• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවෙන් පිදුම් ලබන ලංකාවේ පුදබිම…

March 20, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
ඉන්දියාවෙන් පිදුම් ලබන ලංකාවේ පුදබිම…
Share on WhatsAppShare on Facebook

රටක පාලන තන්ත්‍රයට පාලනාධිකාරයට මෙන්ම එම රටෙහි පාලන බලය හිමිවන්නේ කාටද යන්න තීරණය වීමටත් ඒ ඒ රටවලට අදාළ ආගමික හා ශාසනික කරුණු බලපානු ලබයි. එලෙස රටක පාලන බලය කෙරෙහි බලපාන පූජනීය ස්ථාන යම් රටක පිහිටයි නම් ඒ ඉතාමත් සීමිත ප්‍රමාණයකි. ලංකාවේ නම් එවැනි ස්ථාන කිහිපයක් ගැන නිතර කතාබහට ගැනේ. ඒ අතරින් මහනුවර දන්ත ධාතුන්වහන්සේට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි.

දළදා වහන්සේගේ අයිතිය නැතහොත් දළදා වහන්සේගේ පූර්ණ භාරකාරත්වය ඇති තැනැත්තාට මෙරට රාජ්‍ය බලය මෙහෙයවීමේ උරුමය සහ හැකියාව ලැබෙතැයි යන විශ්වාසය අතීත රජ දවස සිටම පැවැත එන විශ්වාසයකි. කිත්සිරි මෙවන් රජදවස හේමමාලා සහ දන්ත කුමරුන් මෙරට වැඩමවූ බුදුරදුන්ගේ වාම දළදාව ලක්බිමේ පිනට ලැබුණු උතුම් සම්පතක් ලෙසින් එදා මෙදාතුර ඉතිහාසය පුරා පිළිගැනීමට ලක්ව තිබේ.

ඉන්දියාවේ කළිඟු රට රජුගේ පුද සත්කාර ලබමින් එරට වැඩසිටි වම් දළදාව මෙරටට හිමිවීමත් සමගින් ඊට ඉහළම ගෞරව දැක්වීමට සැලසුම් කළ කිත්සිරි මෙවන් රජු ඒ වෙනුවෙන්ම දළදා පෙරහැරක් සංවිධාන කිරීමට කටයුතු කළේ ක්‍රි.ව. 310දීය.

ආරම්භයේදී මෙම පෙරහැරට නිශ්චිත දිනයක් නොවුණත් පසුව ඇසළ මාසය ඊට සුදුසුම මාසය ලෙසින් යෝජනා වීමත් සමග මහනුවර දළදා පෙරහැර යන නාමය ඇසල පෙරහැර මංගල්‍යය ලෙස ප්‍රසිද්ධියට පත්විය.

දළදා වහන්සේ කොතරම් දුරට මෙරට රාජ්‍ය බලය කෙරෙහි බලපෑවේද යන්න හඳුනාගත හැකි සාධකයක් ලෙස රාජධානි මාරුවීමේදී ඒ ඒ රාජධානි යටතේ දළදා වහන්සේට උපරිම ගෞරවයත් පුදපූජාත් පැවැත්වීමට රජවරුන් කටයුතු කර ඇති ආකාරයෙන් හඳුනාගත හැකිය.

ඒ අනුව අනුරාධපුරයටත්, පොළොන්නරුවටත්, ඉන් පසු දඹදෙණියට, යාපහුවට, කුරුණෑගලට, ගම්පොළට, කෝට්ටේ, සීතාවක ආදී ලෙස දළදා වහන්සේද වැඩම කරවූයේ ඒ ඒ යුගයන්හි රජකළ රජවරුන්ට හැකි උපරිම රාජ්‍ය පුද සත්කාර සහිතවය. මේ සෑම රාජ්‍යයකම අනාගතය අනන්‍යතාව මෙන්ම උරුමයද රඳාපවතින ප්‍රධාන සාධකය ලෙස දළදාවට හිමිවූයේ සුවිශේෂ ස්ථානයකි. එකී උත්තරීතර බව නිසාම මේ රාජ්‍යයන්හි රජකළ සෑම රජකුම දළදා පෙරහැර පවත්වන්නට උනන්දු විය.

ඇතැම් රාජ්‍ය යුගයන්හි විවිධාකාර බලපෑම් සහ ගැටලු පැනනැඟුණු අවස්ථාවන්හි උපක්‍රමශීලීව දළදාව සඟවා තබාගෙන ආරක්ෂා කිරීමට බොහෝ රජවරුන් කටයුතු කර තිබේ. එවන් ගැටලුසහගත තත්ත්වයක් හේතුවෙන් සීතාවක රාජධානි කාලය තුළදී දෙල්ගමුව රජමහා විහාරයේ සඟවා ආරක්ෂා කරගත් දළදාව, මහනුවර රාජධානිය ඇරැඹීමෙන් පසු මහනුවරට වැඩමවා ඉන් පසුව මහනුවර දළදා පෙරහැර ඇරැඹුවද එය මුලින්ම දේවාල පෙරහැරක ස්වභාවයක් ගත්තේය. එම තත්ත්වය වෙනස් කර දළදා පෙරහැරක සිරි ගන්වන්නට මූලිකව කටයුතු කරනු ලැබුවේ 1753දී කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ පෙරහැර නැරැඹූ උපාලි හිමියන් හා අසරණසරණ පිණ්ඩපාතික සරණංකර සංඝරාජ හිමියන්ය. උන්වහන්සේලාගේ මූලිකත්වය ඇතිව වෙනස් වූ පෙරහැර දළදා පෙරහැර ප්‍රමුඛ සතර මහා දේවාල පෙරහැරක සිරි ගනු ලැබීය.

කුරුණෑගල යුගයේදී දළදා පෙරහැරට කළ සියලු සිරිත් විරිත් චාරිත්‍ර පුද පූජා ඇතුළත් කොට හතරවැනි පරාක්‍රමබාහු රජු සමයේ රචනා කළ දළදා සිරිතේ ව්‍යවස්ථා 38 ඇතුළත්ව ඇත. අදටත් සුළු සුළු වෙනස්කම් සිදුවුවද එම සිරිත් විරිත් බොහොමයක් පෙරහැර මංගල්‍යයේදී ක්‍රියාවට නැගෙයි.
පෙරහැරේ සියලු කටයුතු සුබ මුහුර්තයන්ට අනුව ඉටුකෙරෙන්නේ කිසිදු කටයුත්තකට දොසක් ඇති නොවන අයුරිනි. මෙම නැකැත් සියල්ල නැකැත් මොහොට්ටාල අතින් සැකසෙන අතර නිකිනි මස හෝ ඇසළ මස පුර පසළොස්වකට අවසන් පෙරහැර යෙදෙන පරිදි නැකැත් සැකසීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

එදාමෙදාතුර ඉතිහාසයේත්, වර්තමානයේත් මෙරට රාජ්‍ය පාලනය භාරගන්නා සියලු පාලකයන් අංශු මාත්‍රයක හෝ අඩුවක් පාඩුවක් නොකර දළදා පෙරහැර පවත්වන්නාක් මෙන් දේශ දේශාන්තරයන්හිද මේ උතුම් දළදාව උදෙසා පුද සත්කාර සිදුවන්නේය. ඒ, අදක ඊයේක සිට නොවේ. දැනට වසර සිය ගණනකට පෙර අතීතයේ සිටමය. එනම් කළිඟු රජුගේ කාලයේ සිටමය. ඒ අනුව ඉන්දියාවේ අදටත් ඇසළ මාසය මුල්කොට ගනිමින් දළදාව සිහිකොට විශේෂ පූජා මංගල්‍ය පැවැත්වේ. ඊට සමගාමීව කළිඟු රටේද දළදා වහන්සේට කෙරෙන පූජාවක් ලෙසින් පූජා උත්සවයක් සංවිධාන වෙයි. එහි ජගන්නාථ නම් දේවාලය මුල්කොට ගෙන සංවිධාන වුවත් එහි ප්‍රධාන අරමුණ බුදුරදුන්ගේ වාම දළදාවට ගෞරව දැක්වීමයි.

තම රටින් වෙනත් රටකට ලබාදුන් පූජනීය දෙයක් උදෙසා පුද පූජා පැවැත්වෙන මෙවැනි වෙනත් අවස්ථාවක් ලෝකයේ කිසිදු රටකින් අසන්නට හෝ දකින්නට නොලැබෙතැයි පැවැසිය හැකි අතරම එකී රට රටවල වන්දනාමානයට පත් එකම පූජනීය වස්තුව දළදා වහන්සේ පමණක්ම බව නම් නොරහසකි.

මෙරට රාජ්‍ය පාලකයා දළදා පෙරහැර උදෙසාම ව්‍යවස්ථාවක් පවා සකසමින් කිසිදා අඩුවක් නොවන අයුරින් පෙරහැරක් පවත්වමින් පුද පූජා පවත්වන්නා සේම ඒ හා සමානම ගෞරවයකින් ඉහත කී උත්සව පැවැත්වීමට ඉන්දීය ජනයාද කටයුතු කරති.

මෙරට ජනයා මෙන්ම රාජ්‍ය පාලකයා දළදා වහන්සේට කොතරම් ගෞරව කරන්නේද යන්න සිතාගත හැකි හොඳම සාධකය නම් 1828න් පසුව කිසි දිනෙක දන්ත ධාතුන්වහන්සේ සහිත කරඬුව මහනුවර දළදා මැඳුරේ වැඩසිටින මාලිගයෙන් කිසිදු වෙනසකට ලක් කිරීමට කටයුතු නොකිරීමය. එනිසාම දළදා පෙරහැරේදී පවා දළදාව සංකේතවත් කිරීම පිණිස වැඩමවන්නේ පෙරහැර කරඬුවයි. එයටද දළදා වහන්සේට දක්වන ගෞරවය දක්වන අතර මෙරට මෙන්ම ඉන්දියාවේද බොහෝ බෞද්ධ සැදැහැවතුන්ද එකී ගෞරවාදරය දළදා වහන්සේ වෙත පුද කරති.

දෙස් විදෙස්හි ගෞරවාදරයට පාත්‍ර වූ දළදා වහන්සේ එදා මෙන්ම මතුවටත් මේ ලක්බිම සුරකින බව නම් ආගම් භේදයකින් තොරව සියලු ලක්වැසි ජනයා හද පත්ලෙන් පිළිගනු ඇත.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

රාජපක්ෂවරු පෙරළාගෙන ආණ්ඩුවෙන් එළියට එන්න යන අලුත්ම නායකයා! කණ්ඩායමක් ස්වාධීන වෙයි – ආණ්ඩුවට 113ත් නැතිවෙයි! ජුනි ජන්දෙට බැසිල් ගමට ගේන්න යන ‌’හෝම් ෂොප්’! කොළඹ වැටලීමෙන් පසු සජිත්ට රට වටෙන්ම ඉල්ලීම් ගලයි! (රාජ්‍ය රහස්)

Next Post

ආර්ථික අර්බූදය දරුණුයි! ඉම්රාන්ට අස්වන ලෙස ආණ්ඩුවෙන්-විපක්ෂයෙන් දෙකෙන්ම බලපෑම්! විශ්වාසභංගයකුත් ඉදිරිපත් වෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.