• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිකඩට බිලියන 32ක ලංසුවක්! බිලියන 18ක් වියදම් කොට හොරණට අලුත් හිරගෙදරක්! I Sri Lanka Latest News

August 12, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
සිරකරුවෙක් දින 5ක් තිස්සේ අතුරුදන්! වැලිකඩ බන්ධනාගාරයම කනපිට පෙරළුවත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙලා!
Share on WhatsAppShare on Facebook

වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩමේ වාණිජ වටිනාකම රුපියල් බිලියන 32ක් බවට ගණන් බලා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා.Sri Lanka Latest News

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන නාගරික සංවර්ධන අධිකාරියට අයත් හොරණ ප්‍රදේශයේ අක්කර 200ක භූමි ප්‍රමාණයක් නව බන්ධනාගාරයක් ඉදි කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා පවරාගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ජයරත්න ප්‍රකාශ කළේ.

හොරණ බන්ධනාගාරයක් ඉදිකිරීමට රුපියල් බිලියන 18 නොඉක්මවන ව්‍යාපෘති වාර්තා කැඳවන ලෙසට උපදෙස් ලබාදී ඇති බව ද ඔහු සඳහන් කළා.

“අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් සියලුම නවීන පහසුකම් සහිතව ව්‍යාපෘතිය අවසන් කරන්න. නව බන්ධනාගාරය දැනට පවතින සිරගෙදර මෙන් හතර ගුණයක් පමණ විශාලයි.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව එළිමහන් බන්ධනාගාර පද්ධතිය ප්‍රවර්ධනය කිරීමටත් සිවිල් වැරදිකරුවන් සඳහා geo-tag ක්‍රමය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට බන්ධනාගාර පවත්වා ගෙන යාමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති අතර එය කිසි සේත්ම සමාජයේ කතාබහට ලක් වී ඇති පරිදි මුදල් ගෙවා වෙනම සිර මැදිරි වෙන් කර ගැනීමට අවස්ථාව ලබාදෙන ආකාරයේ කටයුත්තක් නොවන බවයි අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේ.

එසේම බන්ධනාගාර තුළ පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ස්ථාපිත කර රැඳවූවන් ඒවායේ සේවයෙහි යෙදවීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු කර ඇති බවත් ඒ සඳහා මේ වන විට ආයතන 04ක් එකඟතාව පළ කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

මේ වන විට බන්ධනාගාරගත සමස්ත සැකකරුවන් සහ චූදිතයන් සංඛ්‍යාව 28,468ක් පමණ වනවා. මේ අතරින් රැඳවූවන් 50.3% ක් බන්ධනාගාර ගත වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධවයි. අද වන විට මේ තත්ත්වය විශාල ගැටලුවක් වී තිබෙනවා. මොකද අධිකරණයෙන් නියම වන දඬුවම් කාලය අවසන් වීමෙන් පසු මෙම රැඳවූවන් නැවත යන්නේ ඔවුන්ට සුපුරුදු පරිසරයටමයි. එම නිසා නැවත නැවතත් ඔවුන් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා බන්ධනාගාරගත වන ප්‍රවණතාවක් දකින්න ලැබෙනවා.

ඒ නිසා නිපුණතා සහ පුනරුත්තාපනය ඒකාබද්ධ වූ වැඩසටහනකට ඔවුන් යොමු කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ රැඳවූවන් වැඩිම සංඛ්‍යාවක් සිටින්නේ බස්නාහිර සහ දකුණු පළාත්වලයි. ඔවුන්ගේ පුනරුත්තාපනය සහ සෞඛ්‍ය කටයුතු එකම ස්ථානයක සිදු කර ගත හැකිවන ආකාරයට ස්ථාන දෙකක් ස්ථාපිත කිරීම ‍කෙරෙහි මේ වන විට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ සාකච්ඡා සිදු කෙරෙනවා. එමඟින් එම කටයුතු සඳහා වන වියදම් අවම කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම බන්ධනාගාර රැඳවූවන්ගේ ආහාර සඳහා පමණක් රජය වාර්ෂිකව රුපියල් බිලියන 3.9ක් පමණ වැය කෙරෙනවා. එම වියදම් දරමින් ඔවුන්ව නඩත්තු කරන්නේ සමාජය විසින්. මේ වන විටත් රැඳවූවන් විසින් අක්කර 418ක පමණ වගා කටයුතු සිදු කරනවා. තව දුරටත් එම ප්‍රමාණය වැඩි කර ගැනීමට තවත් අක්කර 200ක් අප ඉල්ලා තිබෙනවා. එමගින් ආහාර සඳහා වැය වන අති විශාල මුදල් ප්‍රමාණය අඩු කර ගැනීමට අප උත්සාහ කරනවා.

මේ අතර විවිධ පුද්ගලයින් ත්‍රස්ත පනත අනිසි ලෙස භාවිතා කරන බවට රජයට චෝදනා එල්ල කළත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට බන්ධනාගාරගතව සිටින්නේ රැඳවියන් 40 දෙනකු පමණයි. මෙම පනත යටතේ සිටි එල්. ටී. ටී. ඊ රැඳවූවන් 33 දෙනෙකුට මේ වන විටත් නිදහස ලබා දී තිබෙනවා.

කෙසේ නමුත් අද වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති බරපතලම ගැටලුව වන්නේ බන්ධනාගාරවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීමයි. පවතින බන්ධනාගාර තුළ රැඳවිය හැකි ධාරිතාවය 13,000ක් වුවත් 29,000කට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා. මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා සිවිල් වැරදිකරුවන් සම්බන්ධ ඇප පනත සංශෝධනය කර නිවාස අඩස්සියට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ කමිටුවේ වාර්තාව මේ වන විට ලැබී තිබෙනවා. ඒ අනුව අදාළ නීති කෙටුම්පත් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව අධිකරණයේ පෙනී සිටිම අත්‍යවශ්‍ය නොවන ඕනෑම අවස්ථාවක ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සඳහා සහභාගි වීම ද මේ වන විටත් සිදු වෙනවා.

මේ අතර බන්ධනාගාරය තුළම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා ස්ථාපිත කර රැඳවූවන් ඒවායේ සේවයෙහි යෙදවීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු වී තිබෙනවා. ඒ සඳහා මේ වන විටත් ආයතන 04ක් එකඟතාවය පළ කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හා රැඳවූවන්ට ගැටළුවක් නොවී එම කර්මාන්තශාලා පවත්වා ගෙන යාමට හැකි නම් එමඟින් රැඳවූවන් සමාජයට වැඩදායී පුද්ගලයින් ලෙස මුදා හැරීමේ අවස්ථාව හිමි වෙනවා. එසේ සේවයේ යොදවන රැඳවියකුට රු 1400.00 ක මුදලක් වෙන් කිරීමටත් එයින් රු 400- 500ක පමණ මුදල් ඔවුන්ගේ පවුල් වෙත ලබා දීමටත් අපේක්ෂා කරනවා.

“අමි දිවි රිද්ම” වැඩසටහන යටතේ මේ වන විට රැඳවූවන් 1120ක් පුනරුත්තාපනය කර තිබෙනවා. මෙමඟින් රැඳවූවන් දින 7- 14ත් අතර කාලයක් බලපත්‍ර මත නිවෙස් වෙත යැවීමට කටයුතු කරන අතර ඔවුන්ගේ යහපත් කල් ක්‍රියාව මත නිදහස ලබා දීමට හැකිද යන්න පිළිබඳව ද සළකා බලනවා. මෙමගින් ද බලාපොරොත්තු වන්නේ යහපත් පුද්ගලයින් ලෙස ඔවුන් නැවත සමාජ ගත කිරීමයි.

මේ අතර බන්ධනාගාර තුළ විවිධ පාතාල ක්‍රියාකාරකම් සඳහා අවකාශ ඇති බවට ඇතැමුන් චෝදනා කළත් ඊට කිසිදු අවස්ථාවක් නොමැති බවත් අවධාරණය කළ යුතුයි. එවැනි කටයුතු සඳහා වන සියලු අවකාශ අප හැකි තරම් පාලනය කර තිබෙනවා. කෙසේ වුවත් විවිධ බලපෑම් මඟින් බන්ධනාගාර නිලධාරීන් මර්දනය කිරීමට උත්සාහ කරනවා නම් ඊට ද කිසිම ඉඩක් නැති බව කිව යුතුයි. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා පොලිස්පතිවරයාගේ සහාය ඇතිව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. එසේම බන්ධනාගාර නිලධාරීන්ට අමතරව විශේෂ කාර්ය බලකායත්, බන්ධනාගාර නිලධාරීන් නොවන නිලධාරීන් පිරිසකුත් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනවා.

මේ වන විටත් බෝගම්බර බන්ධනාගාරය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන අවසන්. ඒ වගේම බොරැල්ල බන්ධනාගාරය පිහිටි භූමි‍යේ වාණිජ වටිනාකම රුපියල් බිලියන 32කට අධිකයි. මේ තත්ත්වය සැළකිල්ලට ගෙන මේ වන විට හොරණ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 200ක භූමියක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබා ගෙන තිබෙනවා. එහි බන්ධනාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 18කට නොවැඩි ව්‍යාපෘති වාර්තා කැඳවන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් සියලු නවීන පහසුකම්වලින් සමන්විතව එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම නව බන්ධනාගාරය දැනට ඇති බන්ධනාගාරය මෙන් හතර ගුණයක් පමණ විශාලයි. මීට අමතරව එළිමහන් බන්ධනාගාර ක්‍රමය ප්‍රවර්ධනය කිරීමටත් සිවිල් වරදකරුවන් සඳහා ජියෝ ටැග් ක්‍රමය හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙනවා.

මහා භාණ්ඩාගාරයට බරක් නොමැතිව බන්ධනාගාර පවත්වා ගෙන යාම පිළිබඳ ක්‍රමවත්, නීත්‍යනුකූල, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි ආකාරයේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. එය ප්‍රභූ පැළැන්තියට මුදල් ගෙවා සිර මැදිරි ලබා ගැනීමට අවස්ථාව සැළසෙනවා යන කතාවට වඩා වෙනස් ක්‍රියාවලියක් බව කිව යුතුයි. කෙසේ වුවත් මහා භාණ්ඩාගාරයට බරක් නොමැතිව බන්ධනාගාර පවත්වා ගෙන යාම සඳහා වන වැඩ පිළිවෙළ ඉදිරියේදී හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.

මීට අමතරව සැප්තැම්බර් 12 වනදාට යෙදෙන ජාත්‍යන්තර සිරකරු දිනය නිමිත්තෙන් පුස්තකාල ශ්‍රවණාගාරයේදී රැඳවූවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. මෙමඟින් අප බලාපොරොත්තු වන්නේ යම්කිසි වරදකට බන්ධනාගාර ගත වුවත් ඔවුන් තුළ පවතින කුසලතාවන්ට වටිනාකමක් ලබා දීමයි.

SendShareShare
Previous Post

ආර්ථික පීඩනය සහ අනාගත අවිනිශ්චිතතාව නිසා සායනවලට එන මානසික රෝගීන් ප්‍රමාණය දෙගුණ වෙලා! Sri Lanka Latest News

Next Post

රන්ජන් දැන් උපාධිධාරයෙක්! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.