• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රනිල්ගේ වැල් පාලමේ’ අනුර කුමාරත් යායුතුද? වැල් පාලමේ සිටින කිරිකැටියා භාරගන්න රනිල් අනුරට කියයි! ‘හුණුවටයේ කතාව’ අලුත් ජනපතිට සත්‍යයක් වේද? ‘රනිල්ගේ වැල් පාලම සමීකරණය දුර්වල ප්‍රවේශයක්’! ‘අනුර කුමාර රනිල්ගේ වැල් පාලමේ යායුතු නැහැ’! ‘අනුර කුමාර කළ යුත්තේ ලී ක්වාන් යූ ගිය මග යෑමයි’! ආර්ථික විද්‍යාඥ සහ විශ්ලේෂක ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන විග්‍රහ කරයි! Sri Lanka Latest News

October 26, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘කුමන්ත්‍රණකරුවන් විසින් බලයෙන් පහකරන ලද සහ පසුව ඝාතනය කරන ලද ආණ්ඩුකාරයාගේ අත්හැර දැමූ කුඩා ළදරු පුතා සොයාගන්නා ගෲෂා, දරුවා කෙරෙහි අවේගශීලී මාතෘ ආදරයක් ඇතිකරගෙන කුමන්ත්‍රණකරුවන්ගෙන් ඔහුව බේරාගැනීමට වහා තීරණය කරන්නීය. පසුව ඇය දරුවා තම ළයට තුරුලු කරගෙන නව පාලනතන්ත්‍රයේ ක්‍රියාකාරී පිරිස් මගහැරීම සඳහා අතිශය අනතුරුදායක ගමනක් අරඹයි. මෙම ගමනේදී පාලක පක්ෂයේ සොල්දාදුවන් විසින් ඇයව අල්ලා ගත්තේ නම් එම සොල්දාදුවන් විසින් දෙදෙනාම (ගෲෂා සහ දරුවා) ක්ෂණිකවම මරාදමනු ඇත. වහ වහා ගල්තලාවක් මතට පැමිණි ඈ අනෙක් පැත්තේ තවත් කඳුගැටයක් තිබෙනු දුටුවාය. ඇය වහා ඉක්මන් තීරණයක් ගත්තාය. තමන් ලුහුබඳින සොල්දාදුවන්ට ඔවුන් අල්ලා ගැනීමට නොහැකි වන පරිදි ඇය දරුවා අනෙක් පැත්තට රැගෙන යායුතුය. ඇය සැණෙන් දුටුවේ එම කඳුවැටි දෙක යාකරන ‘වැල් පාලමක්’ හෝ ‘කැලෑ පට්ට’වලින් සාදන ලද එල්ලෙන පාලමකි. මෙම පාලමේ අනෙක් පැත්තට තරණය කිරීම අතිශය භයානකය. එහෙත් ඇය දරුවාත් රැගෙන එම බියකරු ගමන යෑමට වහා තීරණය කළාය. ඇය දරුවා ළයට තුරුලු කරගෙන පාලමට අඩිය තැබුවාය. වැල් පාලම තදබල ලෙස එහා මෙහා පැද්දෙමින් ඇති අතර, යම් හෙයකින් ඇගේ ග්‍රහණය නැතිවුවහොත් පහත ඇති ගැඹුරු අගාධයට ඇදවැටී ඇයත්, දරුවත් මියයනු ඇතිය. නමුත් ඇය දැඩි අවදානමක් ගෙන ඉතා දුෂ්කර ලෙස වැල් පාලම තරණය කරමින් ආරක්ෂිතව අනෙක් ගල් තලාව පැත්තට පැමිණෙයි…’ (Sri Lanka Latest News)

කුමක්ද මෙලෙස ඇසෙන අනුවේදනීය කතාන්දරය? ලෝකයේ කලාව සහ සාහිත්‍යය අගයන බොහෝ දෙනෙකු මෙම කතාව අසා ඇත්තේය. ලෝ ප්‍රකට ජර්මානු නාට්‍යකරුවකු වන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් හුණුවටයේ කතාව’ නමැති මහා නාට්‍ය නිර්මාණය තුළින් මෙම කතාන්දරය ඇසෙයි. මෙය මෙරට සිංහල බසින්ද ප්‍රකට නාට්‍යවේදී හෙන්රි ජයසේනයන් විසින් නිෂ්පාදිත නාට්‍ය නිර්මාණයකි. මෙම අනුවේදනීය නාට්‍ය දසුනේ එම වතගොත අපට පසුගියදා බොහෝ උස් හඬකින් බොහෝ වාරයක් අසන්නට ලැබිණි. එය කුමක්ද? මෙම වැල් පාලමේ කාතව අපට හරියටම අසන්නට ලැබුණේ පසුගිය ජනාධිපතිවරණයට මාස 2-3කට පෙරදීය. එනම් මෙරට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කතාව අවස්ථා ගණනාවකදීම කියා සිටියේ විශේෂයෙන්ම දේශපාලන වේදිකාවලදීය. එනම් ඔහුගේ අර්ථකථනය වූයේ තමන් මෙරට පරිහානියට පත්ව තිබුණු ආර්ථිකය වැල් පාලමේ කතාව මෙන් ආරක්ෂා සහිතව ගොඩට ගෙන යන්නට කටයුතු කළ බවයි. ඔහු එහිදී තවදුරටත් ජනාධිපතිවරණය නිමවීමෙන් පසුවද ප්‍රකාශ කළේ තමන් ඉතා දුෂ්කර ලෙස වැල් පාලම මතින් ගෙනගිය දරුවා තවදුරටත් ආරක්ෂා සහිතව එගොඩ කරන්නට නව ජනාධිපතිවරයාට භාර කරන බවයි. මෙම කතාව සමාජයේ සමහරු මායිම් කළ අතර, තවත් සමහරු තඹ දොයිතුවකටවත් මායිම් කළේ නැත. මෙවැනි විසිතුරු කතා මත කාලය ගෙවී ගියේය.

දැන් එසේ නම් ‘හුණුවටය’ නාටකයේ වැල් පාලමේ කතාව නැවත අලුත් අර්ථකථනයකින් කියා සිටින්නේ කවරකු විසින්ද? ඒ වතගොත කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිටින කීර්තිමත් විද්වතෙකි. ඔහු නම් ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතාය. වසර 9ක් පුරා ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය දැරූ ඔහු, ප්‍රකට ආර්ථික විශේෂඥයකු මෙන්ම විශ්ලේෂකයකුද වෙයි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල දෙකකින් සහ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල දෙකකින්ද උසස් උපාධි හිමිකරගෙන ඇති ආචාර්ය විජේවර්ධනයන් පසුගියදා ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතකට සිදුකරන ලද අර්ථකථනයකින් මෙම ලිපිය ලියා තබමි. ඔහු එහිදී බොහෝ රසවත් ආකාරයෙන් හෙළිකර සිටින්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ‘වැල් පාලමේ උපමාව’ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අනුගත වන්නේද යන්නය. එම අර්ථකථනය ඔහු බොහෝ පැහැදිලි සහ සියුම් ආකාරයෙන් සිදුකරනු ලබන්නේ රටේ වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුදයද අවධානයට ගනිමින්ය. ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධනගේ වදනින්ම අප එම කතාන්දරය අසා සිටිමු.

රනිල් වික්‍රමසිංහගේ ‘වැල් පාලමේ’ උපමාව අනුර කුමාර දිසානායකට කෙසේ අනුගත කළ හැකිද?
‘2022 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වන විටදී ඔහුට තිබුණු අභියෝගය, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයේ ජවනිකාවකට සමාන කිරීමට ඔහුගේ පිටපත් රචකයන් සිදුකළ උත්සාහය වරදක් ලෙස පෙනෙයි. රනිල් මෙම වැල් පාලමේ ආදර්ශය තෝරාගන්නට ඇත්තේ තමන් ජනාධිපති ධුරයට පත්වන විට තමන් ගත් අභියෝගයේ දැවැන්ත බව ජනතාව අතරට ගෙන යෑමටයි. හෙන්රි ජයසේන නාට්‍යවේදියාගේ ‘කොකේසියානු හුණු කවයේ’ සිංහල අනුවර්තනය වූ ‘හුණුවටයේ කතාවේ’ වැල් පාලමේ ගීතයද ලංකාවේ නාට්‍යකරුවන් අතර ජනප්‍රිය වූ නිසා ඔහුගේ පණිවුඩය මිනිසුන්ට සන්නිවේදනය කිරීමට හොඳම උපමාව යැයි රනිල් සිතන්නට ඇතිය. නමුත් එය අදාළ වන්නේ රටේ ජනගහනයෙන් කුඩා කොටසකට විතරක් වන අතර, ඒ සමග ඔහු අපේක්ෂා කළ පුළුල් පරාසයක් ඔහුට නොලැබෙනු ඇත. එය එහි ජනප්‍රිය ඇත්ත පමණකි. නමුත් ආර්ථික උපායමාර්ගයක් ලෙස රටක් ආර්ථික ව්‍යයසනයකින් ගොඩගැනීම සඳහා එය ඉතා දුර්වල ප්‍රවේශයකි…’

වැල් පාලම රටට සාම්ප්‍රදායික විසඳුමක්ද?
‘මෙම වැල් පාලමේ සමීකරණයේ ඇති දුර්වලතාව වන්නේ රට මුහුණ දුන් ආර්ථික ප්‍රශ්න සාම්ප්‍රදායික ක්‍රමවේදයක් ඔස්සේ විසඳා ගැනීමට උත්සාහ කිරීමය. මෙය රාමුවක් ඇතුළත විසඳුමකි. ඔබ දුෂ්කරතාවක් දුටු විට සහ එම දුෂ්කරතාවයෙන් මිදීමට සාම්ප්‍රදායික ක්‍රමයක් ඇති විට ඔබ එහි කාර්යක්ෂමතාව හෝ කාලෝචිතභාවය හෝ පිරිවැය හෝ නොසලකා එය අනුගමනය කරයි. ආර්ථික උපායමාර්ගයකින් රාමුවෙන් පිටත විසඳුම් සොයමින් ගැටලු විසඳීමට උත්සාහ කරයි…’

රනිල්ගේ යෝජනාව අනුර කුමාරට ඉදිරිපත් කිරීම.
‘ජනාධිපතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, තමන් දැන් රටේ රෝගී ආර්ථිකය නොහොත් ‘හුණුවටය නාටකයේ කිරිකැටියා’ පර්වතය මතින් ආරක්ෂිත ස්ථානයකට ගෙනගොස් ඇත්තේ වැල් පාලමෙන් බවයි. එහෙත් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වූ පසුව ඔහු හා ඔහුගේ අනුගාමිකයන් තම ස්ථාවරය වෙනස් කරගනිමින් කියා සිටියේ තමන් වැල් පාලම හරහා ගමන් කළේ අඩක් පමණක් බවත්, ඉතිරි කොටසද ඇවිද ගොස් ජනතාවට සෞභාග්‍යය ලබාදීමට අවස්ථාවක් ලබාදිය යුතු බවත්ය. අනුර කුමාර දිසානායක ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ සිය සමුගැනීමේ කතාවේදී කියා සිටියේ තමා දැන් දරුවා අනුර කුමාරට භාරදෙන බවත්, එවිට ඔහුට වැල් පාලමෙන් එගොඩට ගෙන යා හැකි බවත්ය.’

අනුර කුමාර දිසානායක මෙය සිදුකළ යුතුද?
‘මගේ මතය අනුව නම් අනුර කුමාර විසින් රනිල්ගේ මෙම කරුණාවන්ත යෝජනාව පිළිගත යුතු නැත. එසේ වන්නේ රටේ ආර්ථිකය තවමත් වැල් පාලම මැදට හෝ නොගොස් බොහෝ ආකාරවලින් තවමත් එහි දොරටුව අසලම පවතින හෙයිනි. දරුවා ආරක්ෂිතව ගල් තලාවේ අනෙක් පැත්තට රැගෙන යෑම සඳහා අනුර කුමාර විකල්ප ක්‍රියාමාර්ගයක් සොයාගත යුතුය. වැල් පාලමෙන් ඇවිදින්නට යන රනිල්ගේ යෝජනාවට අනුව ඔහු ක්‍රියා කළහොත් රටේ බහුතර ඡන්දදායකයන් විසින් තමාට භාරදී ඇති රෝගී බිලිඳා බේරාගැනීමට ඔහුට කාලය, සම්පත් සහ ශක්තියද අහිමි වනු ඇතිය. සත්‍යය එයයි.’

වැරැදි යෝජනා සහ ආර්ථික දර්ශක මොනවාද?
‘2024 සහ 2025 වසරවල සැබෑ ආර්ථික වර්ධනය, මේ සෑම වසරක් සඳහාම මුලින් ප්‍රක්ෂේපනය කළ 3%ක වර්ධන වේගයට වඩා වැඩිවනු ඇතැයි මහබැංකුව විශ්වාස කරයි. එය පදනම්වී ඇත්තේ බැංකුව විසින් සම්පාදනය කරන ලද දර්ශකවලට වඩා හොඳ කාර්යසාධනය සහ බැංකු ණය ප්‍රවාහය නිසි ලෙස පුද්ගලික අංශය වෙත ගලායෑම මතය. එනම් ප්‍රධාන ක්ෂේත්‍ර පහකට අදාළව ආවරණය වෙයි. නව ඇණවුම්, නිෂ්පාදනය, රැකියා, නිෂ්පාදන සහ ඉදිකිරීම් මෙහිදී ආවරණය කරයි. ආර්ථිකය වශයෙන් සැලකිය යුතු පෙරළියක් යෝජනා කිරීම විශාල දියුණුවක් නොවේ. කාර්යසාධනය හා සේවා දර්ශකයද 2023 මැයි සිට 2024 අගෝස්තු දක්වා සාමාන්‍ය 65-68 අතර එක තැන පල්වෙන තත්ත්වයක් වාර්තා කර ඇත. එයද විශාල දියුණුවක් නොවේ. ඉදිකිරීම් අංශය 2024 මැයි-ජුනි කාලය තුළ මධ්‍යස්ථ 50 ස්ථානයේ සිට සාමාන්‍ය 60 ස්ථානය දක්වා දියුණු වී ඇත. එයද ආර්ථික ක්‍රියාකාරකම්වල විශාල දියුණුවක් යෝජනා නොකරයි. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසාය අංශයේ වර්ධන දායකයන්ගෙන් 60%ක ආර්ථික ක්‍රියාකාරීත්වයද එය බැහැර කරයි. පුද්ගලික අංශයේ ණය ප්‍රවාහයන් සම්බන්ධයෙන් වැදගත් වන්නේ නාමික ණය වර්ධනය නොව, සැබෑ ණය ප්‍රවාහයයි. මෙවැනි වටපිටාවක් යටතේ ඉදිරි කාලය තුළ ආර්ථිකයේ පෙරළියක් පිළිබඳ මහබැංකුවේ අනාවැකිය කල් වැඩිය.’

පිම්මක් පනින්නට හැකියාවක් තිබේද?
‘ජනතාවගේ යහපැවැත්මට බලපානු ලබන මෙම අඳුරු ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගෙන, රනිල් යෝජනා කළ පරිදි අස්ථාවර වැල් පාලම හරහා ගොස් පර්වතය තරණය කිරීමට උත්සාහ කරමින් කාලය නාස්ති කිරීමට අනුර කුමාරට නොහැකිය. පසුගිය ජනධිපතිවරණයෙන් ඔහුට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙන විට ඡන්දදායකයන් ඔහු ගැන විශාල බලාපොරොත්තුවක් තිබුණා. එය හරියට රටේ ස්ථාපිත දේශපාලන බලවේග සියල්ල විනාශ කරමින් ගොඩබිම හරහා අධික වේගයෙන් ගමන් කරන උස්වූ සුනාමි රළ වැනිය. එබැවින් අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරමින් වේගවත් ආර්ථික වර්ධනයක් ලබාදෙන ප්‍රශ්නයට පිටතින් විසඳුම් සොයාගත යුතුය. පරම්පරාවක් තුළ සමෘද්ධිමත් රටක් වීමේ සිහිනය ශ්‍රී ලාංකිකයන්ට තිබේ. අනුර කුමාර දිසානායක මේ සිහිනය සැබෑ කළ යුතුය. බි්‍රතාන්‍යයෙන් නිදහස ලබා ශත සංවත්සරය සමරන 2048 වනවිට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත්කිරීම තම ඉලක්කය බව ප්‍රකාශ කරමින්, රනිල් මේ සිහිනය සැබෑ කරගැනීමට උත්සාහ කළේය. මෙය හුදෙක්ම 2047 දී ඉන්දීය නිදහසේ ශත සංවත්සරය සමරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉන්දියාව පොහොසත් රටක් බවට පත්කිරීමේ සිහිනය කොපි කිරීමකි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා නරේන්ද්‍ර මෝදි විස්තීරණ සැලසුමක් සකස් කළේය. එහෙයින් 2048 වනවිට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත්කිරීමේ ඉලක්කය ක්‍රියාවෙන් තොර කතාවක් පමණක් වෙයි.’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මව්රට මතක් කළා! ඔන්න දැන් ලංකාවේ ලොකුම හරක් හොරකම කරපු හිටපු ඇමැතිලාට නඩු දාන්න සූදානම්! I Sri Lanka Latest News

Next Post

ඡන්දෙන් පස්සේ වසර 3ක එකඟතා පාර්ලිමේන්තුවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.