ඉදිරි මහ මැතිවරණයෙන් පසුව එකඟතා පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා වූ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට හිටපු මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණ වේ.Sri Lanka Latest News
මේ වනවිට රට දරුණු ආර්ථික අර්බුදයක ගිලී තිබීම නිසා රට ඉන් මුදාගැනීමටත්, ජනතාවට සහන සලසා රට මුහුණ දී ඇති අනෙකුත් අභියෝගවලින් ජයගැනීම සඳහා මේ අයුරින් එකඟතා පාර්ලිමේන්තුවක් ඇතිකර ගැනීමට යෝජනා කිරීම මෙම හිටපු මන්ත්‍රීවරුන්ගේ අරමුණ වී තිබේ.
ඒ අනුව අවම වශයෙන් වසර 3ක කාලයක් සඳහා මෙම එකඟතා පාර්ලිමේන්තුව ගෙන යා යුතු බව එම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ස්ථාවරය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් දැනටමත් නොනිල වශයෙන් ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ ප්‍රධානීන් දැනුවත් කිරීමට මෙම හිටපු මන්ත්‍රීවරුන් කටයුතු කොට ඇති බවද දැනගන්නට තිබේ.










