සියඹළාණ්ඩුවේ මෙගවොට් 100ක සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග බලශක්තිය සම්බන්ධයෙන් පැවැති සාකච්ජාවකදී ඒ මහතා පෙන්වා දුන්නේ ඉතිහාසයේ පළමු වතාවට මෙවර ඩීසල් බලාගාර භාවිතයෙන් සිදුකෙරෙන විදුලි උත්පාදනයට වඩා සුළං බලයෙන් සිදුකරන විදුලි උත්පාදනය ඉහළ ගිය බවකි.
එමෙන්ම 2030 වනවිට තාප බලාගාරවලින් විදුලිය නිපදවීම 1%ක දක්වා අඩු කළ හැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.










