණ දීලා, සාර්ථකව විභාග කටයුතු අවසන් කරන්න ලැබුණා යැයි අපි උපකල්පනය කරනවා. එහෙම උපකල්පනය කරන්නේ මේ රටේ මිනිස්සු විදියට අපි බලාපොරොත්තු වෙන එකම එක පරම සත්‍යය එය නිසා. ඒක එහෙම වෙන්න කියලා අපිට පුළුවන් දෙවි කෙනෙක්ගෙන් අපි ඉල්ලනවා. ඒකට හේතු වෙන්නේ තත්පරයක් ගානෙ, විනාඩියක් ගානෙ, දවසක් ගානෙ නාස්ති වෙන්නේ ලංකාවෙ දරුවන්ගෙ ජීවිතය. ඒත් දරුවන්ගෙ ජීවිතය කියන්නේ මේ රටේ අනාගතය.

නූගතුන් වැඩි වුණු දවසට තමයි රටට නොගැළපෙන අදූරදර්ශී පාලකයන් මේ රටේ පාලන බලය හිමි කරගන්නේ. මෙතෙක් වෙලා තියෙන්නේ ඒක. ලංකාවෙ මිනිසුන්ට කොච්චර කිව්වත් ඒ මිනිස්සු විශ්වාස නොකරන, ඒ මිනිසුන්ට සත පහකට වැඩක් නැති තුට්ටු දෙකේ දේශපාලකයො අපි පාර්ලිමේන්තුවට යවලා ඉවරයි. පාර්ලිමේන්තුවට යවපු හුඟ දෙනෙක් කසිප්පුකාරයො. සමහරු ජාවාරම්කාරයො. සමහරු මාල කඩන අය. සමහරු පස් කපන අය. සමහරු වැලි ගොඩදාන අය. මේ විදියට කූට ව්‍යාපාරිකයො ඉස්කෝලෙ නොගිය එවුන් පාර්ලිමේන්තුවට යවන දේශපාලනයක් ලංකාවෙ නිර්මාණය වෙන්න නම් ලංකාවේ වැඩිමනත් මිනිස්සු සාමාන්‍ය පෙළ විභාගය අසමතුන් විය යුතුයි කියලයි බොහෝ දෙනෙක් හිතන්නේ. ඒක නිසා දේශපාලකයන්ගෙ වුවමනාව ඒක වෙන්න ඇති. ඒත් සාමාන්‍ය පෙළ විභාගය පවත්වන එක තමයි අපේ හීනය. ඒ අපට රටක් අවශ්‍ය නිසා. අපේ දරුවන්ට හෙටක් අවශ්‍ය නිසා.

සාමාන්‍ය පෙළ විභාගය නිවැරැදි දවසෙ තිබ්බොත් ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්න ජුනි මාසෙ පුළුවන් වේවිද? ජුනි මාසෙ තියන්න බැරි වුණොත් ජූලි මාසෙවත් මේ පරීක්ෂණ පැවැත්වුවොත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙන්න අඩුම වශයෙන් අගෝස්තු මාසෙ මැද හෝ අග විය හැකියි. රටේ තියෙන මේ ප්‍රශ්න නිසා ගමනාගමන ගැටලු නිසා ප්‍රශ්න පත්‍ර සියල්ල නිරීක්ෂණය කරලා අවසන් වෙලා, ප්‍රායෝගික පරීක්ෂණ ලකුණුත් එක්ක ගළපලා අවසාන ප්‍රතිඵලය නිකුත් කරන්න නිශ්චිත කාලයක් ගතවෙන්න ඉඩ තිබෙනවා බොහෝ විට. එහෙම වුණොත් දැනට නියම කරගෙන තියෙන පරිදි උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසෙ පැවැත්විය හැකිද?

සමහර විට කෙනකුට හිතෙන්න පුළුවන් මේ ප්‍රායෝගික පරීක්ෂණ සහ ඊළඟ ඔක්තෝබර් මාසෙ තියෙන විභාගයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඉතාම පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. 2021 විභාගයෙ තමන්ගෙ ප්‍රතිඵල මත දෙවැනි වරට හෝ තෙවැනි වර විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අවස්ථාව ලබාදීමට විභාග දෙපාර්තමේන්තුවෙ සාමාන්‍ය ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ හැකි කාලයක් ලබාදෙනවා. මේ කාලය මාසයක පමණ කාලයක් බවට පත්වෙනවා. ඉතින් මේ විදියට නැවත වරක් විභාගයට පෙනී සිටින දරුවන්ට විභාගයට සූදානම් වීමේ කාලය නම් කිසිසේත්ම නොලැබෙන බව නම් ස්ථිරයි. ඒත් සූදානම් වීමේ කාලය අමතක කරලා දැම්මත් විභාගයට පෙනී සිටීම සඳහා ඉල්ලුම් පත්‍ර යොමුකිරීමේ කාලය කවදා වෙනකන් පැවැත්විය හැකිද? මේ ඉල්ලුම් පත්‍ර ලැබුණට පස්සෙ තමයි විභාග දෙපාර්තමේන්තුවට තීරණය කරන්න සිද්ධ වෙන්නේ ඊළඟ වසරේ උසස් පෙළ විභාගයට සිසුන් කී දෙනෙක් පෙනී සිටිනවාද, ඔවුන් සඳහා වෙන් කරන විභාග මධ්‍යස්ථාන මොනවාද, ඔවුන් සඳහා ප්‍රශ්න පත්‍ර කොපමණ අවශ්‍යද, උත්තර පත්‍ර සඳහා අවශ්‍ය කරන කඩදාසි ප්‍රමාණය කොපමණද කියන එක. ඒ සියල්ල තීරණය කරන්න සති දෙකක පමණ කාලයක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. නමුත් ගැටලුව වෙන්නේ මේ තීන්දුව ගැනීම සඳහා රටේ බලධාරීන් තවමත් සක්‍රීය නැහැ. ඒ වගේම මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, පාරවල්වල යන්න බැරි තරමට ඩීසල් ප්‍රශ්නය ඇවිල්ලා. බස් දුවන්නෙ නැති තැනට රට පත්වෙලා ඉවරයි.

එහෙම නම් මේ සියලු ප්‍රශ්නත් එක්ක ඔක්තෝබර් මාසෙ විභාගය තියන්න පුළුවන් වෙයිද? ඇත්ත වශයෙන්ම බැලූ බැල්මට පේන කාරණය තමයි 2022 උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ පැවැත්වීම කියලා කියන්නේ කිසිසේත්ම ප්‍රායෝගික නොවන කාර්යයක් කියන එක. මේ කිසිසේත්ම ප්‍රායෝගික නොවන දේවල් අපට ඕනෙ තරම් කරලා පුරුදු නිසා අපි ඕනෙ තරම් ඒ වගේ ගොං වැඩ කරන හින්දා දරුවන්ගෙ අනාගතේ ගැන අපි කවදාවත් නොහිතන හින්දා ඒ වගේ දෙයක් කරන්න බැරිකමක් නෑ. හැබැයි එහෙම කළොත් මේ රටේ අනාගතය සහ දරුවන්ගේ ජීවිතය සම්බන්ධව විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒකට හේතුව වෙන්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ පරිදි තමන්ගෙ ළකුණු ප්‍රමාණය අඩුවෙච්ච ළමයින්ට මාසයක් වගේ ඉතා කෙටි කාලයක් තුළ ඊළඟ උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න සිදුවීම අතිශය භයානක කාරණාවක්. ඉතින් මේ විදියට යම් විදියකින් සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්න බැරි වුණොත් මේ ප්‍රශ්නය දෙගුණ තෙගුණ වෙනවා. සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ ජුනි මාසෙ වුණොත් එහෙම ඊළඟ සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ කවදාද කියන එක සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඊළඟ ප්‍රශ්නය තමයි ඔක්තෝබර් මාසයේ සිට නොවැම්බර් මාසෙ තෙක් උසස් පෙළ විභාගය පවත්වන්න පාසල් වහල තිබ්බොත් ආයෙත් දෙසැම්බර් මාසෙ පාසල් වහල තියන්න පුළුවන්ද? නත්තල් නිවාඩුව දෙන්න පුළුවන්ද? ජූලි මාසෙදි මේ විභාගය පවත්වන්න නියමිතව තබෙනවා නම් ජූලි මාසෙ නිවාඩු කාලයක් හෝ ජූනි මාසයේ පවත්වනවා නම් ජුනි මාසයේ නිවාඩු කාලයක් හෝ යළි ප්‍රකාශයට පත්කරන්න සිදුවෙනවා. එහෙම වුණොත් සාමාන්‍ය පෙළ විභාගය කල් යනවා. 2021 සහ 2022 සාමාන්‍ය පෙළ විභාගය අතර තියෙන පරතරය මාසයකට දෙකකට වඩා අඩු වෙන්නෙ නෑ. එහෙම විභාගයක් පැවැත්වීම රටකට විශාල ප්‍රශ්නයක් නිර්මාණය කරන දෙයක් වෙන්න පුළුවන්. මොකද අධ්‍යාපනය අතහැරලා දාන දරුවො, විභාග අතහැරලා දාන දරුවො තමයි රටකට ලොකුම ප්‍රශ්නය බවට පත්වෙන්නේ.

මේ ලිපිය ලියමින් ඉන්න අතරතුර අපට දැනගන්න ලැබුණා නිල නොලත් ආරංචි මාර්ගයකින් සාමාන්‍ය පෙළ විභාගය ජුනි 13 වැනිදා දක්වා කල් තැබූ බව. ඒ අනුව විභාගය අවසන් වෙන්න ජුනි මාසයේ අග සතිය විතර වෙනවා. ආයෙත් අර කතන්දරයම පටන් ගන්නවා. ජුනි මාසෙ අවසන් වෙනකන් සාමාන්‍ය පෙළ විභාගය පවත්වනවා නම්, සාමාන්‍ය පෙළින් පස්සේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නේ කවදාද? සාමාන්‍ය පෙළ විභාගයෙ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වලා කොහොමද ඊළඟ අවුරුද්දේ විභාගයට මුහුණ දෙන ශිෂ්‍යයන්ට මේ සඳහා පරිසරය නිර්මාණය කරන්නේ? ජුනි 13 වැනිදා විභාගය පවත්වනවා, ජුනි මාසෙ 25 විතර වෙනතුරු මේ විභාගය පැවැත්වෙනවා. ඉන් පස්සේ එහි උත්තර පත්‍ර නිරීක්ෂණ කිරීම හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විය යුතුයි. මේ සියල්ල සිදුකරලා ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා පැහැදිලි නිශ්චිත සහ සාධාරණ මාස දෙකක හෝ කාලයක් ගතවෙනවා. ඒ කියන්නේ විභාග ප්‍රතිඵල නිකුත් වෙන්නේ අගෝස්තු මාසෙ අගභාගයේ හෝ සැප්තැම්බර් මාසෙ මුල් කාලයේ වෙන්න පුළුවන්. සැප්තැම්බර් මාසෙ සිට ඔක්තෝබර් මාසෙ දක්වා කාලයේදී සිසුන්ට තීරණය කරන්න සිදුවෙනවා තමන් ඊළඟ දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවද කියන එක.

විභාගය නිශ්චිතව කාලයෙන් කාලයට කල් යෑම, විභාග පවත්වාගැනීමට නොහැකි වීම, විභාග පවත්වාගැනීමට නොහැකි රටේ ඡන්ද පැවැත්වීම සඳහා විශාල මුදලක් වියදම් කිරීම, විභාග සඳහා ක්‍රමවේදයක් නැති වීම, අධ්‍යාපන බලධාරීන්ගේ ඔළමොට්ටල තීරණ, ඒ වගේම අධ්‍යාපන බලධාරීන් විභාගවලට මුල් තැනක් නොදීම ආදී ප්‍රශ්න සියල්ලම දැන් මේ රටේ අනාගතය සම්බන්ධව බලපාන තීන්දු තීරණ බවට පත්වෙමිනුයි මේ යන්නේ. ඊළඟ බරපතළම ප්‍රශ්නය වෙන්නේ අපේ රටේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන්න තරම් කඩදාසි තියෙනවද කියන එක. අපි විශ්වාස කරනවා විභාග දෙපාර්තමේන්තුව දරුවන් සඳහා අවශ්‍ය කඩදාසි ටිකවත් ඉතිරි කරගෙන ඇති කියලා. හැබැයි ඒ විශ්වාසය විභාග දෙපාර්තමේන්තුව කඩකරලා නම් අන්තෝ ජටා බහි ජටා තමයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අගමැති සහ අලුත් ආණ්ඩුව පත්වෙලා දැන් පැය 96ක්! තවම කිසිම රටක රාජ්‍ය නායකයෙක් සුබ පැතුවෙ නැත්තේ ඇයි! ආර්ථික විශේෂඥයන්ට හා ව්‍යාපාරිකයන්ට ‌ලොකු ප්‍රශ්නයක්!

Next Post

මිනිස්සු පෝලිමේ බලා සිටියදී පොලිසිය කෝටිපතියෙක්ගේ වාහනයකට පෝලිම පැනලා තෙල් ගහන්න ගිහින් අලි ලෙඩක් දාගනී! (VIDEO)

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.