• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැට්ටෙ තියෙද්දිම පපුව මිරිකන ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල!

December 27, 2022
in Uncategorized
Reading Time: 8 mins read
A A
හැට්ටෙ තියෙද්දිම පපුව මිරිකන ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල!
Share on WhatsAppShare on Facebook

ඉස්සර උඩරට කොළදිං (ගොයම් කපන) කාලයට ගම වෙනදාටත් වඩා සුන්දරය. ගොයම් කපන්නෝද, උප්පිඩි (කපන ගොයම්) එකතු කරන්නියෝද, කමතට ගෙනියන්නියෝ මෙන්ම ගෙනයන්නෝද, කමතේ කොළ (ගොයම්) පාගන්නෝද, බැත පාහින්නෝද රොද බැඳගෙන වැඩකරන්නෝය. ගිනිගහන අව්වේ වුවද වැඩිදෙනකුට ගානක් නැත. ඔවුන් වැඩ කරන්නේ අමුතු ජවයක් ශක්තියක් ලද අන්දමටය. වයසක උන්දැලාට (පොරවල්) කෙසේ වෙතත් නාඹර නාම්බන්ට (ඉලංදාරින්ට), හිරිමල් නෑම්බියන්ට කොළදිං සමය රජ මඟුලක්ය.

ඇයි දැන් කාලේ වගේ නොව ඒ කාලේ යුවතියන්ට මාපිය, වැඩිහිටි අවසරයකින් තොරව ගෙදරින් එළියට බැහීම තහනම්ය. එසේ යතත් යායුත්තේ මව හෝ සහෝදරයකු නැතහොත් භාරකාරයන් (පවුලේ වැඩිහිටියන්) විසින් අනුදක්නා ලද කෙනකුන්ගේ අණසක යටතේය.
කෙල්ලකුට කොල්ලකු දිහා බැලීමත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේය. යුවතියන් රැකුණේ දත් තිස්දෙක මැද්දේ දිව මෙනි. කොළදිං කාලයට ඔය රැකුම් බැලුම්වලට සීමා මායිම් දැමීමට බැරිය. ඒ දවස්වලට ඉතිං“හැමදා නියං එකදා වැහිවළාවේ” වගේය.

මහ වෙල්යාය කන්ද පාමුලය. කන්දේ වංගු වංගු “හෙල්මළු” (පඩිපෙළ වැනි) කනටිවල (කුඩාලියැදි) නියරවල් දිගේ (අලගල්ලේ දුම්රියපොළට මදක් ඔබ්බෙන් පහළ ප්‍රදේශය දිස්වෙනයුරු සිහිකර ගනික්වා) හෙමින් සීරුවේ ටිකිරිමැණිකෙලා (ළාබාල බොළඳ) ඇඹුල කුරුණියක (ආහාර ගෙනයාමට උඩරටට පමණක් ආවේණික භාජන විශේෂයක. දැන්නම් දකික්නට ඇත්තේ ද එහේමත් තැනකයි) තබා සුදු (පිරුවටයකින්) රෙදිකඩකින් වසාගෙන එන හැටි මසුරං වටී.
ඉස්සරහිං එසේ එන්නී ටිකිරි මැණිකේය. කිසි දවසක අව්වකට සිරුර විදාරණය නොවීමෙවන් (ඉඩනොදී) ඇත්දළ පාට වූ ඡවි වර්ණයට සමගාමීව ඇය ඇඳ සිටින්නී සුදු ඔසරියක් සමග ලොවිච්චි හැට්ටයකි. ගෙලේ බංගලි (ලොකු ලොවි ගෙඩි තරමේ පබළු) මාලයකි. දෙකනේ අරුංගල් හෝ දිස්පි දෙක ඔය වෙලාවට එන විට අව්වට දිලිසේ. එපමණක් නොව හමන සිහින් සුළඟට නටන නෙරිය. හුහ්. හීන් සීරුවේ වක්කඩකින් පනින විට හෝ උඩ නියරකින් පහළ නියරකට බහින විට හෝ සැලෙන “රන්කුඹු” යුවල නැළවෙන ”නිතඹ” දැනුත් මැවී පෙනෙන විට ළඟ ඉන්න එකාට “හොම්බට අනින්න“ හිතෙන තරම්ය.
ඉතින් ඔය දසුන් දුටු වරකාගොඩලා “හුරතල් තාලෙට බත්ටික දෙනවිට බඩගිනි අඩුවෙනවා ” කියලත් මොහිදීන් බෙග්ලා” ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා” යනුවෙන් ලෝකෙටම ඇහෙන්න බෙරිහන් දෙන්නේත් පිස්සුවට නොවේ. හැබෑ..ඈ..ඈ…වටමය.

ඉතින් ඔන්න ඔහොම ගෙනා ඇඹුල කා යළි ගොයම් කැපීමට තරුණ වැඩිමහලු ගොවියන් ටික කූඹුරට බහින විට තරුණ යුවතියන් සහ වැඩිමහලු නැතහොත් තලතුනා උන්දැලා කරන්නේ ගොවියන් විසින් උදේ සිට කපා ඒ ඒ තැන්වල දමා ඇති උප්පිඩි (අහුරු) එක් තැන්කර කමතට ගෙනයාම සඳහා මිටි බැඳීම හෝ පසුව ගෙනයාම උදෙසා නියරවල් මත ”කැටකඳු” ගැසීමය.

ඉතින් දවසක් ඔන්න ඔය අන්දමට දවසේ වැඩ ටික “අහවර” (අවසන්) කරන්නට සූදානම් වූ ඉර බහින්න ආසන්න හැන්දෑවේ උප්පිඩක් එකතු කරමින් සිටි සද්දන්ත ගොවි මැණිකෙ උන්දෑ කෙනකුගේ අත උප්පිඩක් යට සිටි කිසියම් සර්පයකු විසින් දෂ්ට කරන ලද්දෙන් ඔක්කෝම උඩුයටිකුරවී ගියේය. සියල්ලෝම කලබල වූහ. පවුලේ උදවිය ළතෝනි දෙන්නට පටන් ගත්හ. ඇතැමෙක් ”අකම්පහළ” (කනගාටු) වූහ.

ඔය අතරේ හයිහත්තිය තිබූ දෙතුන් දෙනෙක් ඉහනිකට පැහිච්ච් (වැඩිහිටි) උදවියගේ උපදෙස් අනුව උන්දෑ උස්සාගෙන අල්ලපු ගමේ වෙද රාළ හොයන්නට දිව්වෝය. වේදනාව එන්න එන්නම වැඩිවන බව කියමින් ආතුරයා කෑගසන්න වූවාය. සෙස්සෝ ඔවුන්ගේ පස්සේ වැටුණාහ. ආතුරයා දුටු ගමන් මඳ සිනාවක් පහළ කළ වෙද රාළ “කාලා තියෙන්නේ ඒ තරං විෂ සහිත සතෙක් නෙමෙයි” යනුවෙන් පවසා “වේදනාව ඔච්චර ආවෙ කාල තියෙන්නෙ කුණුකටුවෙක්” යැයි ද පවසා වේදනාව අඩුවෙන්න කැඳක් ද, කෂායක්ද අඹරා තුවාලයේ ගාන්න බෙහෙතක් ද ලියා දුන්නේය.
හනිහනිකට ගෙදර ගිය පිරිස විෂ බැස්සීමේ කැඳට අවශ්‍ය කරපිංචා ඇතුළු තවත් දේද, අඹරා ගෑමේ ආලේපයට සහ කෂායට අවශ්‍ය වන (කැලෑ) ඖෂධද වහ වහා සොයා ගෙනාවෝය.

ප්‍රශ්නය ඇතිවුණේ කෂායට “ප්‍රතිවාප” (මීපැණි සහිඳ ලුණු වැනි සංයුති) දමන්නට ගිය කලය. එහි තිබුණේ සියලු ඖෂධ කිරා, “කිරා” බරට සහිඳලුණු දමන ලෙසටය. (එතැන කිරා යනු පුද්ගල නාමයක් නොව පැරණි වහරේ කිරුම් බරය) ප්‍රශ්නය කිරා බරට සහිඳලුණු හොයන්නේ කෙසේද යන්නය. අනිත් අතට කිරා කොහේදෝ ගොස් සිටි බැවින් ඌ සොයා ගැනීමද ගැටලුවක් විය.
ඒකට විසඳුම ගමේ කාරණා කාරණා දන්නා උන්දෑගෙන් අසන්න වූයේය. “කිරා හොයාගන්න නැත්නම් කිරාගේ අම්මගේ බරට ගනිල්ලා, උන්දෑ ගෙදර ඇති,” යන උපදෙස ඔහුගෙන් ලැබුණේය. දෙවැනි ප්‍රශ්නය සහිඳලුණු තොගය ගැනය. යකුන්ට දෙන පිදේනියේ, “දියමස් ගොඩමස්” තබන්නා සේ ටිකක් ගන්නා ලෙසට පිළිතුරු වශයෙන් පැවසිණි.

දැන් සියල්ල හරිය. ඊළඟට තිබුණේ ඇඹරූ බේත කෑ “මුකේ” ගෑමය. බේත් සීට්ටුව කියැවූ වයසක උන්දැ විලක්කු එළියෙන් “මුකේ” යන තැන “මු” යන්න දුටුවේ වෙනත් අකුරක් ලෙසටය. ඒ සමයේ ගමක ලියන්න කියන්න හිටියේ කලාතුරකින් කෙනෙකි. ඒ ගමේ වෙද රාළ හෝ ගණිතයාය. (නැකැත් රාළ) වෙද රාළ පරම්පරාවෙන් ආවෙකි. ගණිතයා හීරළු (සිවුරු හළ) කෙනකුන් හෝ පන්සලක ඇබිත්තියකුව සිටියෙකි.
මොනවා වුවත් බේත ගාන්නම අවශ්‍යය. ඒ බේත ගෑයුත්තේ පිරිමියකුට ගාන්න බැරි තැනකය. ඉදින් ගැහැනු තුන් හතර දෙනෙක් එක්වැ අරුංදෑගේ ඇඳුම උහා පියා බේත ගෑවේලු.

ඔය කතාව කීවේ රජකාලේ සිට පරම්පරාවෙන් පරම්පරාවට පැවැත එන “කෑ මුකේ සර්වාංග වෙද පරම්පරාවේ” උප්පත්ති කතාව (නම පටබැඳුණු හැටි) කීමටය. අදත් පවත්නා ඔය පම්පරාව පසු කලෙක එකම පවුලේ අයියා මලෝ දෙදෙනකු අතටපත් වීමෙන් පසු ආචාර්ය න්‍යායන් මත ඇතිවූ මතභේදයක් කරණ කොටගෙන ගුරුකුල (පාර්ශ්ව)දෙකක් වශයෙන් බෙදී ගියේලු. අද පැවැතෙන්නේ එසේ බෙදුණු අයියා මලෝ දෙපාර්ශ්වයේ වෙදැදුරන් දෙපළගේ පාර්ශ්වයන් දෙකය.

අතීතයේ රජ දරුවන්ට වෙදකම් කළ (මලයාගේ ගුරුකුලය) ඒ කණ්ඩායම මේ දක්වාම රාජ්‍ය බලයට එන කණ්ඩායමට (ආණ්ඩු පක්‍ෂයට-සුමනේ මෙන්) වෙදහෙදකම් කරති.

දෙපාර්ශ්වයේ බෙදීම ඇතිවූයේ පාචනයට (අතීසාරට) ප්‍රතිකර්ම කිරීමේදීය. වැඩිමහල් සහෝදරයා කීයේ ඒ සඳහා පාරම්පරිකව ලත් පරිචය සේම තම මුතුන්මිත්තන්ගෙන් ලද පුස්කොළ ග්‍රන්ථයන්හි (නිඝණ්ඩු)වල පවා නිර්දේශිත “අමුඩ” ප්‍රතිකර්ම ක්‍රමය හෙවත් අමුඩ ගැසීමේ වෙදකම අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂ බවයි.
ආමාශයේ සිට බහිස්‍රාවීය පද්ධතිය දිගේ කෙතරම් වේගවත්ව එන ප්‍රවාහයක් වුව නවතා දැමීමට හොඳ දළ රෙදිකඩක් අඹරා (අධෝ) මාර්ගය අවුරා තදවෙන්නට බැන්ද කලට ඉතින් “නෝහෙල්ලුං පොල්මැල්ලුං” බවයි.

මේ ක්‍රමය අත්දුටු, ප්‍රත්‍යක්‍ෂ එකක් බව රාජපක්‍ෂ සංහිතාවේ ඇති බව ලොකු (වැඩිමහල්) වෛද්‍යවරයාගේ මතය වූවේය. එහෙත් සිය වැඩිමහල් සොහොයුරාගේ යල්පිනූ ඒ ක්‍රමය බැහැර කළ මලනුවන් පවසන්නේ රනිලෝත්කුලභූත වික්‍රමසිංහානුභාවෝද්ගත භේසජ්ජ ගුණපුණ්ඩරීක මංජුසාවේ” තොපට කෙළිඤ්ඤං වග්ගයේ දැක්වෙන ඇඹට ප්‍රතිකර්මයම උත්කෘෂ්ට බවයි.

සාගලික කේවට්ටාචාර්යතුමාගේ ගැටපද විවරණය අනුව “ඇඹටය” යන්නට “මූඩිය” සහ “කොරොප්පය” යන පදද “පරියාය” (සමාන) වන්නේයැයිද, එහි අර්ථ පහයන ආචාර්යවරයාණෝ “කිරල් මූඩියක්” ගැසීම මැනවයි යන්න දක්වා ඇත්තාහයි ද නිදසුන් කොට පෙන්වාලූහ. ඒ අනුව පැහැයෙන්නේ අතීසාරයට අමුඩ ක්‍රමයට වඩා ඇඹට ක්‍රමයම යෝග්‍ය බවයි.

ප්‍රවාහය නිකුත් කෙරෙන වේගයට මෙන්ම මාර්ග මුඛය අඩුවැඩිවන විශාලත්වයට අනුවද ප්‍රසාරණය වන (පිම්බෙන) සහ සංකෝචනය වන (ඇකිළෙන) මට්ටමේ බඩුද (ඇඹට, කොරොප්ප, මූඩි) විවෘත වෙළෙඳ පොළේ ඕනෑ තරම් එවේලබල් බවයි.

ඔය කවරක් නිවැරදි වුවත් මේ වනවිට රට කරවීමේදී ක්‍රියාත්මක වන්නේ මලනුවන්ගේ අනුශාසනා උපදේශන බව පැහැදිලිය. ආසන්නම උපදේශනය ක්‍රියාත්මක වන්නේ රටේ උද්ගතව පවත්නා ‘අයිස් වැනි මත්කුඩු’ මර්දනය කිරීමේ උපාය මාර්ගයටයි. මේ වන විට රටේ දසදෙස පාසල් දුවා දරුවන් මැද්දේ මත්කුඩු රකුසා ‘කස්තිරං’ අල්ලන හෙයින් කෑමබීම බෙහෙත් හේත් ළදරු කිරිපිටි මේ සා කී නොකී අත්‍යාවශ්‍ය ආහාර ගැටලු සියල්ල අමතක හෝ නොමතක හෝ (වචන වැරැදි නම් දක්වත්වා) මේකා මර්දනය කළ යුතු බවට පාර්ලිමේන්තුවේ පවා කෑමොර දේ. රටේ පාසල් දරුවන් ගලවා ගතයුතු බවට ඔටුන්න හිමි කුමරුවාණෝද මුහුණු පොතේද මොකේද මොකක්දෝ දමා ඇත්තාහ.

ඇමැතිකමක් නොවූ කල (සමයේ) නාරාහේන්පිට පොළේදී හොටු සූරසූරා ඇඬු පසුව මේ වනවිට අද්දියාපාන ඇමැතිකම ලබා සිටින (සු)සිල් උන්නැහේ එදා මට්ටමට මඳක් අඩුවෙන් කඳුළු වක්කරමින් පාසල් දරුවන්ගේ කෑමපෙට්ටි, පොත් මලු ඇදපැද බලන්නට පිත්තල බොත්තං මහත්වරුන් යොදවනු ලැබුවේය. දැැන් පාසල්වල ගුරුවරුන් දෙමාපියන් සජ්ජීතව පාසල් කමිටු පිහිටුවන්නට යයි.

“මහත්තයෝ තමුන්නැහේ බුද්ධිමත් කෙනෙක් නොවැ, රටේ කුඩු නවත්වන්න නං කරන්න ඕනෑතරං වැඩ තියේ. දැන් ඔය කරන්නේ සද්ධර්ම රත්නාවලියේ කියන පය බරවායට පිටිකර බෙහෙත් බඳනා සේ, බුරුලුතබා අඟින් කිරිfදා්නා සේ වැඩය. පොදු වහරේ කියන හැටියට නම් අහවල් එක හංගාගෙන අහවල් එකෙන් අහවල් වැඩේ කරන එක හෙවත් කුඩේ කිහිල්ලේ ගසාගෙන අතින් පහර දෙන්නා සේ වැඩකි. පටන් ගන්න ඉතා හොඳම ස්ථානය නම් ඔබ ඉන්න තැනය. ඔතැන සිටින දෙසිය විසිපස් දෙනාගෙන්ය.

අපේ මෑන් “රංජා-රන්ජන් රාමනායක” පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම ලේ මූත්‍රා පරීක්ෂා කරගන්නට අභියෝග කළා මතකද? එයා සියලු බරපැන දරන බව කීවාත් මතකද? පාර්ලිමේන්තුවේ ඉන්න වැඩිදෙනකු කුඩුකාරයෝ කියලා බය නැතිව අභියෝග කරන්නෙත් ඒ හින්ද කියලනෙ කීවෙ. ඉතින් කවුරුවත් අභියෝගය භාරගත්තෙ නෑ. භාරගත්තනං කෙළවුන්ස් තමයි.

ඔය මීගමුව පැත්තෙ කංසද? වංසද? කියල හාදයෙක් කුඩුකිලෝ ගණනාවක් එක්ක හමුදාවෙන් ඇල්ලුවා. මොකද වුණේ හලෝ, අමුතුවෙං කියන්න ඕනැ නෑනේද? දැන් හතර හංදි පණ නැතුව ඉන්න ලොක්කා මතකනේ. මිනිහට අරූ බේරාගන්න තිබුණු හදිස්සිය කියනවානං, පාරෙ වාහනෙන් නොගිහින් ගියේ හෙලිකොප්පරෙන්. ගිහිල්ල මොකද කෙරුවෙ හලෝ. අරූ බදාගෙන කිරිපල්ලත් එක්ක ඉම්බලු. හමුදාවෙ යාළුවෙක් කීවෙ අල්ලපු හමුදාවෙ අය ඒ දිහා දත්මිටි කකා බලාඋන්න කියලයි.

ඔයාට මතකද ගම්පොළ පැත්තෙ අරූ. අරූ කීවෙ අර එක්කෙනාට. මිනිහ මැරිල හින්ද මට නමත් මතක නෑ අනේ…මූ..මූ. කීවට මූ අරුක්ගොඩ නෙමෙයි… මූ කියන්නෙ අරූට. මිනිහගෙ හොඳම ගජයෙක් තමයි පළාතෙ නගරෙක හිටිය ලොක්ක. එයාගෙ යට තට්ටුවක් පාකිස්තානෙ හිටිය. ඒක එහෙ හොඳ සල්ලි කඳක් එක්ක පයුරු පාසානෙ පැවැත්තුව.

ඒ පාකිස්තාන්කාරයා කීප සැරයක් ලංකාවටත් ආවලු. මු ඌගේ පවුලේ කෙනෙක් මැතිවරණයකට ඉදිරිපත්වෙච්චි වෙලාවකදී පාකිස්තාන්කාරයා ඇවිත් මූ ඌගේ ගෙදර සති ගානක් දන්සලක් දුන්නලු. චන්ද දායකයින්ඩයි උදව්කාරයින්ඩයි. බොන්න නෙමෙයි පීනන්නලු තිබුණේ.

ඊට පස්සෙ ගෙවල් උපකරණ ඔය වෝල්ටෛල්, ෆ්ලෝටෛයිල්, ටොයිලට්, බාත්රූම් උපකරණ ඇතුළු භාණ්ඩ පුරවපු නැවක් ලංකාවට පාකිස්තානෙන් ඇවිල්ල තියෙනවා. අහවලාගෙ නමට. ඒකෙ බඩුත් තිබුණලු. අත්අඩංගුවටත් ගත්තලු. හැබැයි ඒවා පාන්පිටි උණාලු. පෞද්ගලික කාර්යමණ්ඩලයෙ ලේකම් කෙනකුගෙ ඇඟ උඩින්ගියාලු. සුසිල් මහත්තයො දන්නෙ නැත්නං ඔන්න ඕව දැනගන්න.

තවත් එකක්. සුසිල් මහත්තයා දැන් පාසල් දරුවන් අතරෙ “බඩු” අල්ලන්න අවශ්‍ය වාහන රේගුවෙ තියෙන ඒවගෙන් දෙන්න යනවලු. මොකක්ද දන්නෙ නෑ අදින්න යන “උට්ටලම”. එහෙම කියන්න හේතුව දන්නවද? ඕං එහෙනං අහගන්න. කෑගල්ල දිස්ත්‍රික්කෙ, කෙහෙල්වලට ප්‍රසිද්ධ නගරෙක පොලිසියක් ආසන්නෙ ප්‍රධාන පාරක් හරහා පනින්න ගිය තරුණයෙකු (රැකියාව ගඩොල් කැපීම) ඊ ගහේ වේගෙට ආපු ඩිෆෙන්ඩර් එකකට යටවෙලා කකුල කැඩුණා. නවත්තපු වාහනෙන් බැහැල ආවෙ රටේ ප්‍රභූවරයකුගෙ ආරක්‍ෂක භටයො. තමන් කාගෙ කවුරුද කියල ඒ අය පොලිසියට කීවා. එතෙන්ඩ එකතුවෙච්චි අයටත් කීවා. හදිස්සි ගමනක් යන්නෙ කියල යන්න ගියා.

ඒ සිද්ධිය එතැන කැමරාවකත් සටහන්වෙලා තිබුණා. තුවාලකාරයාගෙ පාර්ශ්වය පොලිසියෙ පැමිණිල්ලකුත් දැම්ම. එච්චරයි.
ඔතැන හිටිය බය නැති මාධ්‍යවේදියෙක් සී.සී.ටී.වී. කැමරාවල පිංතූර පරීක්‍ෂා කරලා වාහනේ අඳුනාගෙන වැඩිදුර හොයල බැලුවා. වාහනේ ජාත්‍යන්තර රතු කුරුසෙට අයිති එකක්ලු. සුනාමි ව්‍යසනේට උදව්වට ආපුව. වැඩ ඉවර වුණාට පස්සෙ යවන්න තිබුණත් විසි ගණනක් යවල නැතිලු. ඇත්තට ඕවා කවුරු ළඟද තියෙන්න? පුළුවන්නං හොයල බලන්න.

ඔය ටික කීවෙ පාසල් කමිටුවලට ලැබෙන්න යන වාහන ටිකටත් මක්ක හරි වෙයි කියල.“වෙහෙරක් ගිලගත් එකාලට අග්ගලාව කජ්ජක්ද? කියන එකත් අහල ඇතිනෙ…”

දුම්මැස්ස කියල අනුන්නෙ කිරිපල්ල අතගාල වැඩක් නෑ සුසිල් මහත්තයො. ඒ වගේමයි, හැට්ටෙට (බ්ලවුස්) පිටිං තනේ අතගාලා වැඩකුත් නෑ. දෙපාර්ශ්වයටම මෙලෝ රහකුත් නෑ. අතගානව නං හැට්ටෙ ගලෝලමයි අතගාන්න ඕනැ. අර කවියක් ලෝවැඩ සඟරාවෙද කොහෙද තියෙන්නෙ.
“මස්ලේ නැති ඇට බලු ලෙවකන්නේ – කුස පිරුමක් පලයක් නොලබන්නේ” කියල.

ඒ නිසා පාසල් දරුවන් කුඩුවලින් බේරගන්න ඒ දරුවන් පරිහරණය කරන දේ ඇදල පැදල බලල වැඩක් නෑ. මහ එවුන් කුඩු ගෙන්නන එක නවත්වන්න. භාරත පේමචන්දර උන්නැහැගෙයි, අර පිස්සු හැදිල හිටපු, ඔළුවෙ පර්චස් භාගයක් ගැලවුණාට පස්සෙ සභාපතිකංවලටද? රාජ්‍ය ඇමැතිකංවලටද? සුදුසුවුණු එකාගෙයි අතරෙ ආරාවුල ඇතිවුණේ මොකේටද කියල ගළපල බලන්න හොඳේ. ඒ ගැන රට්ටු නං දන්නවා.
ඔයා දන්නවද? අනේ මේ රටේ කුඩුවල අනර්ථය ගැන එක වචනයක්වත් නොfදාඩන “නාලිකා” තියෙන බව.

අපේ තාත්තා රජයේ නිලධාරියෙක් උනාට වේලක් නොකා වේලක් කන්න වත්කමක් තිබුණා. තාත්තගෙ හොඳම යාළුවට රඹුක්කන නගරෙ සාප්පු සංකීර්ණේතුත් (කඩවල් දෙකතුනක්) තිබුණා. ඒ වාගෙම රටේ පළාත් කීපෙකම ප්‍රසිද්ධ බිස්කට් නිෂ්පාදන ආයතනයකුත් තිබුණා. ඒක කළේ බේකරි නිෂ්පාදනවලට අමතරව.

1989 කාලෙ සහෝදරයො කඩවල් වහන්න කියාපුවාම අර වෙළෙඳ සංකීර්ණෙත් වැහුවා. එයාගෙ ගෙදර තිබුණෙ නගරෙන් හැතැප්ම හත අටක් ඈත. කඩවල් දෙක තුන බලාගන්න ඕනැ නිසා අයිතිකාරයා (තාත්තගෙ යාළුව) මුරට හිටියා. එතකොට තාත්තත් විශ්‍රාම ගිහිල්ලා. අපේ විරුද්ධත්වය මැද්දෙ වුණත් තාත්තාත් යාළුවාට තනි රකින්න එයත් එක්කම රෑ දවල් හිටියා. ටවුම සොහොන් පිට්ටනියක් වාගෙ පාළුයි.
ඔය අතරෙ වහපු කඩ අරින්න කියල ආමි එකෙන් ඇවිත් තුවක්කු දික්කරල කීවා. ඇරියා. ඔවුන් ගියාට පස්සෙ සහෝදරයො ඇවිල්ල තුවක්කු වනල වහන්න කීවා.වැහුවා.

ඔය වන විට සහෝදරයො නගරෙත්, පළාතෙත් දහපහළොවක්ම පරලොව යවලයි හිටියෙ. ආයෙත් හමුදාව ඇවිත් අපේ තාත්තටත් එක්ක වෙඩිතියන්න හදල තුවක්කු දික්කරල මුදලාලිට (වයස හැත්තෑවක් විතර ඇති. තාත්තටත් එහෙමයි) තර්ජනය කළා. එතකොටම “බරබරාස්” ගාල සද්දයක් ආව.අපේ තාත්තගෙ යාළුවට සරමෙම මලපහ වෙලා.

ඉතින් “ගොයියො” ඔය කතාව කීවෙ ඇයි දන්නවද? අපේ ගම්වල මිනිස්සුන්ගෙ හැටි සුබාවෙ කියන්න.
පොලිසිය හමුදාව දකිනකොට ඉහනිකට පැහුණු අපේ උදවියටත් ඔහොම නං, ඉස්කෝලෙ යන අපේ “කිරිසප්පයන්” ගැන මොනවද? කියන්න තියෙන්නෙ.
ඔහේටයි, ඔහේගෙ මහ එවුන්ටයි ඕව ගැන කියල දෙනවාට වැඩිය අපේ ආච්චිට හාල්ගරන්න කියාදීම නං මට පහසුයි…”

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ආශු මාරසිංහගේ බලු කේස් එක රටට හෙළිකරපු හිරුණිකාම ආශුගේ බලු කේස් එක රහස් පොලිසියට අරන් යයි! (VIDEO)

Next Post

මිනිස් ඉතිහාසයේ කරපු ලොකුම වැරැද්ද දුම්කොළ මධ්‍යසාර නීතිගත කිරීම! ආණ්ඩුවේ මාධ්‍ය හමුවට ඇවිත් ගංජා නීතිගත කරන්න යන ආණ්ඩුවේ තීන්දුවට ආණ්ඩුවේම සභාපතිවරයෙක්ගෙන් දැඩි ප්‍රහාරයක්! මේවා කරන්නේ පහත්-යැපුම්-මුදුන් මුල් කපලා දාපු අය! අපි බලමු කව්ද මේකට පාර්ලිමේන්තුවේ අත උස්සන්නේ කියලා! (VIDEO)

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.