හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතා ජාතික දේශපාලනයට පිවිසීමේ සූදානමින් පසුවන බව වාර්තා වේ.
ජාතික දේශපාලනයට පිවිසෙන ලෙසට පසුගිය කාලවකවානුව පුරා විවිධ පාර්ශ්වයන්ගෙන් සහ හිතවතුන්ගෙන් ලද ආරාධනාවන්ට අනුව සිරිසේන මහතා මෙම තීන්දුව රැගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ මහතාගේ ටික්ටොක් වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි වේගයෙන් සැරිසරන ආකාරයක් දැකගන්නට තිබේ.










