ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇතිවූ මානසික ගැටළුවලට (ආතතීන්ට) ප්‍රතිකාර ගැනීම සඳහා මානසික වෛද්‍යවරුන් හමුවට පැමිණෙන රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසනවා. (Sri Lanka Latest News)
සායනවලට පැමිණෙන එවැනි රෝගීන් සංඛ්‍යාවද දෙගුණයකින් වැඩිවී ඇතැයි පවසන විශේෂඥ වෛද්‍යවරයා ආර්ථික පීඩනය සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය යනාදී කාරණා මෙම ආතති තත්වයන්ට ප්‍රධාන හේතුව බවද සඳහන් කළා.
තම දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව, තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු බිඳවැටීම, ඉගෙන ගත්තත් හොඳින් ජීවත් විය නොහැකිවේ යැයි යන සෘණාත්මක අවිනිශ්චිත මනෝභාවයන්, දරුවන් විදේශගත කිරීම සඳහා මුදල් සොයාගැනීමට දරන උත්සාහයන් අසාර්ථක වීම, දරුවන් විදේශයන්ට යැවීමෙන් තමන් තනිවේ යැයි යන සිතුවිලි යනාදිය මෙම මානසික පීඩනයන්ට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවත් මෙම ආතති වර්ධනයවීමෙන් විශාදය වැනි රෝග තත්වයන් පවා මතු විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.
A5 News Sri Lanka










